
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
අගවිනිසුරු ධූරයට ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා දිවුරුම් දුන්නාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක වන ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.
නීතිපති දෙපාර්තමේන්තුවට 1985 වසරේදී ජනාධිපති නීතිඥවරියක ලෙස සම්බන්ධ වී ඇති ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් වරියක ලෙසත් උසස් වීම් ලබා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියක වන ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්ව ඇත්තේ 2018 වසරේ මාර්තු මස 9 වැනිදාය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ලබන දෙසැම්බර් මස 02 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
Perera Sunday, 17 November 2024 10:56 PM
මොරටු දියණියක්...!