(රෝෂන් තුෂාර) 

වසර 16 ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි  චිරාණි ලක්මන්ති හෙනරත්  හෙට්ටිආරච්චි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

තම සැමියාට එරෙහිව විභාගවන  තවත් අල්ලස් නඩුවකට  අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට  කටයුතු සම්පාදනය කරවා ගැනීම සඳහා මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයක වරයකුට අල්ලස් ලබාදීම වෙනුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.