( ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් 08 දෙනකු  ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර සිසුන් 06 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සිටින බව විශ්වවිද්‍යාලයන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසීය.

එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිරිපස ගලහා හන්දිය ආසන්නයේ කිරි අලෙවිසල අසලදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රදේශය අවට බඹර වඳයක් දර්ශනය නොවන බැවින්  අවට බඹර වඳයක් ඇත්නම් එය ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු කරමින් සිටින බව විශ්ව විද්‍යාල ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.