මැතිවරණයකට නිලධාරීන් තුන්ගුණයක් ඕනෑ
කොරෝනා ව්‍යාප්තිය, මහ මැතිවරණය සහ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර අර්බුද ආදී මාතෘකා මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. විශේෂයෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා ආන්දෝලනාත්මකය. මේ පිළිබඳ කරුණු කාරණා සොයා බැලීමට අපි ඉකුත් දා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවූයෙමු. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක දුරස්තභාවය ද ඇතිව හෙතෙම අප හා සාකච්ඡාවට එක්විය.