(රංජිත් රාජපක්ෂ)
ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.
අකුරැස්ස ප්‍රාදේශිය සභාවට අයත් යැයි පැවසෙන ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිව්දෙනා මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොල පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නිති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියළු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර , ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරිම නල්ලතන්නිය පොලිසිය විසින් තාවකාලිකව නතර කර ඇත.
සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුව් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මළු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවදානය යොමු නොවි පැමිණ ඇති බවමස්කෙලිය පොලිසිය කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
අනේ මෙ වගේ මෝඩයෝ... අනේ මගේ රටට බුදු සරණයි ...
රාජ්‍ය ලේබල් ගහගෙන, එක එක විදියේ කොළ අලවාගෙන ආපු නිසා මෙච්චර දුරක් මේ "වන්දනාකරුවන්ට" යහතින් එන්න ලබාදුන් ආරක්ෂක අංශ නිලධාරීන්ට එපින් බලෙන් නිවන් සුව ලැබේව කියනවා හැරෙන්න වෙන මොනා කියන්නද ? රටේ තිබෙන යුනිෆෝර්ම් උනත් රාජ්‍ය ලාංචන, A 4 කඩදාසි ඉදිරියේ දනින් වැටී තිබෙන බව පැහැදිලිවම පේනවා. ඇදිරි නිති බලපත් නැතුව පැමිණි මොවුන්ගෙන් අකුරැස්ස පොලිසියේ නිලධාරීන්.... "යන්නේ කොහේද, මල්ලේ මොනාද ?" කියා ප්‍රශ්න කරානම්, මෙතරම් දුර ගෙවාගෙන යාමට පිටත් උන වන්දනාව එතැනින්ම අවසන් වෙනවාට කිසිම සැකයක් නැත !!!
මහඑවුන් කතරගම යද්දී, පොඩි එවුන් සිරිපාදෙ යනවා කියන්නේ මෙව්වට තමයි.
ආරංචියේ හැටියට මේ සභාපති මද කාපු කෙනෙක්.මොහු චන්ද කාලේ තමාටම බැනලා පෝස්ටර් ගැහුවාලු. ඒකෙන්ම ඔහු දිනුවාලු. කොහොමද මොලේ? ඒ උනාට මේපාර බඩු මාට්ටු.
ව්‍යවස්ථාවක් චන්දයක් මගින් රටේම ඉන්න ඉහළම බුරුවන් සහ හොරුන් ටික පාර්ලිමේන්තුවට,පළාත් සභාවට , ප්‍රාදේශීය සභාවට යවලා අහසට දත නියවන එකම ජාතිය අපි වෙන්න ඕනේ. මෙය වෙනස්විය යුතුයි . සියලුම දේශපාලකයින්ට තමන් කළ සාමාජීය වැඩ වලට ලකුණු ක්‍රමයක්, නිර්ණායකයක් දියයුතුයි. නිකන්ම ඕනේ බුරුවෙකුට චන්ද ඉල්ලන්න අවස්ථාවක් නොදිය යුතුයි.
රන්ජන්ට වගේ උනන්දුවක් නැහැ වගේ.
අකුරැස්සේ සිට මස්කෙළියට යනතුරු පරික්ෂාවන්ට හසු නොවී ගියා කියන්නේ කොතැනක හෝ යම් වරදක් සිදුව තිබෙනා බවයි. ආරක්ෂක අංශ වල මහත්වරුනි සැළකිලිමත් වන්න. මේ ආකාරයට ආයුධ, මත් ද්‍රව්‍ය සහ වෙනත් තහනම් භාණ්ඩ ප්‍රවාහනය කළ හැකියි.
ලංකාවේ දේශපාලුවන් හිතන් ඉන්නෙ ඒ අයට ඕනැ දෙයක් කියන්න පුලුවන් ඕන දෙයක් කරන්න පුලුවන් ,ඕනෙ නීතියක් කඩන්න පුලුවන් කියලා.රටට අවශ්‍ය වන්නේ මෙවැනි දඩාවතේ යන දේසපාලුවන් අල්ලා ගැටගසා කූඩු කිරීමේ අවංක උවමනාවක් සහ ඒ සදහා ශක්තිමත් කොන්දක් ඇති නායකයෙකි. වත්මන් ජනපතිතුමාට ඒ කොන්ද තිබේයැයි උදක්ම විශ්වාස කරමි.
