(රංජිත් රාජපක්ෂ)

හැටන් රුවන්පුර ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්  ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගේ මුදල් ලබා ගත් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරය අත්අඩංගුවට ගත් බව  හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය කියයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නාගරික මන්ත්‍රීවරයෙකි.

2022 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ශේත්‍ර නිළදාරියකු සමග එක්ව සැකකරු හැටන් රුවන්පුර ප්‍රදේශ  ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී සැකකරුගේ ගිණුමට රු. හය ලක්ෂයේ සිට ලක්ෂ 15 දක්වා පුද්ගලයන් කිහිප දෙනකුගෙන් මුදල් ලබා ගෙන  ඉඩම ලබා නොදීම සම්බන්ධයෙන් අදාළ නාගරික මන්ත්‍රීවරයාට එරෙහිව ලද පැමිණිල්ලක් මත හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ අධික්ෂණය යටතේ විමර්ෂණය කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා සැකකරුගේ බැංකු ගිණුම් වාර්ථා ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.