චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසය තවමත් විනාඩි 3 කදී ජීවිත දෙකක් බිළිගන්නා තත්ත්වයේ තිබේ. අද දහවල් 12 ත් රාත්‍රී 8.00 ත් අතර ගතවූ පැය 8 ඇතුළතදී ලෝකය පුරා කොරෝනා රෝගීහු 769 ක් මියගියහ. ඒ අනුව ලෝකය පුරාම පැයකදී මියගිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 96 ක් වී තිබිණ. විනාඩි දෙකකදී තිදෙනෙක් මරු දුටහ.
අද රාත්‍රී 8.00 වන විට ලෝකයෙන්ම වාර්තා වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,592,560 ක් විය
වඩාත්ම සුබවාදී කරුණ වූයේ එම පැය 8 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 8,906 දෙනෙක් සුවය ලැබීමයි. ඒ අනුව පැයකදී සුවය ලද රෝගීන්ගේ සංඛ්‍යාව 1,113 කි.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් ඇතිවූ රටවල් අතරේ ශ්‍රී ලංකාව තවමත් 100 වැනි ස්ථානයේ සිටී. ඉන්දියාව 15 වැනි ස්ථානයේත්, ඕස්ට්‍රේලියාව 47 වැනි ස්ථානයේත් නවසීලන්තය 81 වැනි ස්ථානයේත් සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පහලින් තව රටවල් 100 පමණ ඉන්නවා.
මෙය ප්‍රධාන පුවතක් වන්නේ කෙසේද?
ලෝකයේ සෑම තත්පර 4ක් ඇතුළත බඩගින්න නිසා මිනිසෙකු මිය යන බව ඔබ දන්නවද?