බ්‍රිතාන්‍ය අගමැති බොරිස්ගේ පෙම්වතියට දරු උපතක් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය වන කැරී සිමන්ඩ්ස් මහත්මිය ලන්ඩන් රෝහලකදී නිරෝගී පිරිමි දරුවකු බිහිකළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. 29 April 2020
‘අසාදිත නාවික සෙබළුන්ගේ පවුල්වල පිරිස කොන් කරන්න එපා’ නාවික හමුදා සාමාජිකයන් ට කොරෝනා ආසාදනය වූයේ මේ රටේ ජනතාව වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කළ කැපවීම තුළින් බවත් ඒ හේතුවෙන් නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස ගම් වලින් කොන් කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 29 April 2020
ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 29 April 2020
මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි කොරෝනා වසංගතය නිසා තාවකාලිකව නවතා තිබු මධ්‍යම පළාතේ 2020 වර්ෂය සඳහා වන වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (29) දින යලි ආරම්භ කරනු ලැබීය. 29 April 2020
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලංකාවේ සෞඛ්‍ය සේවයට ආරක්ෂක උපකරණ මෙරට කොරෝනා මර්දන කටයුතු වල නිරත සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවයේ නිරතවන්නන් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 600ක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත. 29 April 2020
කොරෝනා තිබුණොත් ජූනි 20 ත් ඡන්දය බෑ මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වැනි දින වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඡන්දය විමසීම පැවැත්වීමට රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක්වත් ගතවිය යුතු යැයිද ලංකාදීපය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහින්ද දේශප්‍රිය මහතා කීවේය. 29 April 2020
සීනි කිලෝවක උපරිම සිල්ලර මිල ඉවතට සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සදහා නියම කර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කර තිබේ. 29 April 2020
අයි.ඩී.එච්. දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කරයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරුකරුවන්ගේ සංගමය විසින් අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කටයුතු සිදුකළේය. 29 April 2020
හදිසි නීතිය දීර්ඝ කරන්න - ටෝකියෝ ආණ්ඩුකාර ඉල්ලයි ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම පැනවූ ‘හදිසි නීතිය’ තවදුරටත් දීර්ඝ කරන්නැයි ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ ඉල්ලීමක් කර ඇත. 29 April 2020
කුලියාපිටියේ කඩ වසා දමයි කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගැවසීම සැලකිල්ලට ගෙන කුලියාපිටිය නගරය සහ ඒ අවට පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථාන අද(29) දින සිට ලබන සඳුදා (4) දිනය තෙක් වසා තැබීමට කුලියාපිටිය වෙළඳ සංගමය තීරණය කර ඇත . 29 April 2020
රාජ්‍ය නිලධාරීන්ට 5000 ක දීමනාවක් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරිවල යෙදී සිටින රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරීන්ටද රජය විසින් දෙනු ලබන රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 29 April 2020
පෘතුගාලයේ පනවා තිබූ හදිසි තත්ත්වයත් ඉවතට කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පෘතුගාලයට පනවා ඇති හදිසි තත්ත්වය මෙම සති අන්තයේදී අවසන් කෙරෙන බව එරට ජනාධිපති මාසෙලෝ රෙබෙලෝ සූසා අද (29) පැවසීය. 29 April 2020
තංගල්ලේ නීතීඥවරු තාවකාලිකව වැඩ අත්හරින්න ඒකමතික තීරණයක කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමට කරන සහයෝගයක් වශයෙන් අද(29) දින සිට නඩු කටයුතුවලට පෙනී නොසිටීමට තීරණය කළ බව තංගල්ල නීතීඥ සංගමයේ ලේකම් ප්‍රදීප් රාජපක්ෂ මහතා පවසයි. 29 April 2020
කටාර් රාජ්‍යයෙන් ඉරානයට ඇල්ජීරියාවට වෛද්‍ය ආධාර නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනට සහාය දැක්වීමක් ලෙස කටාර් රාජ්‍ය, ඉරානයට සහ ඇල්ජීරියාවට වෛද්‍ය සැපයුම් යවා ඇත. 29 April 2020
