IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන  බව  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය  මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (9) පැවසීය.

පවතින ජීවන වියදම සලකා එම වැටුප්  වැඩිවීම දෙන බව පැවසූ අමාත්‍යවරයා අයවැයෙන් එය දැක බලා ගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.

වැටුප් වැඩි කිරීමට ජාත්‍යාන්තර  මූල්‍ය අරමුදලේ  කිසිදු විරෝධයක් නැති බවත්  වැඩි කරන ප්‍රමාණය දැන්ම  කිව නොහැකි බවත් ඔහු කීවේය.   රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් රට පාලනය කළ බවත් ඒ කිසිම අවස්ථාවක රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකළ බවත්  ජයසිංහ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමිනි.

 

 


 

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන  බව  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය  මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ  (9) පැවසීය.

පවතින ජීවන වියදම සලකා එම වැටුප්  වැඩිවීම දෙන බව පැවසූ අමාත්‍යවරයා අයවැයෙන් එය දැක බලා ගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.

වැටුප් වැඩි කිරීමට ජාත්‍යාන්තර  මූල්‍ය අරමුදලේ  කිසිදු විරෝධයක් නැති බවත්  වැඩි කරන ප්‍රමාණය දැන්ම  කිව නොහැකි බවත් ඔහු කීවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක් රට පාලනය කළ බවත් ඒ කිසිම අවස්ථාවක රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකළ බවත්  ජයසිංහ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමිනි.

 



අදහස් (18)

රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වෙයි

නිකං ඉදල Thursday, 09 January 2025 03:42 PM

ආර්ථික අහේනියකට රට වැටිල තිබුණ වෙලාවේ රනිල් පඩි වැඩි කරන්නේ මහින්ද ජයසිංහ ගුරු සංගමේ නිකං ඉදල හම්බ කරපු පඩියෙන්ද.

:       25       66

Dilruk DasanayakeThursday, 09 January 2025 09:14 PM

රනිල් හිටපු දෙපාරෙම 10 000 10 000 වැඩි කරේ වෙන කාට හරිද ?

:       12       31

AbbthimFriday, 10 January 2025 08:26 AM

මහබැංකුව කඩපු එකෙන්...... දෙන්න තිබුනනේ..

:       15       16

P.S. Nilnayani Saturday, 11 January 2025 03:26 PM

රනිල් මහත්තයා මෑතකදි වැඩිකරපු 10 000/= මුල් මාස තුනේ හිඟ 5000/= හේ තුන ඔක්තෝම්බර් ඉඳන් ගෙවනවා කිව්වාට.. අන්තිමේ ඒක දුන්නෙත් නෑ.

:       6       7

Vijesh Thursday, 09 January 2025 05:05 PM

හැමදාම රාජ්‍ය සේවකයන් ගැන විතරක් හිතුවා හැම අණ්ඩුවක්ම. රට විරුවා කිය කියා බොරුවට මුරුංගා ඇත්තේ තියලා නිකන් ඉන්න එපා. රටවල් වල වැඩකරලා ලංකාවට සල්ලි එවපු අයට, ඒ අය එවපු සල්ලි ප්‍රමාණය බලලා උසස්ම සහ අවමයකට යටත්ව විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමයක් හදන්න. ලංකාවේ ජීවත් වෙන්න ඕනෑ රාජ්‍ය සේවකයන් විතරද? රට සල්ලි ටික නැත්නම් අද ලංකාවේ වාහන දුවන්න වෙනේ වතුරින්මයි."

:       6       20

Toni Thursday, 09 January 2025 05:21 PM

සීයා වැඩි කල ටික තමයි හම්බවෙන්නේ . නැතුව අමුතුවෙන් එකක් නෑමේ."

:       10       24

San Friday, 10 January 2025 02:34 AM

යකෝ පඩි වැඩි කළේ රනිලා.. යහපාලනෙදි10,000/=කින් හිටපු අවු.2ට රු.10,000/=කින්.. ඔය ටික වැඩි කළේ නැත්තන් රාජ්‍ය සේවකයන්ට හොම්බෙන් යන්න වෙන්නෙ මේ වෙනකොට. මහින්ද ජයසිංහ කටකින්ද ඕවා කියන්නෙ.. ගුණමකුකම

:       3       36

.s.kuMari Friday, 10 January 2025 06:12 AM

රටේ වගකීමක් සහිත සහ අවධානය යොමු විය යුතුම පිරිසක් ලෙස කටයුතු කරන මුල් ළමාවිය සංවර්ධන ගුරුතුමියන් ට ලැබෙන වරප්‍රසාද මොනවද?

