(ඩයනා උදයංගනී)
විදේශ අධ්‍යාපන සදහා ගොස් සිටින සිසුන් ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන කටයුතු කිරීම හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාර ගොඩනැගිලි ලබා දී තිබේ.
එය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිල වශයෙන් භාරදීම උසස් අධ්‍යාපන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සහ තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම විශ්ව විද්‍යාලයේ ඇති නේවාසිකාගාර කාමර 256 ක් මේ වෙනුවෙන් ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නිසි බලධාරී ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ලංකාදීපයට පැවසීය.
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට අද (4) මෙරටට ගෙන්වූ සිසුන් 207 දෙනා මෙහි නිරෝධායනය වන පළමු කණ්ඩායම ලෙස පැමිණි බව ද මහාචාර්යවරයා සදහන් කළේය.
කොරෝනා වංසගත තත්ත්වය සමනය වී විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු යළි අරඹන තුරු මෙම ආයතනය නිරෝධායන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දී තිබෙන බව කී සුනිල් ජයන්ත නවරත්න මහතා මෙහි පැමිණෙන පිරිස්වලට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සපයනු ලබන බව ද කීවේය.
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, යුධ හමුදාව නියේජනය කරමින් මේජර් ජනරාල් මඩවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීහු සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද මෙම ආයතනය යුද හමුදාව වෙත භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේ මේ රට පාලනය කරන්න ඉන්න වැදගත් දෙමව්පියන්ගේ දරුවන් වැලිකන්ද වව්නියා මුලතිවු වගේ දුෂ්කර නොයවා මොරටුවේ තබාගෙන පහසුකම් ලබාදීම පිලිබඳ ආණ්ඩුවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
විශ්වවිද්‍යාල නිවාඩු නිසා හොඳට ගියා, නැතිනම් රතු ඇඳගෙන රතුපාටින් ලියපු බෝඩ් බැනර් උස්සගෙන අම්ම තාත්ත මලා වගේ බෙරිහන්දිදී යන කොල්ලෝ කෙල්ලෝ එක්කල එකතුවෙලා අපේ සුපෙක්ශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලත් තාප්ප උඩ නැගල සදිව්ලොකෙට පණපිටින් යන්න දඟලන හැටි බලන්න තිබුන අපට... අර කැඳවුම් කාරයද? මොකාද? කියන හිකණලා කොරෝනවලට බයේ ගෙදර වෙන්න ඇති මගේ හිතේ? අනේ මේ කොරෝන වලට පින් සිද්දවෙන්න උන්නාන්සේලා පන්සල්වල නායක හාමුදුරුවන් වහන්සේලාත් එක්කල ඉන්න ටිකේ අඩු තරමින් පාන්සකුලේ දෙන්නවත්, බනපදයක් කියන්නවත්, ඉගෙන ගන්නවා නම්?
කොරෝනා වලින් පස්සෙ කාලවල් වලදිත් නේවාසිකාර මේ තත්වයෙන් පවත්වාගෙන යන්න බැරි වෙයිද? මකුණන් බෝවිම නිසා විශ්වවිද්‍යාල වසාදමන තරම් පාලනාධිකාරියක් සහ ශිෂ්‍යයන් පිරිසක් ඉන්න රටක් මේක.