(යොහාන් භාසුර)
වාහනවලට අයකරන අධිභාරය ඉහළ දැමීමට පෙර ආනයනකරුවන් පිරිසක් අක්රමික විදියට අවසන් සතියේ ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කර ඇති බවත් මෙය ඇත්ත වශයෙන්ම ලොකු අක්‍රමිකතාවක් වීම නිසා ඒ පිළිබඳව සොයා බලා පියවර ගනා ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා පැවසීය.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කොළඹදී ඊයේ (21) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී අරෝෂ රොද්‍රිගු මහතා එසේ පැවසීය.
මෙම ණයවර ලිපි විවෘත කිරීමෙන් එක කොටසකට පමණක් මේ හරහා අක්රමික ආකාරයට ලොකු ප්‍රයෝජනයක් වන බවත් ආනයනකරුවෙක්ට මේ ආකාරයට ණයවර ලිපියක් විවෘත කළ පසු වසර දෙක තුනකට හෝ ආනයනය කළ හැකි බවත් ඒ මහතා කීය.
ඩොලර් අර්බුදය නිසා වාහන ආනයනය සීමා කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වුවද මෙම වැනි සිද්ධීන්වලින් එම ඉලක්කය සම්පූර්ණ නොවන බව ද අරෝෂ රොද්‍රිගු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd