IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අද (12) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට  ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් රජයට නියෝගය කළේය.
 
අදාළ වන්දි මුදල්, නියෝග ලබා දුන් අද (12) දින සිට මාස 6ක් ඇතුළත ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ එම සිසුවා වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
 
සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට  පත් කළ යුතු  නැතැයි  යන්න  අවධාරණය කරමින් මෙම  වන්දි මුදල්  නියම කර ඇති  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහර දීම  මගින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය  මගින්  සහතික කර කෲර වධ හිංසාවලට  ලක් නොවී සිටීමට ඇති   මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතැයි තීරණය කර තිබේ.  
 
හේවා මද්දුමගේ කරුණාපාල සහ පල්ලේ කම්කානම්ලාගේ දෝන කුමුදුනී යන මහත්ම මහත්මීන් විසින් ඔවුන්ගේ 15 හැවිරිදි දරුවා වෙනුවෙන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන , එම විද්‍යාලයේ විදුහල්පතිනී එම්.ලීලාවතී යන මහත්ම මහත්මීන් ඇතුළු 6දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් නීතීඥ තීශ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.



අදහස් (32)

කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි

නිශාන්ත Friday, 12 February 2021 11:20 AM

පාසල්වල ඉන්න ළමයින්ගේ විනය හදන්න යන්න ඕනෑ නැහැ.. ඒකට පොලිසියයි, උසාවියයි තියෙනවනේ... අපරාදෙ, එ් ගුරුතුමා නිකන් අපහසුතාවයට පත්වුණේ..

:       69       37

gamayaFriday, 12 February 2021 03:56 PM

දඬුවම් කිරීම එකක් අමානුෂික ලෙස පහර දීම තව එකක්...

:       7       68

banda Friday, 12 February 2021 12:39 PM

විනය හදනවා කියලා ළමයාගේ කණ පලන එක වැරැදියි. පාසලට ළමයා හදන්න බැරිනම් පොලිසියට බාරදෙන්න.

:       8       99

Prabha Friday, 12 February 2021 01:10 PM

කතාව කියවද්දී අපි කාපු ගුටි මැවිලා පෙනුණා. ඒත් අපි අදටත් ආදරෙයි ඒ ගුරුවරුන්ට.. මොකද අද අපි තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ ගුරුවරුන්ට පින්සිදු වෙන්න.

:       44       71

විපරමා Friday, 12 February 2021 01:53 PM

ඉස්සර එහෙම හිටියට දැන් ඉන්න ගුරුවරු, ගුරුවරියන් ගැන ඔවුන්ගේ විනය ගැන කියන්න නම් ඕනෑතරම් දේවල් තියෙනවා.

:       5       55

RaveendraFriday, 12 February 2021 02:28 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අප අදටත් ඒ අපේ ගුරුවරුන්ට ඇත්තේ පුදුම ආදරයකි, භක්තියකි. අම්මා මෙන්ම අපට ආදරයෙන් කතාකළ ඇයගේ සුමිහිරි ලයාන්විත කටහඬ මතකයේ තිබෙනවා...

:       17       41

Nuwan Friday, 12 February 2021 01:41 PM

අපිත් ඉස්කෝලේ හොඳට ගුටි කාලා, දණගහගෙන ඉඳලා තියෙනවා. නමුත් ඔහොම කන් පැලෙන්න නම් අපිට ගැහුවේ නැහැ. වරදට දඬුවම් දෙනකොට දරුවගේ ජීවිතේ ජීවිතේ විනාශ වන විදිහට දෙන්නේ මොලේ නැති ගුරුවරු.

