චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (4 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යාහ්න 12.00 වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ගොස් තිබිණ.
ගතවූ පැය 16 ඇතුළත (ඊයේ රාත්‍රී 8.00 සිට අද දහවල් 12 දක්වා) කොරෝනා වයිරසය ආසාදිත වූවන් 55,773 ක් හමුවී ඇති අතර ආසාදිතයෝ 2822 ක් මියගියහ. එහෙත් ලෝ පුරා සිටි කොරෝනා රෝගීහු 24,363 ක් සුවය ලැබූහ.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව තවමත් 100 වැනි ස්ථානයේ පසුවෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd