(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි.
එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සහ එම නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සභාපති කේ.ඒ.බී. අභයකීර්ති යන මහත්වරුන් අද (30) දින පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූහ.
දැනට රටතුල පවතින සහල් හිගයට හේතුව සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් වලට වී නොමැති වීම බව පෙන්වා දුන් ඔවුන් හැකි ඉක්මණින් තමන්ට වී තොග නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
සතොස සහ සමූපකාර වල නාඩු සහ සම්බා සහල් හිගයක් ඇතිවෙමින් තිබෙන බව පෙන්වා දෙන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා අතිරික්තයක් ඇති බවද කියති. මෙම අවස්ථාවේ ජනතාව කීරි සම්බා පරිභෝජනය නොකරන බව පෙන්වා දෙන ඔවුන් මහාපරිමාණ වී මෝල් හිමියන්ට සැපයීමට හැකිවී ඇත්තේ රටේ සහල් ඉල්ලුමෙන් සීයට විසිපහක ප්‍රමාණයක් පමණක් බවද කියති.
මීට මාස කීපයකට පෙර කීරි සම්බා වී මිළ නාඩු සහ සම්බා වී මිළට වඩා අඩු අගයක් ගත් බව පවසන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා මිළ රුපියල් 125 ක් වීම හේතුවෙන් මේ වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා කිලෝවකින් සමාන්‍යයෙන් ලබන ලාභයට අමතරව රුපියල් 20-25 දක්වා අමතර ලාභයක් ලබන බව පෙන්වා දෙති.
මාධ්‍ය හමුව සදහා සමස්ථ ලංකා සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්.ඩී. රනිල් තුෂාර සහ එහි භාණ්ඩාගාරික එස්.සී. රූපසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.
COMMENTS
දැන් ඒවා මෝල් හිමියන්ට නිදහස් කරන්න තුන් කට්ටුවේ වී ගෙන කුඩා මෝල් හිමියන්ට බෙදල ඒකාධිකාරය නසන්න පාරිභෝගික ජනතාවට සාධාරණය කරන්න
බාගෙන කන එකාගෙයි ඉහගෙන කන එකාගෙයි අතර පරතරය?. වී තොග ගත්තා, නාඩු හා සම්බා හැංගුවා, කීරි සම්බා විතරක් වෙළෙඳපලට නිකුත් කළා. ප්‍රංශයේ 17වන ලුවී රජුගේ බිරිඳ වන ඇන්ටනෙට් කුමරිය කිවාසේ " පාන් නැතිනම් කේක් කාපල්ලා " - නැතහොත් නාඩු, සම්බා නැහැ කීරි සම්බා කාපල්ලා .අර පහුගිය දවස්වල හමුදා නිලදරුවෙක් කිවාසේ සහල් ගත්තේ රුපියල් 45.00 ගණනේ ( රජයේ නියමිත මිල රුපියල් 55.00} විකුනන්නේ? කොහොමද ඉහ ගැනීම?. බඩේ පාර දුප්පතාටම තමා. රාජ්‍ය තොග එලෙසම තබාගෙන පෞද්ගලික තොග මුදලට (රු.45.00 ගණනේ) ගෙන සුළු පරිමාන මෝල් හිමියන්ට නිකුත් කර සහල් හිඟය නැතිකරන එක තමා හොඳම ක්‍රමය. හමුදා නිලධාරියා කිව විදියට ඒ ඒ ගබඩාවල ඇති තොග ගණන් වල දත්ත හමුදාව සතු නොවේද?
ඔය වී අලෙවි මණ්ඩලය කියන එකට තිබෙන වී තොග සහල් කර වෙළඳ පලට නිකුත් කරන්න බැරිනම් ඕකෙන් පලක් තිබේද? ඔය නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ කුමටද? තත්වය මෙහෙනම් මෙවැනි මණ්ඩලයක් රටට අවශ්‍යද ?
හැමදාම නැති බණේම කියනවා බනිනවා මිසක් එක්කෙනෙක්වටත් ගොඩ යන මගක් හොයන්නේ නැහැ. හැම ඉලව්වම රජයෙන් කරන්න කියන මේ ව්‍යාපාරිකයෝ කොහොමද 60% සහල් දෙනවා කියන්නේ ? වී ගබඩා කිරීම රජයෙන් කරලා වී කොටන එක විතරක් මේ අයවලුන් කරනවා කියන්නේ ගබඩා කරන වියදම රටේ මිනිස්සු දරල(රජය කියන්නේ මිනිසුන්ගේ මුදලින් වැඩ කරන තැනක් ) කොටන කොමිස් එක මේ ගොල්ලන්ට දෙන්න කියන එකද ? එතකොට තව කළු කඩයක් නොවේද මේ ක්‍රමය ? පෞද්ගලික තොග මුදලට ගන්න කියන්නේ ගබඩා කළ කෙනා හිඟා කන්න කියන එකද? එකෙක් හදන්න තව එකෙක් නැති කළාම රටක් ඉස්සරහට යන්නේ නැහැ. දේශීය ධනපති නැති කළාම පිටරටවලින් එන අය මේ රට නැති කරයි.ඔය බණ තමා පහුගිය අවරුදු 72ක්ම රටේ වාමාංශිකයෝ ප්‍රගතිශීලී කියන කට්ටිය දෙසුවේ. අදත් අපි හිඟන්නෝ. විදෙස් ආයෝජන දිහා බලන් ඉන්න. අල්ලපු රට ඉන්දියාව දේශීය ධනපතීන් බිහිකළා. රටපුරා ආයෝජන ඔවුන්ගේම දේවල්. අඩු ගණනේ සහල් වත් අපේ රටේ කවුරු හෝ හරි සකසනවා නම් ඉඩ දෙමු.