:       2       88

CITIZENFriday, 12 February 2021 04:07 PM

සම්පූර්ණයෙන්ම එකඟයි. බරපතල තත්ත්වයක් තොතිබුණා නම් මේ දෙමාපියන් අධිකරණය හමුවට යන්නේ නැහැ කියන එකයි මගේ අදහස. එදා ගුටි කෑ නිසා අදත් ඒ ආකාරයෙන්ම දරුවන්ට සැළකිය යුතුයි කියන එක යල් පැන ගිය අදහසක්... දරුවන්ට දඬුවම් කළ යුතුයි. එවැනි අවස්ථා තිබෙනවා. නමුත් දඬුවම, පහර දීමක් නොවිය යුතුයි. අනෙක් පැත්තෙන්, ගුරුවරු ගැනත් මීට වඩා වගකිව යුත්තන්ගේ අවධානය යොමුවුනා නම් අගෙයි. ගුරු වෘත්තිය කියන්නේ ගෞරවනීය රැකියාවක්. නමුත් ඒ ගරුත්වය ඔවුන්ට ලබා දී, තිබෙනවද? යන්න ගැටලුවක්...

:       5       33

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 13 February 2021 02:52 AM

නුවන් මහතාගේ අදහස නිවැරදියි. ගුරුවරු කියන්නේ මිහිපිට දෙවිවරු. ඒ දෙවිවරුන් අතර එසේ නොවන සුළු පිරිසක් ඉන්නවා. ඒත්, දෙවිවරුන්වන් ගුරුවරුන් නිසා තමයි මේ ලෝකය බබලවන මහා බුද්ධිමතුන් පවා පහළ වෙන්නේ. අපද අද යම් තැනක ඉන්නේ නම්, ඒ ඉන්නෙත්, මේ දෙවිවරුන් වන් ගුරුවරුන් නිසාමයි. කොයි වෘත්තියෙත් මේ වැනි නොහොබිනා වැඩ කරනා අය සිටිනවා. එය එසේ වුවත්, දෙවිවරුන්වන් ගුරුවරුන් වෙත අපේ ගෞරවය පුද කරමු. අනිවාර්යයෙන්ම හොඳ ගුරුවරුන්ද අප මෙන්ම මේ කන පැලෙන්න ගැසූ දේ අනුමත නොකරනු ඇත...

:       1       15

Nihal Friday, 12 February 2021 02:56 PM

ඉස්කෝලෙදී කණ පලන, ටියුෂන් එකේදී ඔළුව අතගාන ගුරුවරුත් ඉන්නවා..

:       0       11

Renu Friday, 12 February 2021 03:01 PM

පොලිසියටත් මේක හොඳ පාඩමක් කියා හිතනවා...!!! 

:       0       5

සංජීව Friday, 12 February 2021 03:38 PM

වැඩිහිටියෙකු සමග හරි හරියට කටයුතු කළ නොහැකි පුංචි අතපය ඇති දරුවන්ට පහරදීම නිවට කමක් බව ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරික මහතෙකු වරක් කියනු මා අසා තිබෙනවා. දරුවන්ට කිසිම දිනක පහරනොදී දරුවන් හික්මවන හා දරුවන්ගේ ආදරය දිනාගත් ගුරුවරු ඕනෑතරම් ඉන්නවා. තමන්ගේ නොහැකියාවට අහිංසක දරුවන් පළි නැත. ඉතාම ප්‍රශංසනීය නඩු තීන්දුවක් මූලික අයිතිවාසිකම් පොතට සීමාවී ඵලක් නැත.

:       1       29

Dilan Friday, 12 February 2021 03:47 PM

අපි කාපු පාරවල් වල හැටියට වන්දි ගත්තා නම් අද අපි කෝටිපතියන්...

:       29       22

zeylanicusFriday, 12 February 2021 06:42 PM

ඩිලාන්, දැන් ඔබෙත් කන් ඇහෙන්නේ නැද්ද ගුරුවරුන් ගෙන් ගුටි කාලා?

:       1       11

KamalFriday, 12 February 2021 10:56 PM

ඔයා ඒ තරම්ම අප්සට්ද ඒ කාලේ...?

:       1       17

Amila Friday, 12 February 2021 03:55 PM

දඬුවම ප්‍රමාණවත් මදි. ළමයගෙ කණ ඇහෙන්නේ නෑ.

