බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය වන කැරී සිමන්ඩ්ස් මහත්මිය ලන්ඩන් රෝහලකදී නිරෝගී පිරිමි දරුවකු බිහිකළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ සමිබන්දව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මව සහ දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
අද (29) පෙරවරුවේ දරු උපත සිදුවූ බවත් ඒ් සම්බන්දව අගමැතිවරයා සහ සිමන්ඩ්ස් මහත්මිය සතුටට පත්වි සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. දරු උපත බලාපොරොත්තු වූ දිනයට වඩා කළින් සිදුවී ඇතැයි සඳහන් වේ.
කෙසේ වුවද දරුවාට තවමත් නමක් තබා නොමැත.
බොරිස් ජොන්සන් මහතා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පසුගිය වසරේ ජූලි මාසයේ සිට 32 හැවිරිදි කැරී සිමන්ඩ්ස් මහත්මිය සමග ඩවුනිං වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ ජීවත් වෙයි.
ඔවුහු විවාහ ගිවිසගෙන සිටින බවත් පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවත් පෙබරවාරි මාසයේදී නිවේදනය කළහ.
මේ වනවිට 55 වන වියේ පසුවන බොරිස් ජොන්සන් මහතා මීට පෙර විවාහ දෙකකින් දික්කසාද වී ඇති අතර ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි පැවසීම ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
කොවිඩ් - 19 ආසාදනය වීමෙන් පසු සුවය ලැබූ අගමැතිවරයා පසුගිය සඳුදා නැවත සේවයට පැමිණියේ ය.
බ්‍රිතාන්‍ය නායකයින් කිහිපදෙනකුටම ධූරයේ සිටියදී දරුවන් ලැබී තිබේ. ඩේවිඩ් කැමරන්ගෙගේ බිරිඳ සමන්තා 2010 වසරේදී ඔවුන්ගේ දියණිය ෆ්ලොරන්ස් බිහි කළාය. ටෝනි බ්ලෙයාර්ගෙගේ බිරිඳ චෙරී ද 2006 වසරේදී ඔවුන්ගේ පුතු ලියෝ බිහි කළාය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු උපතක් පෙම්වතියට ?
එතකොට බබා හම්බ වෙලා තියෙන්නේ පෙම්වතියට . බිරිදට තවම බබා හම්බ වෙලා නැද්ද එහෙනම්?
ගැටේ නීත්‍යානුකූල උනහම උවමනා උනහම ගලවාගන්න අමාරු නිසා ගැට ගහගන්නෙම නැතිව තියා ගන්නවා ඇති...
මේක මේ කොරෝන හැදෙන්න කලින් කෙස් එකක්. ඒ නිසා ඒ "මහත්මියගේ" කොරෝන බලන්න අවශ්‍ය නැහැ.
යකෝ අගමැතිලාට ළමයි හදන්න.. මතක්වෙන්නේ අගමැති වුණාට පස්සෙයි..
ඕකට හැත්තෑව පැනලා. නූලෙන් කොරෝනවලින් කප් නොගහ බේරුනේ ... ඒ මදිවට තවම බබාලා උපද්දවනවා. මට ඇති අමාරුවක් නැහැ... එංගලන්තේ බදුමුදල් ගෙවන අයට හොදනම්.
මේවා බලල අපේ අයත් පටන් ගනීද දන්නේ නැහැ. නීතියෙන් නම් තහනමක් නැහැ. ඒ වුනාට එහේ ජන සමාජය නෙවෙයි මෙහේ....
රටෙ නායකයෝ එලෙස නැහැයි කියලා පෙන්වන්න වෙනවා..
එංගලන්තෙ මිනිස්සුන්ට වඩා කලබල වෙලා තියෙන්නේ අපේ මිනිස්සු...
ඕක මහා දෙයක්යැ... පෙම්වතියන්ට බබාලා හම්බවෙන එක අපේ රටෙත් ඕන තරම් සිද්දවෙන්නේ. ඕන නම් නම් වශයෙන් කියන්නත් පුළුවනි.
රට හදන්න බැරි එකට කෙනෙකුට දොස් කීම හරි. නමුත් ඒ මනුස්සයට ළමයි නැති එකට හිනාවෙන එක මනුස්ස්සකමට ගැළපෙන්නේ නැහැ.