‘කොවිඩ්-19’ ආසාදනය වී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසියේ හෝ මියගියහොත් ඉන් පසු කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර තිබී ඇතැයි ‘ද සන්’ පුවත්පත වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ බව අනාවරණය කළේය.
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීය. ඒ පසුගිය අප්‍රේල් මාසයේදීය. වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට ලක්වී සිටි අතර තත්ත්වය නරක අතට හැරීම නිසා හෙතෙම රෝහල් ගත කළේය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දැඩි සත්කාර ඒකකයට යොමු කළ අතර ඔහු එහි දිනක් ප්‍රතිකාර ලැබීය.
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඩවුනින් වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසය පැමිණියේ පසුගිය සතියේ ඉරිදාය. ඔහු සඳුඳා ( 27 ) අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරීය ඇරැඹීය.
‘‘මාව ජීවත් කරවන්න ඔක්සිජන් ලීටර ගණනින් දෙන්න වුණා’’ යැයි සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවය.
‘‘ඒක හරියට ස්ටාර්ලිගේ මරණ වගේ දෙයක්. මා මියගිය හොත් කරන්නේ කුමක්දැයි සම්බන්ධයෙන් ඔවුන් උපාය කල්පනා කර තිබුණා. ඒ සඳහා සැලැස්මක් ද සකස් කර තිබුණා. ඒ ටික හිතන්න අමාරු, දුෂ්කර දෙයක්. පැරැණි මතකයක්. ඒක මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ’’ යැයි බොරිස් ජොන්සන් තවදුරටත් පැවැසීය.
අල්ජසීරා
ඡායාරූප – ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් සකස් කරලා තියෙන්නේ අපේ "වාසනාවකට" හෝ අපේ රටේ ලොක්කෝ ඇතුළු නරි 225 කුරියා ගැහුවොත් කරන්නේ මොකක්ද කියලා. මුළු රටේම උත්සව,ජය ගෝෂා පවත්වනවා... යක්ෂයින්ගෙන් මිදීම ගැන.... එහෙමත් නැත්නම් යක්ෂයින් අපාගතවීම ගැන...!!!
එංගලන්තේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...
අපේ රටේ දේශපාලුවන්ට මේ කොරෝනා , ඩෙංගු වැනි රෝග වැළඳෙන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය මගේ හිතට කාලයක් වදදුන්නා.ඊට හේතුව හරිම" සිම්පල් " දෙයක් - ගවයන්ට,මි හරකුන්ට මේ රෝග වැළඳෙන්නේ නැහැ. උන්ට වැළඳෙන්නේ කුර ලෙඩයි...
බ්‍රිතානයේ සන් පුවත්පත කියන්නේ බොරුව විකුණන එකක්. එව්වා ගැන කිසිකෙනෙක් එතරම් තැකීමට ලක්කරන්නේ නැහැ.
මෙය මහලොකු රාජකීය දෙයක් නොවෙයි...
ලංකාවේ වගේ වයිෆ්ට හෝ පුතාට අගමැතිකම දෙන්නේ නැහැනේ.
බටහිර රටවල් වැඩ කරන්නේ එහෙම තමයි. ඉස්සර කාලේ සදට යනවා කියල රොකට් එකක් ලෝකය වටේ යවලා ආපසු ගෙන්නගන හොලිවූඩ් තාක්ෂණය සහිත චිත්‍රපටියක් පෙන්නලා ලෝකටටම කොකා පෙන්නුවා හැටි මතකද ? රොකට්ටුවට ගගනගාමීන් නගින්නත් කලින් ඇමරිකාවේ ජනාධිපති තුමා ඉදිරියේදී විකාශනය කිරීමට සුදුසු යයි සිතු වීඩියෝ පට කීපයක්ම පටිගත කල හැටි එකල ජන මාධ්‍ය වල සදහන් විය. මොවුන් දියුණු ජාතීන් වන්නේ ඉදිරිය ගැන සැලසුම් ඇතිව වැඩ කරන නිසාවෙනි. ඕනෑම අවස්ථාවකට මොවුන් කලින්ම සුදානම් වෙනවා.