
මිය ගිය එකම පවුලේ සිව් දෙනා(ඡායාරූපය-බිමල්ශ්‍යාමන් )

(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ මීගොඩ බැද්දෙගෙදරමුල්ල මංසන්ධිය ආසන්නයේ වෙසක් පොහොය වෙනුවෙන් පවත්වාගෙන ගිය රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය වීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
අදාල අනතුර ඊයේ (31) දින මධ්‍යම රාත්‍රීයට ආසන්නයේදී සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ තවක් පුද්ගලයින් සිව් දෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු පිලියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකි.
මිය ගිය අයගේ දේහයන් හෝමගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අද (01) දින සිදු කිරීමට නියමිත වේ.
අදාල අනතුරින් පසු පලා ගිය කැබ් රථය ගොඩගම ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අත් අඩංගුවට ගෙන සහ එහි රියදුරු මීගොඩ පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත.
එම රියදුරු මත්පැන් පානය කර සිට ඇතැයි ද යන්න පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත වේ.
අත් අඩංගුවට ගත් සැකකරු හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්කාරයෝ ටික හිනාවෙන්නේ මැරුණු ගාන හයක් මදි වගේ...
ඛේදනීය අවස්ථාවක් ඡායාරූපයේ නිලධාරීන් සිනාමුසුව, AI ද , දෙපාර්තමේන්තුවට හොඳ නෑ....
මේ වගේ ආගමික දිනවල බාර් වහන්න ඕන. මස් මාලු විකුණන එකත් නවත්වන්න ඕන.
හොඳ වෙලාවට රන්වල අතින් කවුරුවත් මැරුනේ නැත්තේ. නැත්තම් මත්පැන් බීලද කියලා පොලීසිය පරීක්ෂා කරනවා.
රොටි දන්සල් තහනම් කරමු!
මාර්ග හදල තියෙන්නෙ වාහන ගමනාගමනයටනේ... ඉතින් දන්සැල් පාර අයිනේම හැදුවාම දෙපසටම යන වාහන මාර්ගයට බාධාවෙන්න දෙපසේ නවත්වලා දන්සැලට යනවා පෝලිම යන්නෙත් පාරෙ අම්මගේ අප්පගේ බූදලයක් පාවිච්චියට ගන්නවා වගේනේ... මේකට පාරෙ පටු තැනක දන්සැල් දුන්නු අයත් දෙපස වාහන නවත්වලා තිබුණා නම් ඔවුනුත් දන්සැල් පවත්වන ස්ථානය ගැන නොසොයා දන්සැල් ලියාපදිංචි කළ අයත් යම් තරමකින් හෝ මේවාට වගකිව යුතුයි කියලා තමා හිතන්නේ... මින් ඉදිරියටවත් දන්සැල් ලියාපදිංචි කිරීමේදී ස්ථානීය පරීක්ෂණයක් කර සෞඛ්‍ය නිළධාරින්ගේ හා පොලිසියේත් අනුමැතියක් ඇතුව දන්සැල් ලියාපදිංචි කරනවා නම් ඉතාමත් හොදයි...
ඉතාම කණගාටුයි...
හැමදාම බැලුවොත් ලන්කාවේ රිය අනතුරු වලින් නම් අඩුවක් නැහැ. හරිම කණගාටුදායකයි. මියගිය අයට නිවන්සුව අත්වේවා...
@Chinthaka, ඇත්ත. අර බීලා හිටපු කැබ් ඩ්‍රයිවර්ගේ කිසිම වැරැද්දක් නෑ. අනික දන්සල් ලඟින් වෙසක් වගේ දවසක කිසිම ඩ්‍රයිවර් කෙනෙක් හප්ප ගන්නැතුව යන්නේ නෑනේ.
දන්සල් පාරවල් අයිනේ දීම තහනම් කර, ස්ථිර ගොඩනැගිල්ලක හෝ පිට්ටනියක දිම අනිවාර්ය කළ යුතුයි...
Lakvidu, හොඳ අදහසක්.... පෙරහරක් යනකොටත් පිට්ටනියක යන්න නීති ගේන්න අවශ්‍යයි...