IMG-LOGO

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා


ඇමැතිවරුන් පත් කර ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ධුරයට පත්වී මාසයක් යන්නටත් මත්තෙන් ඉල්ලා අස් වූවේය. ලෙකෝර්නු ඉල්ලා අස්වූයේ සිය කැබිනට් මණ්ඩලය එළිදක්වා පැය 24 ක් ගතවීමට පෙර වීම විශේෂත්වයකි.

ලෙකෝර්නු වසර දෙකක් තුළ ප්‍රංශයේ පත්වූ පස්වැනි අගමැතිවරයා වන අතර ඔහු ඉල්ලා අස්වීමත් සමග ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. ලෙකෝර්නු ප්‍රංශ අගමැති ධුරයේ දින 27 ක කටයුතු කළ අතර ඔහුගේ ආණ්ඩුව පැය 14 කට සීමාවී තිබිණි.

නූතන ප්‍රංශ ඉතිහාසයේ අඩුම කාලයක් බලයේ සිටි ආණ්ඩුව බවට ලෙකෝර්නුගේ ආණ්ඩුව පත්වූ අතර අඩුම කාලයක් ධුර දැරූ අගමැතිවරයා ලෙස ලෙකෝර්නු ඉතිහාසගත විය.

ලෙකෝර්නු ප්‍රංශ ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් ලෙසද සැළකේ.

ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී, ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බවත්, ජනාධිපතිවරයා එය පිළිගත් බවත් ප්‍රංශ පුවත් සේවා පවසයි.

ජනාධිපති මැක්රොන්, ලෙකෝර්නු අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවේ, මීට පෙර එම ධුරය දැරූ ෆ්‍රැන්ෂුවා බයිරූගේ ඉල්ලා අස්වීමෙන් පසුවය. ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අන්ත දක්ෂිණාංශික පක්ෂ සතුවය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ පාලක පක්ෂය මධ්‍යස්ථමතධාරීය.

ආණ්ඩුව පෙරළා දමන ඔහුගේ පක්ෂයෙන් මෙන්ම අනෙකුත් පක්ෂවලින් එල්ල වූ තර්ජන හමුවේ ලෙකෝර්නු ඉල්ලා අස්වූ බවද පැවැසෙයි.

විපක්ෂ දේශපාලන පක්ෂ තරයේ කියා සිටින්නේ, කඩිනමින් මැතිවරණයකට යා යුතු බවය. මැක්රොන්ට වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි ද බලපෑම් එල්ල වෙමින් තිබේ.

 



අදහස් (0)

ඇමැතිවරුන් පත් කර ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 285 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 580 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site