:       4       39

රට වැසියා Friday, 12 February 2021 05:10 PM

ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙමව්පියන්, ගුරුවරුන් දරුවන්ට දඬුවම් දීම අනුමත කරති. අධ්‍යාපනයේ මානුෂික පදනම දියුණු හෝ අවබෝධ වී නැති අප රටේ, දරුවන්ට කණ පැලෙන්න ගසා ඉගැන්විය හැකි යැයි සිතන ගුරුවරු ද ඇත. මෙම නඩු තීන්දුව විවිධාකාරයේ පණිවිඩ රැසක් දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට ලබාදෙයි..!

:       0       13

chandima Friday, 12 February 2021 06:17 PM

ඒ කණේ පාර දීපු ගුරුතුමාවයි, නඩුව අහපු අයටයි කියන්න බැරිද...? මටත් පොඩි වැඩකට සල්ලි මදිවෙලා තියෙනවා.

:       6       1

Raveendra Friday, 12 February 2021 06:20 PM

මේකේ මේ ඉස්සර ගුටි කෑවා කියලා උඩ පැන පැන තප්පුලාගෙන වැලපෙන අයට කියන්න තියෙන්නේ විනය හැදීම යනු ශාරීරික දණ්ඩනය නොවන බවයි. ඒ වගේම එලෙස බරපතල පහරදීමක් කිරීමට අයිතියක් ගුරුවරුන්ට නැතුවාක් මෙන්ම එවැනි දේට ඉඩ දී බලා සිටිනවා නම් එය අනුවණ කමක් බවත් මතක් කර සිටිමි. එතරම්ම ගුටි කෑමට ප්‍රිය නම් තමන්ගේ දරුවෙක්ට එවැනි අමනුෂ්‍ය ගුරුවරුන් සොයා දෙන්න.

:       1       15

lusena Friday, 12 February 2021 06:22 PM

මේ දෙමව්පියන්ගේ කණට ගහන්න කවුරුත් නැද්ද?

:       13       1

KamalSaturday, 13 February 2021 03:34 PM

ඔබතුමාගේ ළමයගේ කණ බීරි වුණොත් ලබා උපන් හැටි කියලා ඉන්නවද?

:       0       1

Thusitha Friday, 12 February 2021 06:51 PM

මේ ගුරුවරයා කියන පුද්ගලයාව සුද්ද කරන අයගෙන් මම අහන්නේ (මම මෙයාට ගුරුවරයෙක් කියන්නේ නැහැ, මොකද නියම ගුරුවරයෙක් කියන්නේ දරුවන්ට අහුන්කන්දෙන, ළමා මානසිකත්වය දන්නා, දරුවන්ගේ අනාගතය හදන කෙනෙක් මිස දරුවන්ගේ අනාගතය අඳුරු කරන කෙනෙක් නොවන නිසා) (1) ඔබ දරුවෙක්ව සිටි කාලේ ඉඳන් ඔබේ කනක් ඇහෙන්නේ නැතුව ගියා නම් ඔබට දැන් මොකක්ද හිතෙන්නේ? (2) ඔබගේ දරුවෙකුට මෙහෙම වුණා නම් ඔබ මොකද කරන්නේ? (2) යම් වුවමනාවකට ඉසුරු පායට ගිය ගුරුවරයෙකුට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්, ගුරුවරයාට කරුණු පහදා දෙන්න කියලා කණ පැලුවා නම් ඔබ එ්ක අනුමත කරනවාද? හිතලා බලන්න..

:       0       13

Paala Saturday, 13 February 2021 12:09 AM

චක්‍ර ලේඛයක් ගහන්න ගුරුවරුන්ට දඬුවම් සහ පහර දීම අතර වෙනස පැහැදිලි කරලා. මානසික වද හිංසා විස්තර කරලා..

:       0       14

anaMonday, 15 February 2021 07:48 AM

චක්‍රලේඛයක් තියෙනවා.

:       0       0

jayasekara Saturday, 13 February 2021 03:38 AM

කෝ අර ගුරු සංගමය...? සද්දෙට කෑ ගහන්නකෝ..?

:       2       9

S T G Saturday, 13 February 2021 05:16 AM

මරු ව්‍යාපාරයක් නේද?

