
(ජේ.ඒ.එල් ජයසිංහ සහ විමුක්ති එස් රුද්‍රිගු)
යූ.අයි ග්‍රීන් මෙට්‍රික් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමට අනුව පරිසරහිතකාමීත්වයට සහ සමාජ වගකීමට ප්‍රමුඛතාවදී කටයුතු කරන මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හිමිව ඇත.
එම ශ්‍රේණිගත කිරීමට අනුව පරිසරහිතකාමීත්වයට සහ සමාජ වගකීමට ප්‍රමුඛතාවදී කටයුතු කරන විශ්ව විද්‍යාල අතර දෙවැනි ස්ථානය කැළණිය විශ්ව විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයටත් හිමිව තිබේ.
එම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ පරිසරහිතකාමීත්වය සහ සමාජ වගකීමට ප්‍රමුඛතාවදී කටයුතු කරන විශ්ව විද්‍යාල අතර පේරාදෙණියට ලෝකයෙන්ම 200 වැනි ස්ථානයත්, කැළණිය විශ්ව විද්‍යාලයට 237 වැනි ස්ථානයත්, කොළඹ විශ්ව විද්‍යාලයට 276 වැනි ස්ථානයත් හිමිව ඇත.
ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය නෙදර්ලන්තයේ වැගිනිගන් විශ්වවිද්‍යාලය හිමිකර ගෙන ඇති අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් ජර්මනියේ ට්‍රියර් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයත්, බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයත් හිමිකරගෙන තිබේ.
ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් හෝ ඇමෙරිකාවේ එම්.අයි.ටී විශ්ව විද්‍යාල ඇතුළු ලෝකයේ අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින විශ්ව විද්‍යාලය කීපයක් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවී තිබීම විශේෂත්වයකි.
යූ.අයි ග්‍රීන් මෙට්‍රික් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව නිකුත් කෙරෙන අතර එයට රටවල් 105 විශ්ව විද්‍යාල 2,016ක් සහභාගී වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd