(ඉන්දිකා රාමනායක)
නාවික හමුදා සාමාජිකයන් ට කොරෝනා ආසාදනය වූයේ මේ රටේ ජනතාව වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කළ කැපවීම තුළින් බවත් ඒ හේතුවෙන් නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස ගම් වලින් කොන් කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (29)පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.
ඇතැම් ගම් වලින් නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් කොන් කරන බවට තොරතුරු ලැබ් ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් මේ සම්බන්ධයෙන් කණගාටු වන බවද හෙතෙම කියා සිටියේය.
නාවික හමුදා සාමාජිකයන් මෙම වයිරසයට ගොදුරු වුයේ මහජනයා අතර මෙම වයිරසය පැතිරයාම වැලැක්වී සදහා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ව නොතකා කටයුතු කිරීම හේතුවෙන් බවද ආරක්ෂක ලේකම්වරයා කීය
යුද්ධය නිමාකිරීමට ත්‍රිවිධ හමුදාව සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා සේම කෙරෝනා වයිරසයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට ද ත්‍රිවිධ හමුදාව කැපවීමෙන් කටයුතු කළ බවද ආරක්ෂක ලේකම්වරයා කීය.
රටේ ගංවතුර ඇතුලු ස්වාභාවික විපත් වන සෑම අවස්ථාවකදීම පෙරමුණ ගන්නේ ද ත්‍රිවිධ හමුදාව බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය
මෙම තත්ත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් කොන් නොකර ඔවුන් කළ මහඟු සේවය අගයමින් රට වැසි සියලු දෙනා එක්ව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ලාංකිකයින්ගෙන් වැඩි කොටසක් හීනමානයෙන් හිස උදුම්මාගෙන ඉන්න කට්ටියක්. එයට දුප්පත් පොහොසත් බේදයක් නැහැ . කොරෝනා වෛරසය යනු සමාජ රෝගයක් නොවෙයි. අපේ අය ඇයි ඒ ගැන නොහිතන්නේ? ආසාදිත සෙබළුන්ට හෝ ඒ අයගේ පවුල් වල අයව එසේ කොන් කිරීම හරිම කණගාටු වියයුතු කාරනයක්.... සියලු දෙනාටම තුනුරුවන්ගේ පිහිට ලැබේවා...!!!
මුලින්ම චීනට බැන්න, ඊට පස්සේ ඉතාලියේ ඉදල ආපු එවුන්ට බැන්නා . ඊට පස්සේ මුස්ලිම් මිනිස්සුන්ට බැන්නා. දැන් නාවික හමුදාවේ කොල්ලොන්ට බනිනවා.
මෙය සියලුම ශ්‍රී ලාංකික කොරෝනා රෝගින් සඳහා අදාල විය යුතුයි. අපට කණගාටුයි ඔබතුමා මෙම ප්‍රකාශය කලින් නොකිරීම පිළිබඳව....
ඔබතුමාලා කොරෝනා දේශපාලනයේ යෙදීමෙ ප්‍රතිඵල තමයි මෙ...
නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා බෝවීම පිළිබද ආරක්ෂක ලේකම් ඍජුව වගකිව යුතයි. නාවික සෙබළුන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් කොන් නොකර ඉතා අනාරක්ෂිත ලෙස ඔවුන් සේවයේ යෙදවූ ආරක්ෂක ලේකම් සහ රටේ නායකයාව පිළිකුල් කළ යුතුයි.
හැම දෙකම වැරදි දකින දේශපාලන බදගොස්තරයින්ට මොනවා කරත් වැරදියි.. උන්නැහේලට මම ආරාධනා කරනවා මේ ක්‍රමය හොඳ නැත්නම් කොරෝන වාට්ටුවක පැය දෙකක් ඉඳල තමන්ගේ හොඳ ක්‍රමය ක්රියාත්මකකරලා පෙන්නන්න කියල... අන්න එතකොට අපට ඔය වීරයෝ ටික බලතහැකි...
නාවික සෙබළුන්ගේ යහපත් ක්‍රියා නොදන්නා කෙනෙක් ලංකාවේ ඉන්නවද? ඒ මහතුන්ගේ මහගු සේවයෙන් දහස් ගණනකගේ ජිවිත අරක්ෂා වුන වග සිතන්න පුළුවනි. අනුන්ගේ යහපත පිණිස කටයුතු කරන්න ගොසින් තමන්ට එම රෝගය වැලඳී ඇති අවස්ථාවේ හැකිතරමින් මේ මහතුන්ට පිහිට වෙන්න.
මෙ හමුදා ආණ්ඩුවක්... ඉල්ලන මිනිස්සුම නේද මෙ ආසාධිත සෙබලුන්ව කොන්කරන්නේ..? කණගාටුයි අපේ දහම් දීපය ගැන...
ඇත්තටම නම් ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නැහැ. එය නීති විරෝධී යෙදුමක්. ආරක්ෂක ලේකම්ලා ඉන්නේ මහා බ්‍රිතානයේ සහ ඇමෙරිකාව වගේ රටවල් වල. එය කැබිනට් අමාත්‍ය තනතුරක් ලෙසයි සලකන්නේ. ලංකාවේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. එය අ පරිපාලන නිලධාරි තනතුරක්. ඔහු රාජ්‍ය සේවකයෙක් මිස රජයේ කැබිනට් සාමාජිකයෙක් නෙමෙයි. අනික එහෙම ලේකම් වෙන්න ආරක්ෂක අමාත්‍යාංශයක් මේ වෙනවිට රටේ නෑ. එය ගැසට් කරන ලද තනතුරක් නෙමේ. නීති විරෝධී, අත්තනෝමතික තනතුරක්... එම නියෝගද නීතිවිරෝධී වෙනවා උසාවි ගියොත්... කොහොම වෙතත් මේ දවස්වල තියෙන තත්වේ අනුව දේශපාලනය රටේ ප්රමුඛ කාරනාවලට වඩා වැදගත් වෙන නිසා කන්ද ඕනේ වෙනකොට කබරගොයා තලගොයා වෙනවා..