:       11       2

amara Saturday, 13 February 2021 05:24 AM

ගුරුවරු දැනගන්න ඕනෑ රටේ නීතිය. යම් කෙනෙක් වැරැද්දක් කළා නම් මං පොලිසි යනවා..

:       0       16

සෆා Saturday, 13 February 2021 08:37 AM

මේ ළමයාගේ කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් ජීවිත කාලයටම. අපිටත් ගුරුවරු දණගස්වලා තියලා, වේවැලෙන් අත්ලට හරි, කකුල්වල කෙන්ඩයට හරි තමයි ගහලා තියෙන්නේ. කවදාවත් කනට, කම්මුලට ගහලා අමානුෂික දඬුවම් දීලා නැහැ. සමහර වෙලාවට පිට්ටනියේ තුත්තිරි ගලවන්න දීලා, පාසල් වත්ත අතුගාන්න, කොළ ඇහිඳින්න දීලා වගේ දඬුවම් දීලා තියෙනවා. මෙතන දඬුවමකින් දරුවන්ව නිවැරදි කරන්න පුළුවන් කියලා අදහස් පලකරන කෙනෙක්ට, ඒ අයගේ දරුවෙක්ට මේ දේ වුණානම් "හානේ මගේ වැරැද්දටනේ ගැහුවේ/ මගේ දරුවගේ වැරැද්දටනේ ගැහුවේ " කියලා හිත හදාගන්නවද?

:       0       7

Bishan Saturday, 13 February 2021 01:24 PM

ළමයාගේ මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය කළ එකත් සාධාරණීකරණය කරන්න හදන ගොබ්බයින් තාමත් ඉන්නවනේ. ළමයද ගුරුවරයාද අදාල නෑ. වරද වරදමයි තමන්ටත් කවුරු හරි පහර දුන්නොත් ඔය නීතිය තමයි පිහිටට තියෙන්නේ...

:       0       13

BamunuarachchiSunday, 14 February 2021 03:10 PM

ළමයෙකුගේ මූලික අයිතිවාසිකම තමයි ඒ ළමයා සමාජයට හිතකර, උගත් ළමයෙක් කර සමාජයට ඇතුළත් කිරීම... කරන වැරැදිවලට ළමයින්ට දඬුවම් කළ යුතුයි. එසේ නොකර හදන ළමයින්ට තමයි පසු කාලෙක රජය රතු වරෙන්තු නිකුත් කරන්නේ... අපේ ගුරුවරු අපිට හොඳට දඬුවම් කර තිබෙනවා. ඒවා ගොබ්බ රාලලා දන්නේ නැහැ. ඒබ්‍රහම් ලින්කන් තම දරුවා පාසැල් ගිය පළමු දවසේම දරුවාගේ ගුරුවරයාට ලීව ලිපිය කියෙව්වා නම් ඔය ගොන්කතාව කියන එකක් නැහැ. ඒ දරුවාව සමාජයට ඇතුළත් කරන්න පුළුවන් ලෙස ළමයා සකස් කර දෙන ලෙස ඉල්ලා තිබුණා. අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගැන අපි දන්නවා.. එමනිසා ළමයින්ට දඬුවම් කිරීම මම පෞද්ගලිකව අනුමත කරනවා. සිංහල කියමනක් තිබෙනවා හැඳි නොගා හදන හොද්දත්, නොගහ හදන ළමයාගෙනුත් වැඩක් නැහැ කියලා.

:       3       0

සනත් Saturday, 13 February 2021 07:59 PM

මට බය තවත් මධුෂ් කෙනෙක් ඇති වෙයිද කියලයි.

:       0       1

Bamunuarachchi Sunday, 14 February 2021 03:15 PM

හලෝ මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? රජය වරදක් කළ අයව හිරේ දමන්නයි කස පහර දෙන්නයි හේතුව මොකක්ද? සමාජයට හරියන මිනිසෙක් කර සමාජයට එවන්න. එහෙනම් රජයෙන් හිරේ දමා හෝ කසපහර දී හදනවට වඩා පාසලේදී වේවැල් පහර දී හදන එක හොඳ නැද්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1409 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 662 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 556 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 308 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 539 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 494 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site