



කෝවිඩ් - 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ.
මෙම එන්ජින් ඉතාම සැහැල්ලු සුළං පෙති වලින් සමන්විත වන අතර ඒවා ගුවන් තොටුපොළක පවතින සාමාන්‍ය සුළඟින් පවා අනායාසයෙන් ක්‍රියාත්මක වේ. එවන් අවස්ථාවකදී කුඩා කුරුල්ලෙකු නැතහොත් කෘමියකු මෙම ඇන්ජිම ඇතුළට රිංගා ගියද සුළං පෙත්ත ක්‍රියාත්මක වන හෙයින් සතා ඒ ඇතුළතදීම විනාශයට පත්වෙයි. අනතුරුව ඇන්ජිම නරක් වන හෙයින් ගුවන් යානා දිගු කලක් ගාල්කර තබන අවස්ථාවලදී ඒවායේ ඇන්ජිම ආවරණය කරනු ලැබේ. ගුවන් යානයේ ඇන්ජින් දූවිල්ලෙන් ආරක්ෂා කරගැනීමත් මෙම ආවරණයේ තවත් අපේක්ෂාවකි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ රටවල් 63 කට අයත් ගමනාන්ත 147 කට පියාසර කරයි. එහෙත් කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා ලෝකයේ බොහෝ රටවල ගුවන් තොටුපොළ වසා දමා ඇති අතර සම්බන්ධිත ගුවන් සේවාද නතර කර තිබේ. එබැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද සිය යානා ගාල්කර තැබීම හැර විකල්පයක් නැත.
කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහනය සහ බෙහෙත් ප්‍රවාහයන සඳහා ගුවන් යානා කිහිපයක් වරින් වර යොදාගන්නා බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ආරක්ෂක හමුදා වළලු ආකාරයට දිවා රාත්‍රී ආරක්ෂාව සපයනු ඇති බව පුරවැසියෙකු ලෙස මගේ කාරුණික බලාපොරොත්තුව...
හප්පෝ මෙයාලගේ තියෙන ආදරේ මේ ගුවන් යානාවලට...! ඕක ඉතින් අපේ රටේ අයගේ ලොකු වැඩක් හැටියට පෙන්වන්න පත්තරවල, ගුවන් විහිළුවල, ඉන්ටෙර්නෙට් එකේ එහෙම දැම්මාට ලෝකයේ හැම රටකම මේ විදියට ගුවන් යානාවල එන්ජින් ආරක්ෂා කරන බව ඕකේ ලොක්කෝ දන්නේ නැතුව ඇති. යානයේත්, මගීන්ගේත් භාරධුරම වගකීම තිබෙන්නේ ඒවායේ "රියැක්ටර්" හෙවත් එන්ජින් නිසා, ඒවා ආරක්ෂාකර ගැනීමේ වගකීම ගුවන් යානා සමාගම් සතු බව අදවත් මේ අය දැනගත යුතු වෙනවා...
අපි වගේ දන්නේ නැති අයට මොකක් හරි දැනගන්න වෙබ් පිටුවේ දාපුවම නිකම් කෝචෝක් කරලා දන්නකම පෙන්නන්නේ තමන්ගේ හිස් බව නිසා. ප්‍රන්සෙ පාරවල් අතුගාන ලෙඩ්ඩු බලාගන්න එවුනුත් එයාර් බස් කොම්පැනියේ ඉන්ජිනේරුවොලු අපේ ගම්වලදී.
උපරිම ආරක්ශාවට කිව්වට ආවරණයක් දාන්න අමතකවෙලා. ආරක්ශා කලයුතුම තැන හැමදෙනාටම ආදර්ශයක් වෙන්න.
ගුවන් යානයක එන්ජිම ඉටි කොළයකින් වැහීම ජාතික ප්‍රවුර්තියක්....
උපරිම ආරක්ෂාව කියලා තිබෙන කොට මම හිතුව කොරෝන ලෙඩ්ඩු ඇතුලට එන එක /ඕවගේ කැලි ගලවන්න හොරු / සහරන් කණ්ඩායම ඕව ඇතුලට එන එක නවත්වන්න ආරක්ෂාව දමලා කියලා...
හිගාකාලා ණයවෙලා හරි ගත්ත ගුවන් යානා අපේ රටට සම්පතක්. කුලී වැඩ කරන අයගේ ඉදන් හැමෝම මේවට දායක වෙලා තියෙනවා. කරුමෙට බඩගෝස්තරවාදියෝ 225 ක් මේ සමාගම් හූරගෙන කෑවට අපි හැමෝටම යුතුකමක් තියෙනවා මේ දේවල් රැකගන්න.
මහේෂ් ජය මහත්මයා , ඔය ශ්‍රී ලන්කන් එක සම්පතක් නොව කටු ඔටුන්නකි. ඕක වසරකට රුපියල් කොටි 2000 විතර පාඩු ලබනවා. ඒවා පියවන්නේ දුප්පත් අපේ බදු සල්ලිවලින්. ඔය මුදල් වාර්ෂිකව අපේ පොදු ප්‍රවාහන සේවා දියුණුකරන්න යොදනවා නම් ඉතා හොඳය. ජිවිතේට ගුවන් තොටුපලකට පය ගසාවත් නැති අහිංසක මිනිස්සු ඕක නඩත්තු කරන්න බදු ගෙවනවා .
අනිත් මිනිසුන්ට ගරහන එක මෝඩයාගේ සිරිතයි. පිටරට වැඩකරලා එවන මුදල්වලින් තමයි රට දුවන්නේ. අනික් අතට පිටරට ඉදලා ආපු ජනාධිපතිතුමා නිසයි රට මේ විදිහට ඉහලට එන්නේ ලංකාවේ පරණ කට්ටිය සිටියානම් සොරිම තමයි.
අපි කෑවෙ උත්තම රජ කොල්ලෝ වගේ...