
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.
මෙම සමරු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු උත්සවයේ අසුන් ගෙන සිටියහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද මෙහි වෙති.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි මිනිහට දාව ඉපදිච්ච කාලකන්නි පුත්තු හතර දෙනා මේ රට විනාශ කරලම දැම්මා.
අපිව කෑවා....
සතුරු කැලම සඳලුතලේ හිඳිති මධු බිබී
ඔය මිනිහා බණ්ඩාරනායකට ගොට්ට අල්ලපු එකෙක් මිසක් ඔය පුම්බලා පෙන්නන්න හදන මහ ලොකු චරිතයක් නෙවී
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු ,රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පුත්තු පියාගේ ගුණ සමරනවා.
එතකොට අර පැනලා ගිය පුතා, මොළ හතේ පුතා. එයාලා මේකට ආවේ නැද්ද.? අහෝ පොහොට්ටුව.
සතුරු කැලම සදලුතලේ හිදිති මධු බිබී
මෙගොලෝ තමයි අපේ අනාගත පරපුර නන්නත්තාර කරේ.
වඩා සැප ලැබුනම තියෙන සැපත් නැතුව යනවලු.