:       6       3

නිර්පාක්ෂික Friday, 10 January 2025 06:31 AM

රනිල් 2005 වැඩි කරපු 10000 සහ ගියවර ආර්ථික අර්බුදය මැද රු. 10000ක දීමනාවක් දුන්නා. දීපු දේ නෑ කියන්න තරම් කුහක වෙච්ච රජයේ නිධාරින් ඉන්නව ඉතිං. උදය කමිටු වාර්තාව හදල පඩි වැඩි කරන්න යද්දි රජයෙ නිලධාරීන් ම ඒක එහෙම නෙමෙයි බොරුවක් කියල මත හැදුවා. නැත්තං අය වැය වෙනකං ඉන්න ඕන නෑ ගියමාසෙ ඉදන්ම වැඩි වෙලා.

:       1       17

K.Thilak Priyantha Friday, 10 January 2025 06:44 AM

විශ්‍රාමිකයන් ට මොකුත් නැද්ද .?

:       4       8

සාලිය Friday, 10 January 2025 07:37 AM

රජයේ සිස්ටම් හරිම පරක්කුයි, grn, mtn, approval, අරක මේක කියලා හැම දෙයක්ම පට්ට පදිරි පරක්කුයි. Communication අවුල්. Monitoring අවුල්. Proactive නෑ. Data storage නෑ. මේවා හරියට හැදුවා නම් ගොඩක් හොදා, පඩිත් වැඩි කරන්න. සමහර scheme තියනවා දේශපාලන උවමනාවට විසි වතාවක් විතර වෙනස් කරලා.

:       2       5

PRASANNA Friday, 10 January 2025 08:28 AM

රාජ්‍ය සේවය පමණක් හුරතල් කරමින් ඉන්න .අනික් සේවකයෝ අපතයෝද

:       2       15

සිල්වා Friday, 10 January 2025 02:42 PM

රජයේ සේවකයින්ට වැඩි පඩි... මහජනතාවට වැඩි බදුබර...!

:       1       8

Chaminda Friday, 10 January 2025 06:33 PM

දැන්නම් අවශ්‍යතාව ඇත්තෙන්ම තියෙනවා. අස්වැසුම හෝ කිසිවක් නැති රටේ උන්නතියට දායක වන අයට මේක ලොකු හයියක්... වෙයි

:       5       3

Srimali Sunday, 12 January 2025 09:15 AM

ඇයි මාණ්ඩලික නිලධාරීන්ට විතරක් 25,000ක් වැඩි කලේ

:       0       1

Aravindi Sunday, 12 January 2025 12:05 PM

රාජ්‍ය සේවකයා හැම අතින්ම අසරණයි. රජයේ දෙන දේවල් දෙන්නෙත් නැහැ. ඒ මනුස්සයින්ගේ පඩිය හරියට දීපු දේවත් දෙන්නේ නැහැ. දැන් මොවුන්ට කරන්න ඕනේ ගෝඨාට කරපු වැඩේ තමයි..!

:       5       2

නන්දන Sunday, 19 January 2025 10:59 AM

ජීවන වියදම බලපාන්නේ රජයේ සේවකයින්ට විතරද? රජයේ සේවකයින්ට ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩි කෙරුවාම ඒ වැඩිවන රජයේ වියදම් පියවන්න අනිත් අයට රැඳවුම් බද්දයි, අරකයි, මේකයි කියලා බදු වැඩි කරනවා. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන්න අවශ්‍ය නම් ඔය වැඩිපුර ඉන්න රජයේ සේවකයින් ඉවත් කරන්න. එසේ ඉතිරි කරගන්න මුදලින් ඉන්න අයගේ පඩි වැඩිකරන්න. මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබන දුම්රිය සේවය අවුරුද්දකට කීපාරක් වැඩ වර්ජනය කරනවාද බලන්න..? මේක කාලකන්නි රටක් කරන්න එපා. ජීවන වියදම වැඩි නම් ඒක අඩු කරන්න...

:       1       3

Latha Monday, 27 January 2025 09:23 AM

රජයේ සේවයේ තියෙන්නේ අතිරික්තයක් . ඉන්දියාවට සමානුපාතිකව දහගුණයකට විතර වැඩියි. තව ටුප් වැඩි කරනවානම් ආර්ථිකය යන්නේ කොයිබටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29258 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18221 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11539 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 716 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site