
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේදී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වීඩීයෝ සහ ජායාරූප ගත කර තම ජංගම දුරකථන තුළ තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිට , ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණි .
මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු ද සිටින අතර ඉතිරි පිරිස මෙරට විවිධ ප්‍රදේශ වල පදිංචි පිරිමි පුද්ගලයන් 19 දෙනෙකි .
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා එම ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි .
ඉන්පසුව කාළගුණික තත්වය යහපත් වූ පසු මෙම ගුවන් යානා දෙක මත්තල සිට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අදාල පොලිස් ස්ථාන වෙත භාර දීමට පියවර ගන්නා ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව 21 කට කෑම බීම ජනතාව ගානේ.
ආණ්ඩුවට විශේෂ කීර්තියක් ලබාදෙන්නද දන්නේ නැහැ, විශේෂණ ටිකක් දාලා “21 දෙනාම” ලංකාවේ විවිධ අපරාධවලට සම්බන්ධයි කියලා සඳහන් කරලා තියෙනවා. හොඳට හොයලා බලලා සත්‍ය කරුණු දැනගෙන වාර්තා කරනවා නම් තමයි වඩාත් හොඳ.