
(යොහාන් භාසුර)
‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා නොකළේ එම උත්සවය ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු කීපදෙනෙක්ට සීමාකිරීම නිසා යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) සැපයීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව මෙසේ පැවසීය.
“ඒ සඳහා ආරාධනා කර තිබෙන්නේ ඇත්තටම ගත්තොත් සහභාගි වෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂන නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා, ඒ වගේම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරු විදියට, ජනාධිපති විදියට මැදිහත් වෙන්නේ. ත්‍රිවිධ හමුදාව, පොලිසියේ අයට අමතරව දේශපාලන අධිකාරියේ වෙනත් අයට ආරාධනා කර නෑ” යැයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමවිටම AKD මාලිමා රජයේ විවිධ, වැදගත් වැඩ වලට කකුලෙන් අදිමින්, අකුල් හෙලන මැදමූලන චෞර පරම්පරාවම මෙවන් වැදගත් වැඩ වලට එකතු කර නොගැනීම යහපත් වේ... මයිනා සහ හොර අබ්බගාත නො-මොළයා ඇතුළු පරාජපස්ස පවුල් සංස්ථාවෙ හැමෝම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලින් දුරස් කර තැබීම රටේ යහපතට හේතුවක් වනු ඇත ...
සරත් ෆොන්සේකාට ආරාධනා නොකල එක තමයි වැරැද්ද. හොර ලකුණු දාගෙන, රට සුද්ද කරපු අයට මොන ආරාධනාද!
අපට මතකයි ගිය අවුරුද්දෙ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිනෙ ප්‍රධාන ආරාධිත අමුත්තාට දාලා පස්සෙ මහජන දැඩි විරෝධය හමූවේ ජනාධිපතිට එන්න උනා. අපරාදේ ඕක පැලවත්තෙ රැස්වෙන්න තිබ්බා.
මනමාලයා නැති මගුලක් . රාජපක්ෂ භීතියක් තියෙනවා නේ ඔහේල්ට ඒ කියන්නේ කොට් ගැත්තන්ට.
එහෙම ආරාධනා කරන්න ඕන නැහැ. අපේ රට කෝටි ගණනකින් බේරගත්තේ කයිතනුයි , බැංකු බැංකුයි.
ජාත්‍යන්තර ලොස්, ජාත්‍යන්තර ලොස් වලට අනුව.
ඒක හොදයි අපේ ජනාදිපති. කොහොමත් අඩු වියදමෙන් තමයි වැඩ. නාකි මයිනා එනවානම්. උඩින් හෙලිකොප්ට. කර කවන්න ඕන සතියකට කලින්. පාර දෙපැත්තෙ කඩවල් වහලා මල් පොච්චියක්වත් තියන්න. පොලිසිය හමුදාව. පාර පිරෙන්න ඉන්න ඕන. මොන නාඩගමක් නටන්න ඕනද. ඒ කරලත් ගොබ්බ රෑනයි පෙරක් දෝරුවයි කියන්නෙ ආරක්ශාව මදි හොරා කාපු විදියට.
නිවට හැත්ත . හොඳයි මහින්දට ආරාධනා නොකරපු එක.
දේශපාලන මතවාද පසෙකින් තබා කෘතගුණ සලකීමට ජාතියටම ආදර්ශයක් වෙන්න බලන්න. තමන්ගේ මාන්නය නිසා ඒකත් කරගන්න බැරි වෙයි.
ඕක රණවිරු සැමරුමක්ද, නැත්නම් කවුරුහරි ලියපු දෙයක් කොළයක් බලාගෙන කියවීමක්ද?
අනේ යන්න... ඔබලා නෙවෙයි ඉන්න ඕනේ... රට බේරපු මහින්ද සර්....