(සුජිත් හේවාජුලිගේ)

ගිනි අවි බලපත්‍ර මෙම වර්ෂය වෙනුවෙන් මෙතෙක් අලු‍ත් කර නොමැති අය සහ ආයතනවලට එ් සදහා පෙබරවාරි මස 10 දක්වා තවදුරටත් කාලය දී අැතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි අයට සහ ආයතන වලට 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමට දී තිබූ කාලය පසුගිය ජනවාරි මස 31 න් අවසන් විය.

මේ අනුව පෙබරවාරි මස 10 පෙර සිය ගිනි අවි බලපත්‍ර අලු‍ත් නොකරන සියලු‍ ගිනි අවි හිමිකරුවන්ට තුවක්කු ආඥා පනතේ 22 වගන්තියේ විධි විධාන අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.