
( සිතුම් චතුරංග)
මුලතිව් හා වවුනියාව මායිම්ව ආරම්භ කිරීමට නියමිත ‘කිවුල් ඔය‘ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (02) වවුනියාව නෙදුන්කේණි නගරයේ විරෝධතාවක නිරත වූහ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මහවැලි එල්. කලාපය යටතේ මුලතිව් සහ වවුනියාව ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කිරීමට නියමිත බවත් ව්‍යාපෘතියෙන් දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමිවන බවට පවසමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායකයින් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු මෙම විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාව හේතුවෙන් නෙදුන්කේණි නගරයේ කඩසාප්පු වසාදමා තිබූ අතර ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩිකොට තිබුණි.
වවුනියාව නෙදුන්කේණි ප්‍රදේශයෙන් ආරම්භ වී මුලතිව් කෝකිලායි ප්‍රදේශයෙන් මුහුදට ගලායන මා ඔය ආශ්‍රිතව‘කිවුල් ඔය‘ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර 2011 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 50000 අධික ප්‍රමාණයකට පානීය ජල අවශ්‍යතා සපිරෙන අතර ගොවීන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට වගාවන් සඳහා ජලය ලබාදීමට අපේකෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තමයි නියම ජාතිවාදියෝ. දෙමළ ජනතාව කොච්චර ඉන්නවාද? සිංහල ජනතාව එක්ක. අනිත් එක මේ ප්‍රදේශයේ ජන ඝණත්වය ඉතා අඩුයි, ඉඩම් මිලත් අඩුයි. ඒ වගේ පැත්තක සිංහල පවුල් කීපයක් පදිංචි කරත් මොකද?
පටු දේශපාලනය... මන්නාරම ධනුෂ්කොඩි පාලමටත් මේ වගේම විරෝධය පළකරනවා නොවේද?
හැම ජාතියටම සමානව සලකනවා කියන ආණ්ඩුව බලමු මේකට ප්‍රතිචාර දක්වන හැටි....