IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අන්තරේ පිරිසක් තංගල්ලට පාරවල් වසයි

(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලට විශාල පිරිසක් පැමිණීම නිසා තංගල්ලේ මාර්ග රැසක වසා දමා ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

ත්‍රස්ත  පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය  බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ල බන්ධනාගාර දෙසට ගමන් කිරීම හේතුවෙන් දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.

විරෝධතා කරුවන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට තංගල්ල බලා ගමන් කරයි.

මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා විරෝධතාපුවරු රැගෙන පිටකොටු ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට ‍තංගල්ල බලා විශාල පිරිසක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.



අදහස් (13)

අන්තරේ පිරිසක් තංගල්ලට පාරවල් වසයි

Tangalle peoples Sunday, 23 October 2022 03:53 PM

මේ අය නම් මහ පුදුම කරුමක්කාරයින් රැළක්නේ. පාරක යන්න නෑනේ. ගහලා එලවන්න ඕනේ.... !

:       42       58

Prabha Sunday, 23 October 2022 11:21 PM

ඔබ තංගල්ලෙනම් අනුන්ට කියන්නේ නැතැව වැඩේ පටන්ගන්නනේ තියෙන්නේ.

:       4       15

kanthi gunarathna Sunday, 23 October 2022 04:57 PM

දරුවෙක්, මල්ලෙක් හදාගෙන හොඳින් ජීවත් වෙන්න..., විවාහයක් කරගන්න ඕනෑ. නැතිනම් රටකට වැඩක් ඇති වගාවක්, රැකියාවක් ඉගෙනීමක් කරන්න ඕනේ. මේ මොන කරුමයක්ද? මේ අය එන ගම්වල මිනිස්සු මොවුන්ට ගහලා පන්නන දවස වැඩි ඈතක නැහැ.

:       37       55

gamini herath Sunday, 23 October 2022 05:26 PM

අපිත් කොල්ලො කාලේ කැම්පස්වල ඕවට ගියා... දැන්නම් ඔය කවුරුත් නැහැ. මගේ පාඩුවේ දැන් බිරිඳ එක්ක කල් ගෙවනවා. අන්තිමට තමන්ට තමන් විතරයි. ඒක දැනගෙන මේ ගමන යන්න ඕනේ... අන්තිමට දරුවන්වත් අද කාලේ නොසලකන යුගයක්...

:       11       43

අවුරුදු තුනකට යාම තහනම්...Sunday, 23 October 2022 09:22 PM

මේවිදියට කුලියට නටන අයට ඒ අයගේ අනාගතය ගැන මීට වඩා හිතන්න වේවි..!.! මොකද අපේ රටට මේවගේ විනාශයක් ඔය වයසෙදි කලානම් ඒ අයගේ ඉදිරි අනාගතය අඳුරේ බව ඒ අයටම තේරේවි රැකියාවකට ඉල්ලුම් කලාම..! මේ ලඟදි ඔය පෙලපාලි ගිය කෙනෙක් යුරෝපා රටක ඉංග්‍රීසි ගුරුවෘර්තියකට අයැදුම් කලා ! සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්වෙලා යුරෝපා රටට එන්න අවස්ථාව ලැබුනත් මොහු පෙළපාලි ගිය පින්තූරයක් ඔහුගේ ලඟම මිතුරෙක් ඉරිසියාවටම ඒ සම්මුඛ පරීක්‍ෂණය කල කාර්‍යාලයට යවලා දැනුවත් කලා ඔහුගේ පැටිකිරිය..! එය දැනගත් වහාම එම කාර්‍යාලය ඔහු ගුරුවෘර්තියට නුසුදුසුම බව කියා අවුරුදු තුනකට යාම තහනම් කලා..!

:       10       24

ajithMonday, 24 October 2022 12:45 AM

ඉරිසියාව ලොකුයි රුසියාවට වඩා....

:       0       8

timal Sunday, 23 October 2022 06:24 PM

රනිල් ඇත්ත ත්‍රස්තවාදීන් නිදහස් කරනවා...

:       27       17

3% LAPAYA Sunday, 23 October 2022 08:15 PM

මෙි රටෙි අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් නඩත්තු වෙන විශ්ව විද්‍යාල වල ඉගෙන ගනු ලබන අහිංසක දරැවන් "බ්‍රෙින් වොෂ්" කරවල ඔවුන්ගේ අනාගත ගමන් මගට වලවල් කපන (Inferiority complexion) හීනමාන විසාදියෙන් පෙළෙන කාළකන්නි සනුහරේ මෙි දරැවන්ගේ අනාගතය කඩාකප්පල් කරනවා. මෙි සැබෑ "අරගලය"ද?

:       8       35

Samera Sunday, 23 October 2022 08:28 PM

I don't think most of them are university students as shown in the pictures...

:       4       26

ලුම්බිණි Monday, 24 October 2022 08:46 AM

රනිල් වික්‍රමසින්හටත් අමතක නම් තමා ජනාධිපති උනේ අරගලය නිසා කියල අනෙක් අය ගැන කුමන කතාද?

:       9       6

88/89 Monday, 24 October 2022 11:07 AM

ආණ්ඩු පෙරලන්න අවුරුදු 50 ක් තිස්සේ පාරේ පෝස්ටර් ගහපු අය ,ඒ දෙය නිර්පාක්ෂික තරුණයන් පිරිසක් විසින් දින 90 කින් කරලා පෙන්නුවා දැන් මෙයාලා දන්නවා ක්‍රමේ මේකයි කියලා, බලයට එන්න දැන් කරන්න තරුණයන්ව මේ විදිහට උසි ගන්වන එක. මේ රට අන්තිම අඩියට ඇදලා දාපු හොර දේශපාලකයෝ සහ මේ අය අතර මොන වෙනසක්ද ? 3% තියාගෙන ඔහොමනම් මේ හීනමානකරයින්ට කොහොමද ඊට වඩා ලැබිලා තිබුනානම්

:       3       7

PODDS Monday, 24 October 2022 12:47 PM

නිදහසින් පසුව කැම්පස්වල අරගල කළ කොමියුනිස්ට් කාරයෝ, සමාජවාදියෝ, විප්ලවකාරයෝ හිටියා රටට මෙහෙම වෙයිද? කැම්පස් අවුට් වෙලා ලොකු ජොබ් එකක් අරන් හොඳ තැනකින් මගුලක් කරගෙන ගමේ අම්මා තාත්තා අමතක කරන්නේ මේ හීනමාන රැළ.. තර්ජනවලට බයේ මොවුන් පස්සේ යන අහිංසක දරුවන්ගේ අනාගතය විනාශයි. දරුවනේ බලන් කඩතුරා හැර දෑසේ...!

:       0       10

Lal Monday, 24 October 2022 09:17 PM

Why cant they put this energy for something useful.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site