මේ හදිස්සියෙන්ම කොවිඩ් වයිරසේ නැතිවෙන්න බාරයක්වත් වෙන්න ගියාද දන්නේ නැහැනේ.
සිරිපාදෙ යන්න බෑ. හැබැයි ඔක්කොටම කලින් තැබෑරුම් ඇරියා. තැබෑරුම් ඇරපු දවසේ ඉදන් තමයි රෝගීන් වැඩිවෙන්න ගත්තේ.
මරණාධාර සමිතියක සභාපතු වෙලා "මේ ගොන් වස්සා " මෙසේ නීතියට අවනත නොවේ නම් දියවන්නාඔයේ තියෙන " රටට ගිනි දෙන " සමිතියේ නිකම්ම නිකන් සාමාජිකයෙක් වුනොත් "මේ බුරුවා " කෙසේ නීතියට සලකයිද ?? මෙම අදහස් අප රටේ මුල් පුරවැසියාට කියවීමට හැකි වේවා !
මේ වගේ කමකට නැති අපතයින්ව සභාපතිකමට පත් කර ගත්තේ අකුරැස්සේ මිනිස්සුන්ට මොලේ කචල්ද? පක්ෂ නායකයින්ට වෙන මිනිස්සු නැතිවද?අනික මේ අයට මහත්වරු කියලා කියන්නේ මහත්වරුන්ට හොරු කියන්නද?
මේ වගේ කැනහිල්ලු තමයි හෙට අනිද්දට අපේම මිනිස්සු ටික එක්ක්කාහු වෙලා දියවන්නා පට්ටියට යවන්නේ.මේ ලඟදි එක ළඟ කීයක් උනාද ? සෙවනගල පැත්තේ එකයි (ළමා අපචාර ) අනිත් එකා බූරුවා ගහල දැන් මේ කාලකන්නි ක්‍රමයෙන් මේ රට කවදාවත් මිදෙන්නේ නැහැ මෙතෙන්ට කෙලින්ම අදාළ නොවුනත් මේකත් ඒ දම්වැලේම පුරුකක්. පහුගිය දවස්වල ජා ඇල සුදුවැල්ලේ මිනිස්සුව දඬුකඳේ ගැහුවා කුඩ්ඩෝ කියලා. ඒක ඇත්ත. නමුත් මේ කුඩ්ඩෝ ටික පෝෂණය කරන්නේ ඒ පැත්තේ ඉන්න මෙන්න මේ අයගේ කුලකයේ දේශපාලුවන්. ඇත්ත ඒකයි.
ඇදිරි නීති බලපත්‍රයක් නැතිව යන්න ඇත්තෙ දේශපාලුවෙක් හින්දා වෙන්ඩ ඇති. හුගක් දේසපාලුවෝ හිතාගෙන ඉන්නෙ රටේ නීතිය උන්ට වලන්ගු නැහැ කියලා. ඔක්කොම දූෂිත වැඩ කරපු එවුන් අද නිදහසේ සුවසේ ඉන්නවා.
නාවලපිටිය නගරාධිපතිගේ අඹගමුවේ බූරුවාපොලට එන්න ඇති.
රජයේ දේපළ තමුන්ගේ පුද්ගලික උවමනාවන්ට යොදා ගැනීම පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව, නගර සභාව දක්වා පැතිර ගොස් ඇත.රටේ නීති කැඩීම දේශපාලන තනතුරුවල ප්‍රධාන බලතල වලින් එකක් බවට පත්වී ඇත. නුසුදුස්සන්ව නායක තනතුරුවලට පත් කරගැනීම රටේ සම්ප්‍රදාය බවට පත්වී ඇත. ලංකාවට ගොඩ ඒමක් පෙනෙන මානයේ නැත.
මේ අය පක්ෂවලින් නෙරපා දේශපාලනයෙන් එළවා දැමිය යුතුයි. රටට වැඩක් නැති මිනිස්සු
මුල් පුරවැසියා තියෙන නීති ඔක්කොම නවල ඇවිල්ල ඉන්නේ ඔතනට.