
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියන්) 182ක්ද සිටින බව වාර්තාවේ.
මේ අතර විශ්‍රාම වැටුප අහිමිවන පිරිස අතර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වුණු පනහකට ආසන්න පිරිසක්ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව මේ අයට මුල් තනතුරේ විශ්‍රාම වැටුප මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ විශ්‍රාම වැටුපද අහිමිවී කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති අයකු බවට පත්වනු ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සතියේදී පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය.
විධායකයට අධිකරණයට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නම් ව්‍යවස්ථාදායකයට පමණක් විශ්‍රාම වැටුප කප්පාදු කිරීම අසාධාරණ බවට එම මන්ත්‍රීවරුන්ගේ නීතිඥයන් විසින් මෙහිදී තර්ක කෙරෙනු ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද ඉදිරිපත් වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසූවේ මෙරට අධිකරණ පද්ධතියෙන් සාධාරණයක් නොලැබුණහොත් ජාත්‍යන්තර අධිකරණයට යන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතය.
එම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ අතර විශ්‍රාම වැටුප අහිමිවන පිරිස අතර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වුණු පනහකට ආසන්න පිරිසක්ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය." ඔලුවට පිස්තෝලයක් තියලා මෙහෙම කරන්න කියලා කියපු හින්දා මේ අය මෙහෙම කරලා තියෙන්නේ.
සල්ලි හොරකම් කරලා පොදිගහගන්න දේශපාලනේ කරන්න එපා. ප්‍රතිපත්ති හදලා, රට දියුණු කරන්න නියම කැමැත්තක්, කැපවීමක් තියෙන අයට පෙන්ෂන් හම්බුනත් නැතත් එකයි.
ඉතාම හොදයි... රටට මෙච්චර වෙලත් හිටපු දේශපාලකයන්ට විතරක් සැප.
මහජන සේවයට වැටුප් ගත්තාට කමක් නෑ. ඒත් ලංකාව බංකොළොත් බව ලැබූවේ ඔය හිටපු මැති ඇමැතිවරුන් හිටපු කාලයේ නේද? ඔවුන් රට බංකොළොත් බව කිරීමට දායකත්වය දුන් අය...
ඉතාම අගය කළයුතු දෙයක්.
මේ කෙටුම්පතට පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගනියි ද නැද්ද කියන එක මට අදාළ නැහැ. nnp ආණ්ඩුවට 159 තියෙන හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව සම්මත කරගන්න පුළුවන්. දැම්ම ඒ ගැන තීරණයක් දීම හරියට "මුහුද හත් ගව්වක් තියෙද්දි අඹුඩෙ ගහනවා" වගේ වැඩක්.
ක්‍රියාත්මක කරනවා නම් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 225 ඇතුළත්ව කරන්න.
පැලවත්තේ අරමුදලෙන් වැටුප් ගන්න අය මෙහෙම පනත්, යෝජනා ගේන්නේ අනෙත් පක්ෂ දේශපාලනය වනසලා ඔවුන්ගේ තනිපක්ෂ ඒකාධිපති ආණ්ඩුවක් හදන්න මිසක් මහජනතාව ගැන තියෙන ආදරේකට නොවෙයි.