IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය. 

මාධ්‍යට විවෘත නොවූ එම සාකච්ඡාව මල්වතු මහානා හිමියන් සමඟ පැයක පමණමණ කාලයක්ද අස්ගිරි මහානා හිමියන් සමඟ විනාඩි පහළොවක් පමණ ද සිදුව තිබේ.

මල්වතු මහ නා හිමියන් සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එලියට පැමිණි ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ දෙරට අතර බුද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් හා ඉන්දීය රජය විසින් මීට පෙර ලබාදී තිබූ පාලි භාෂාව වැඩිදුර අධ්‍යයනය කිරීම මෙරට පිරිවෙන් වලට ලබා දී තිබූ පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

ඉන්දියානු රජයේ ආධාර වලින් සිද්ධස්ථාන වලට විදුලිය ලබාදීම සඳහා සවිකල සූරිය පැනල ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.

මෙම අවස්ථාවට මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සාරණ්‍යා වී.එස්. මහත්මිය ඇතුළු මහනුවර ඉන්දියානු සහකාර මහකමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ නිලධාරිණියන් පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (0)

ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site