ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 May 2020
ලෝකය පුරා විනාඩි 2 කදී තිදෙනෙක් මරුට චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසය තවමත් විනාඩි 3 කදී ජීවිත දෙකක් බිළිගන්නා තත්ත්වයේ තිබේ. අද දහවල් 12 ත් රාත්‍රී 8.00 ත් අතර ගතවූ පැය 8 ඇතුළතදී ලෝකය පුරා කොරෝනා රෝගීහු 769 ක් මියගියහ. ඒ අනුව ලෝකය පුරාම පැයකදී මියගිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 96 ක් වී තිබිණ. විනාඩි දෙකකදී තිදෙනෙක් මරු දුටහ. 04 May 2020
ඇඳිරිය කැඩූ 1200ක් අත්අඩංගුවට ගෙවුනු පැය 24 තුළ (අද පස්වරු 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1200 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 314 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 04 May 2020
ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි දින 40කට පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කිරීමත් සමඟ සිය ගණනක් සුරාසල් ඉදිරියේ පෝලීම් ගැසී සිටින අයුරු දක්නට ලැබිණි. 04 May 2020
කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිය යන ගණන ලක්ෂය ඉක්මවන බව ට්‍රම්ප් කියයි ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000කට ආසන්න පිරිසක් මරණයට පත්වනු ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 04 May 2020
කොරෝනා 8 වන මරණය වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 04 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 721 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 721 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 04 May 2020
දෙවැනි රැල්ලක අවදානම මැද යුරෝපය අඟුළු අරී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමට යුරෝපයේ රටවල් රැසක් අද (4) පියවර ගත්තේය. 04 May 2020
දකුණු කොරියාව පාසල් විවෘත කරයි දකුණු කොරියාවේ දරු දැරියන් සඳහා ලබන සතියේදී පාසල් විවෘත කරන බව එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ. 04 May 2020
පුරවැසි වගකීමත් අකුරට ඉටුකරමු ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු පහ දක්වා බල පැවැත්විණි. කොරෝනා මාරාන්තික වයිරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය මෙසේ පැනවිණි. තනි තනි කොරෝනා රෝගීන් හමුවීමේ සිට කොරෝනා පොකුරු රෝගීන් හමුවීම දක්වා කොරෝනා මාරාන්තික වයිරසය පැතිරයාම වර්ධනය වී තිබෙන අතර, මෙම සටහන තබන මොහොත වන විට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළ නැග තිබේ. 04 May 2020
විදේශයන්හි සිට එන සිසුන් නිරෝධායනයට මොරටුව තාක්ෂණායතනයේ නේවාසිකාගාරය විදේශ අධ්‍යාපන සදහා ගොස් සිටින සිසුන් ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන කටයුතු කිරීම හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාර ගොඩනැගිලි ලබා දී තිබේ. 04 May 2020
මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි මැයි මාසයට අදාල විශ්‍රාම වැටුප ගෙවීම අද (04) ආරම්භ කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි 04 May 2020
විෂබීජහරණ කුටි ප්‍රායෝගිකව සාර්ථක නෑ කොරෝනා වයිරසය මර්ධනය කිරීම සඳහා පොදු ස්ථානයන්හි විෂබීජහරණ කුටි පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සාර්ථක ක්‍රියාවක් නොවන බවත් එමගින් විෂබීජහරණයට යොමුවන පුද්ගලයන් අනතුරුදායක තත්ත්වයකට පත්වන බවත් ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය දැනුම්දෙයි. 04 May 2020
රජයේ රෝහල්වලින් පසුගිය සතියේ කොරෝනා රෝගීන් නෑ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ කිසිදු රෝගියකු රජයේ රෝහල්වලින් ඉකුත් සතියේදී වාර්තා වී නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ‘‘ලංකාදීප’’යට පැවසුවාය. 04 May 2020
පැය 16 කට රෝගීන් 55,700 ක් චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (4 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යාහ්න 12.00 වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ගොස් තිබිණ. 04 May 2020
මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට අරඹයි කොවිඞ් 19 වයිරසයේ ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට රජයෙන් ගෙවූ රුපියල් 5000 සහනාධාරය මැයි මාසය සදහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. 04 May 2020
ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04) දීන විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි . 04 May 2020
ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4) නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි. 04 May 2020
එංගලන්තයේ - ලන්ඩනයේ සිටි 207 ක් ශ්‍රී ලංකාවට එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද(4)දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 04 May 2020
තවත් කොරෝනා රෝගීන් 10 ක් වාර්තා වෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 May 2020
පැය 5 කදී ලෝ පුරා රෝගීහු 6170 ක් සුවය ලබා පිටව යති චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 245,000 ඉක්මවා තිබිණ. 03 May 2020
ඊශ්‍රායලය ශ්‍රේණි කිහිපයකට පාසල් විවෘත කරයි මාස දෙකකට පසු පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට ඊශායල බලධාරීහු අද (3) පියවර ගත්හ. 03 May 2020
නිවාඩු දිනයක නාමයෝජනා භාරදිම නිත්යනුකුලයි නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකළේය. 03 May 2020
ඇඳිරි නීතිය ඇතත් වෙසක් උළෙලට සැරසෙති කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල සැමරීම සදහා පිරිස් සුදානම් වන අයුරු දැකිය හැකිය. 03 May 2020
සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 5 ක් අත්අඩංගුවට ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. 03 May 2020
කොරෝනා මරණ 240,000 පනී චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 240,000 ඉක්මවා තිබිණ. 03 May 2020
ඉරානය දේවස්ථාන විවෘත කරයි ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන සඳුඳා හෙට (4) සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර ඇත. 03 May 2020
බ්‍රිතාන්‍ය අගමැති මියගියහොත් පසුව කරන සැලැස්මක් තිබිලා ‘කොවිඩ්-19’ ආසාදනය වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසියේ හෝ මියගියහොත් ඉන් පසු කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර තිබී ඇතැයි ‘ද සන්’ පුවත්පත වාර්තා කරයි. 03 May 2020
බේරුවල යළි විවෘත කරයි කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා නගර බවට පත්කර, සංචරණ සීමා පනවා තිබූ බේරුවල(පන්නිල සහ චීනකොටුව) යන පෙදෙස්වල සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026