වෙල්ලස්ස උපාධි පාඨමාලා අභියෝගතා පරීක්ෂණයේ අයදුම්පත් බාර ගැනීම යළිත් කල් යයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරකට අදාලව පැවැත්වෙන අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම දින නියමයක් නොමැතිව නැවතත් කල් දැමීමට සිදුවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 29 April 2020
ගිම්හාන නිවාඩුවට හෝටල් විවෘත කරන බව පෝලන්ත රජය කියයි ගිම්හාන නිවාඩුව වෙනුවෙන් හෝටල් විවෘත කරන බව පෝලන්ත රජයේ ප්‍රකාශක පියෝටර් මුලර් අද (29) පැවැසීය. 29 April 2020
වවුනියාව ජල සම්පාදන කාර්යාලය වසා දමයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය නැවත දැණුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 29 April 2020
හොරොව්පතාන නගරය වසා දමන්නැයි ජනතාව ඉල්ලයි හොරොව්පොතාන නගරයේ සිට කිලෝ මීටර එකහමාරක් පමණ දුරින් පිහිටි තිරප්පන්කඩවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් ඔහු නගරයේ වෙළඳසැල් ඇතුළු බොහෝ ස්ථානවල සැරිසරා ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබිමත් හේතුවෙන් හොරොව්පොතාන නගරය දැඩි අවදානමකට ලක්වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. 29 April 2020
කෝවිඩ් තුරන් කිරීමට සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටියක වෛද්‍ය උපකරණ කෝවිඩ් 19 වසන්ගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ ප්රයත්නයට දායක වෙමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මගින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය. 29 April 2020
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි අමෙරිකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. 29 April 2020
ගතවූ පැය 24 තුළ ඇඳිරිය කඩ කළ 554 ක් අත්අඩංගුවට ගෙවුණු පැය 24 තුළ (අද උදෑසන 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 159ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 29 April 2020
නවදිල්ලි නුවර සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන ඉන්දියාව බලා ගුවන් පිටත්වී ගියේය. 29 April 2020
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 40ක් මරුට සිරියාවේ වයඹ දිග ඇෆ්රින් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනකු පමණ මියගොස් ඇතැයි තුර්කිය පවසයි. මියගිය සියලු දෙනා සිවිල් වැසියන් බවත් ඒ් අතර ළමුන් 11දෙනකු සිටින බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කරයි. 29 April 2020
ආසාදිතයන් ගණන 619 දක්වා ඉහළට මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
ගුවනට නොයන ශ්‍රී ලන්කන් යානාවලට උපරිම ආරක්ෂාව කෝවිඩ් - 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ. 28 April 2020
ආසාදිතයන් ගණන 600 පනී මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 611 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 28 April 2020
කොරෝනාවෙන් මියගිය 2200 ක් සංඛ්‍යා ලේඛනවල නෑ ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී මියගිය 2,200කට වැඩි පිරිසක් සංඛ්‍යාලේඛන සටහන් වී නැතැයි නැතැයි රොයිටර් පුවත් සේවය කරන ලද ගවේෂණයකින් අනාවරණය වී ඇත. 28 April 2020
ලොවපුරා ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ගොස් ඇත. අද (28) පස්වරු 7.10 වනවිට නිකුත්ව තිබූ දත්තවලට අනුව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,85,079ක් ලෙස දැක්විණි. 28 April 2020
බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප්රීංවත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය. 28 April 2020
පෞද්ගලික අංශයේ සේවක කප්පාදුවක් පෞද්ගලික අංශයේ දැවැන්ත සේවක කප්පාදුවක් සිදුවෙමින් පවතින බව වෘත්තිය සමිති පෙන්වා දෙති. 28 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026