විරෝධතා පා ගමනට සියල්ල සූදානම් මර්දනය නවත්වන ලෙසට සහ , ත්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙසට රජයට බල කරමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,සහ බහුජන සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් අරම්භ කිරීමට නියමිතය. 02 November 2022
ලොව වේගවත්ම ගුවන් යානය අත්හදා බලයි ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන ස්ට්‍රැටෝලොන්ච් රොක් ප්‍රථම වරට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් කළ හැකි ටැලොන් හයිපර්සොනික් පරීක්ෂණ යානයේ ආකෘතියක් රැගෙන ඉකුත් 28 වැනිදා සාර්ථක පියාසැරියක නිරත වී ඇත. 02 November 2022
වල්අලි ගැටුම දුරදිග ගිහින් පොලිස් සැරයන් මරුට වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වීමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් එම ගැටුමට මැදි වූ පොලිස් සැරයන්වරයකු ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 01 November 2022
ලොව කුඩාම රූපවාහිනිය නිපදවයි ලොව කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්වී ඇති අතර එය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම්ය. 01 November 2022
ස්විට්සර්ලන්තය ලොව දිගම මගී දුම්රිය ධාවනය කරයි ස්විස් දුම්රිය සමාගමක් ඉකුත් සෙනසුරාදා ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය.ඒ ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමිනි. 31 October 2022
යල කන්නයේ අස්වැන්න දළදා සමිඳුන්ට පූජා කරයි ජාතික ආහාර සුරක්ෂිතතාවට දායකත්වය ලබාදෙමින්, යල කන්නයේ නෙළාගත් සහල් සහ අනෙකුත් ධාන්‍ය අස්වැන්නේ අග්‍රඵලය දළදා වහන්සේට පූජා කිරීමෙන් කෘතවේදිත්වය පළ කිරීම සහ ඊළග කන්නය සාර්ථක කරගැනීම උදෙසා දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ‘සිරි දළදා යල් අස්වනු පූජාව’ පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි. 31 October 2022
‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ ‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ. 30 October 2022
කුසගින්න නිවා ගන්න යාළුවකු සෙවූ දරුවන්ට දිවා ආහාරය ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට නොහැකි වු සිසුවියක් වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බලාපොරොත්තුවෙන් එම පංතියට මාරුකර දෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති මගින් දැන ගත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා රූපවාහිනියේ අනුශාසක ය අලුදෙනියේ සුබෝධි හිමි එම පාසලේ ආර්ථික අපහසුතා ඇති සිසුන් සියදෙනකු වෙනුවෙන් දෛනිකව දිවා ආහාරය ලබාදිමට ආරම්භ කලහ. 30 October 2022
එල්.ටී.ටී.ඊ සැකකරුවකුටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (28) පැවැති අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක් විය. 28 October 2022
දෙබිඩි තාරකා ඉබ්බන් ඇඹලයාගමින් හමුවෙයි සිරුරු වලින් එකට බද්ධ වුන තාරකා ඉබ්බන් දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය විසින් ඊයේ (26) සොයා ගැණුන බව පැවසීය. 27 October 2022
පිපාසයට මග නැවතුණු යකඩ යකාට ප්‍රදේශවාසීන්ගෙන් ජලය රේඩියේටරයේ ජලය අවසන්වීම නිසා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියකට ප්‍රදේශවාසීන් විසින් ජලය සපයා දී ධාවනය කරවූ පුවතක් වාර්තා වේ. 26 October 2022
මාවනැල්ලේදී බස් රථ දෙකක් හැපී 32 ක් රෝහලේ කොළඹ නුවර ප්‍රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි 25 දා දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටිමෙන් තිස්දෙදෙනකු මාවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත්කර ඇතයි මාවනැල්ල පොලිසිය පැවැසීය. 25 October 2022
හින්දු බැතිමත්හු දීපවාලි සමරති ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන දීපවාලී උත්සවය අදට (24) යෙදී ඇත. 24 October 2022
රාජකීයයෝ රාජකීයයා හමුවෙති මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලයේ දී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 October 2022
අන්තරේ පිරිසක් තංගල්ලට පාරවල් වසයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලට විශාල පිරිසක් පැමිණීම නිසා තංගල්ලේ මාර්ග රැසක වසා දමා ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 23 October 2022
අභ්‍යවකාශයට සංචාරකයන් ගෙනයන්න සියල්ල සූදානම් හෙලෝ ස්පේස් අභ්‍යවකාශ සංචාරක සමාගම 2025 වසරේ සිට බැලූනයක් ආධාරයෙන් සංචාරකයින් අභ්‍යවකාශයට රැගෙන යාමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. 21 October 2022
කඳුරට කොමලියෝ සේලය පළඳිති -මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ලම සක්‍රීය වී පවති. 20 October 2022
සිසුන් දෙකක් මහවැලි ගඟෙ ගසාගෙන යයි වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින්ක සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටීයදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. 19 October 2022
දළුගමින් මහනුවර මාර්ගය වැසෙයි ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නුවර මාර්ගය දළුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. 18 October 2022
අවදානමට පෙර සූදානම ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇත. 18 October 2022
ඔබ ගැන අප අවදියෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විශේෂ පුස්තකාලයක් සහ විවේකාගාරයක් ස්ථාපිත කිරීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) උපදෙස් දුන්නේය. 17 October 2022
තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (16) සහභාගී විය. 16 October 2022
කැලණි - ගිං ගංඟා කළ හදියක් දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර කැලණිය හා ගිං ගංගා ආශ්‍රිතව ගංවතුර තත්වයක් උද්ගත වී ඇත. 15 October 2022
බස් - ටිපර් අනතුරින් 51කට තුවාල යාපනය, නුවර ඒ නවය මාර්ගයේ පලෙයි මුහමාලෙයි හි බස්රථයක් හා ටිපර් රථයක් අද(15) දහවල් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 51 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියයි. 15 October 2022
ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරය රැකගන්න උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරය නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව නිසි වැඩපිළිවෙලක් යටතේ යළි සකස් කරන ලෙස සහ කෞතුකාගරයේ අබලන් වී ඇති ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කර කෞතුක භාණ්ඩ නිසි පරිදි සංරක්ෂණය කරන ලෙසත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. 14 October 2022
යුද්ධ හමුදාව දකුණු සුඩානයේ දී ලෝක ළමා දිනය සමරයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් ලෝක ළමා දිනයට සමඟාමීව දකුණු සුඩානයේ දීද ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී. 13 October 2022
පන්සලේ මල් වට්ටිය ලක්ෂ 11කට වෙන්දේසි වේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ලෙනදොර - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන ධර්ම ශාලා ගොඩනැගිල්ලට ආධාර පිණිස තෙදිනක් පුරා පැවති පිංකම් මාලාවේ අවසන් දින කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් ලක්ෂ එකොලහකට අලෙවි වූ බැව සංවිධායක මණ්ඩලය කියයි. 12 October 2022
විදුහල්පති මව සමග උරණවී දරුවන් තිදෙනා පාසලෙන් පන්නලා මවක, විදුහල්පතිවරයා සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි. 11 October 2022
වවුනතිව් සූර්ය පැනලය නව පිටුවක් පෙරලයි මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ කළ සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) පෙරවරුවේ විවෘත කළේය. 11 October 2022
නායකයකුගේ භූමිකාව නාලන්දා දරුවන්ට කියා දෙයි නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහනක්, කොළඹ නාලන්දා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. ඒ, පාසල් ශිෂ්‍ය නායක ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්රහයෙනි. 10 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025