
(මනෝප්‍රිය ගුණසේකර)
කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඬුවම් අද (10) නියම කළේය.
කෑම දැමු බාල්දියේ ව්‍යාජ ලෙස සකස් කළ පතුලක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී බන්ධනාගාර බුද්ධි අංශයේ රාජකාරී කළ දසනායක නමැති නිලධාරියාට ඇතිවු සැකයක් මත මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගනු ලැබු දේවරාජා ලෝරන්ස නමැති 25 හැවරිදි තරුණයාට මෙලෙස දඬුවම් නියම කෙරිණී.
හෙරොයින් ජාවාරමේ යෙදී සිටි විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 25ක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
2019 දෙසැම්බර් 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ලේදී හෙරොයින් ග්‍රෑම් 25.094 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුගේ මිතුරෙකු බැලීමට පැමිණ ඇති බවත් විත්තිකරු මිතුරාට දීම සඳහා මස් සහ බත් දමා සකස් කළ ආහාර බාල්දියක දමාගෙන විත් ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වු අතර එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ දසනායක නමැති නිලධාරියාට ඇතිවු සැකයක් මත කෑම වර්ග වෙනම භාජනයකට දමා කෑම ගෙනා බාල්දිය පරීක්‍ෂා කළ විට එහි ව්‍යාජ ලෙස සකස් කළ පතුලක් ඇති බව අනාවරණය කරගෙන ඇතැයි හෙළි විය.
එම ව්‍යාජ පතුල පරික්‍ෂා කිරීමේදී එහි සඟවා තිබු හෙරොයින්, ජංගම දුරකථනයක් සහ උපාංග තිබී සොයා ගෙන ඇති බවත් අනාවරණය විය.
පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරා දුන් ඇමතුමකට අනුව ඔහුගේ නිවසට ගිය විට ත්‍රීරෝද රථයකින් එහි පැමිණි පිරිසක් කෑම සහිත බාල්දියක් දී එය මිතුරාට දෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව තමන් බන්ධනාගාරයට ගොස් එය මිතුරාට දුන් නමුත් එහි හෙරොයින් ඇති බව තමන් දැන නොසිටි බව පැවසුවේය.
විත්තිකරුගේ විත්ති වාචකය පිළිගත නොහැකි බවත් එය නඩුවෙන් ගැලවීමට ගොතන ලද කතාවක් බවත් තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් තරණය කරමින් විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.
COMMENTS
ග්‍රෑම් 25 ට ජීවිතාන්තය දක්වාද, කිලෝ 100ට වැඩි නම් රටින් පැනගැනීමට ඇපද ලබාදෙනු ලැබේ...!
මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න නම් එවැනි දඬුවම් අත්‍යාවශ්‍ය වෙනවා විමසිල්ලෙන් කටයුතු කළ නිලධාරියා ප්‍රශංසාවට ලක්කළ යුතුයි...
මේ සඳහා වෙනමම උසාවියක් පිහිටුවන්න. එතකොට මේ නඩු කඩිනමින් අසා මොවුන්ට දඬුවම් කළ හැකියි නේද?
මේ මනුස්සයාට සල්ලි නෑ. හාස්‍යයට කරුණ නම් ඇප ලබා ගැනීම පමණක් නොව සියලු දෙනාගේම ආශිර්වාදය මැද රටින් පිටවන ජාවාරම්කරුවන් සිටීමයි..
අවුරුදු 25යි. මුළු ජිවිතයම ඉවරයි. මේවා සමාජගත කරලා ලොකු ප්‍රසිද්දියක් දීලා පිළිකුල් සහගත දේවල් කරලා හෙලා දකින්න ඕනේ. හදිස්සියේ හරි ඒ මනුස්සයා කියන කතාව ඇත්ත නම් අනිත් අයට ඒ වගේ වැඩවලින් වැළකීමට ඒක ලොකු රුකුලක් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය හා දුෂණය නොවළක්වා රට ඉදිරියට ගෙනියන්න අමාරු වෙයි. අඩුම ගානේ වැට උඩ ඉන්න අයට හරි හැදෙන්න. සිංගප්පුරුවේ නම් අනිවාර්යය මරණ දඬුවම