(රංජන් කස්තුරි)
මහා මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වැනි දින වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’යට පැවසීය. ඡන්දය විමසීම පැවැත්වීමට රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක්වත් ගතවිය යුතු යැයිද ලංකාදීපය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
කෙසේ වූවත් මහ මැතිවරණය පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය හෙවත් ‘ග්‍රීන්ලයිට්’ එක අත්‍යවශ්‍ය බව ද හෙතෙම පැවසීය. මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසම ද සෑහීමකට පත්විය යුතු අතර, රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ සිවිල් සමාජ සංවිධාන ආදියේ අදහස් හා යෝජනා සලකා බැලීම ද අවශ්‍ය යැයි මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම මේ වනවිට ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකර ගෙන යමින් තිබෙන බව ද තැපැල් ඡන්ද අයැදුම්පත් බාර ගැනීම වැනි කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව ද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මහ මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්විය නොහැකි බවට කොමිසම මේ වනවිට තීන්දුවක් ගෙන නැති බවත් මැතිවරණ කොමිසම දින 10කට වරක්වත් රැස්වී රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සමාලෝචනය කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීය.
මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙසත් විනිවිදභාවයකිනුත් සිදුකළ යුතු අතර තරගය සමබිමේ පැවැත්විය යුතු වන බව මැතිවරණ කොමිසමේ විශ්වාසය වන බව ද දේශප්‍රිය මහතා පැවසීය. මැතිවරණයක් කල්දැමීම එතරම් හිතකර තත්ත්වයක් නොවන නමුත් සෞඛ්‍යමය අර්බුද විසඳාගත නොහැකි වූවහොත් අකැමැත්තෙන් වූවද මහ මැතිවරණයට වෙනත් දිනයක් තීන්දු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවන බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා ගම්මන්පිල සහ වීරවංශ අතින් හරි කොරෝනා නවත්වලා දේවී. ඒ ගොල්ලෝ දන්නවා කොරෝන කොහොමද නවත්වන්නේ කියලා . දොස්තරලට බැරි දේවල් මේ ගොල්ලෝ කරන්න හරිම දක්ෂ අය...
සෑහෙන කාලයකට ලෝකයෙන් කොරෝනා තුරන් කල නොහැකි වෙවි. කවදා හෝ දිනක රෝගීන් අවම වේවි... ඒ සෞඛ්‍ය උපදෙස් පිලිපැද්දොත් පමණි. රෝගීන්ගෙන් තොර වීමට, ඇතැම් විට බොහෝ කාලයක් යාවි... සියලු දෙනා එතෙක් ඉවසීමෙන් බලා සිටිමු. ලෝක වසංගතයක් නිසා සහයෝගයෙන් වැඩ කරමු. දේශපාලනය පසුව කරමු.
අපි දන්නවා ඔයාලා අපේ පැත්තෙනේ... ඔයාලා එදාට චන්දෙ තියන්නේ නෑ... පුළුවන් වුණොත්...
තිත්ත ඇත්ත.
අප්‍රේල් 20 දා මැතිවරණ කොමිසම රැස්වූදා කොවිඩ් හැදිලා තිබුනේ 282 කට, දැන් දින දහයක් ඇතුළත දෙගුණයකටත් වැඩිය හැදිලා තාම පාලනයක් පේනතෙක් මානයේවත් නෑ. ඉතින් මැතිවරණ තියලා ලංකාවෙත් දහස් ගණන් මරු කැඳවලා පාර්ලිමේන්තුව අරිමු.
ජුනි 20ත් බැරි උනොත් ඇප් එකකින්වත් චන්දෙ දාන්න හදන්න බැරිද? ග්‍රාමසේවක මහත්තුරුන්ට ඇගිලි සලකුණු වැඩකරන අලුත් ෆෝන් එක ගානේ දීලා චන්දදායකයාගේ ඇඟිලි සලකුණයි ග්‍රාමසේවකගේ ඇඟිලි සලකුණයි මාර්ගෙන් ඇප් එකට ලොග් වෙලා ලයික් එකක් දාන්න වගේ ක්‍රමයක්? ඕනනම් ග්‍රාම සේවක මහත්තයයි පොලිසියේ මහත්තයකුයි පක්ෂ නියෝජිතයෙකුයි ගෙන් ගෙට යවන්න බැරි නැහැනේ? මිදුලට කතා කළා අඩි තුනක් ඇතින් ඉඳන් චන්දෙ ගත්තා. චන්දෙ දාපු කට්ටියගේ ලැයිස්තුව එවෙලේම අන්තර්ජාලෙන් බලාගන්න පුළුවන් වෙන්න හැදුවනම් හොර චන්දයක් දැම්මොත් එවෙලේම මාට්ටු වෙනවා. අපේ විශ්වවිද්‍යාලවල කොල්ලන්ට කිව්වොත් සතියෙන් ඇප් එක හදලා දෙයි. කොරෝනා අල්ලන්න ගෙවල් ගානේ යන එකේ චන්දෙ ගන්න ගෙවල් ගානේ යන එක අමාරු වෙන එකක් නැහැ. අනික දවස් තුන හතරක් උනත් ගිහින් ගෙවල් ටික කවර කරගන්න බැරිවෙන එකක් නැහැනේ. ගමේම මිනිස්සු චන්ද නිලධාරීන් ඉන්න තැනකට ගෙන්නුවත් එකයි, ඒ නිලධාරීන් ගම පුරා ගිහින් චන්දෙ ගත්තත් එකයි.
@chandima පාර්ලිමේන්තු ජන්දය පවත්වන ක්‍රමය හිතෙන විදිහට වෙනස් කරන්න බැහැ . ඒකට පනත් වෙනස් කරන්න වෙනවා.