මහබැංකු පොලි අනුපාතය පහළට උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 07 May 2020
කොරෝනා කාලයේදී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත. 07 May 2020
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 804 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 07 May 2020
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12 ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහනුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) දින නිදහස ලැබුහ. 07 May 2020
ඇමෙරිකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට කෑම නෑ ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී ඇත. 07 May 2020
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෝ 223 ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදි සිරකරුවෝ 223 දෙනෙක් නිදහස ලැබූහ. 07 May 2020
ගාල්ල - බූස්ස බන්ධනාගාරවල සිටි සිරකරුවන් 12 කට නිදහස වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බූස්ස බන්ධනාගාරවල රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ. 07 May 2020
පෝලන්තයේ ජනාධිපතිවරණය කල්දමයි පෝලන්තයේ ඉරිදා (10) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 07 May 2020
ඇමෙරිකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ටත් කොරෝනා ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජිකයන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 07 May 2020
යාපනය බන්ධනාගාරයේ රැඳවියෝ 5 ක් ක් නිදහස ලබති වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ අතරින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෝ පස් දෙනෙක් අද (07) නිදහස ලැබූහ. 07 May 2020
අයි.ඩී.එච් රෝහලේදී ශීල භාවනා වැඩසටහනක් වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය හා නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් ශීල භාවනා වැඩසටහනක් අද (07) රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. 07 May 2020
අයවැය පීඩනයට මුහුණ දෙන්න රජය රාජ්‍ය සේවකයන්ගෙන් සල්ලි ඉල්ලයි සමස්ථ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. 07 May 2020
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 28කට සමාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙසක් පොහෝය දිනය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ කුරුවිට වළදුර පිහිටි කුරුවිට බන්ධනාගරයේ සුලු වැරදි සහ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් විසි අටදෙනෙක් අද (7) දහවල් නිදහස ලැබ පිටව ගියේය. 07 May 2020
ඉන්දියාවේ කම්හලක විෂ වායු කාන්දුවකින් 6 ක් මරුට - 1000 රෝහලට නැගෙනහිර ඉන්දියාවේ රසායනික කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය සඳහන් කළේය. 07 May 2020
මිය ගිය කාන්තාවක් මිහිදන් කිරීම තාවකාලිකව නතර කෙරේ වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගත්තේය. 07 May 2020
සුළු වැරදි වලට දඩුවම් ලැබු 17 කට නිදහස වෙසක් උත්සවය නිමිතිකරගෙන වාරියපොල බන්ධනාගාරයේ සුලු වැරදි වෙනුවෙන් දඩුවම් ලබා සිටි සිරකරුවන් 15 දෙනෙකු අද (07) දහවල් නිදහස් කරනු ලැබීය. 07 May 2020
ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි 2019 - 2020 ශ්‍රී පාද වන්දනා වාරය චාරිත්‍රානුකූලව අද (07) වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත් කෙරේ. 07 May 2020
වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල ඇතුළු ශාසනික සිද්ධින් රැසක් සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අද (07) යෙදී ඇත. 07 May 2020
ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ . 07 May 2020
තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 06 May 2020
ආර්ථිකය ගොඩනගන්න වාණිජ මණ්ඩලයෙන් රජයට යෝජනාවලියක් කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 06 May 2020
සමගි ජන බලවේගයෙන් පෙත්සමක් රටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන ජුනි 20 වැනිදා මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය ද බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 06 May 2020
කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ ‘කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. 06 May 2020
සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය . 06 May 2020
කොරෝ සමඟ රාජකාරියේ නිරත රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගමන් වියදම් ඇතුළු දීමනා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 06 May 2020
මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගන්න තීරණයක් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 06 May 2020
නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට කොළඹ සිට නිරෝධායනය සඳහා වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරට රැගෙන ආ පිරිස අතරින් පුද්ගලයින් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් අද (06) සවස ඔවුන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුව මාස අටක කාලයක් පුනරුත්ථාපන කටයුතු සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකළ බව වැලිකන්ද පොලිසිය කියයි. 06 May 2020
රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ වෙළද ඇමති වෙයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ. 06 May 2020
චීනයෙන් ආනයනය කළ නව දුම්රියක් බෙලිඅත්තට පරීක්ෂණ ගමනක චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 8 බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය. 06 May 2020
බේරුවල ධීවර වරාය හෙට අනිද්දා වහයි බේරුවල ධීවර වරායේ සියලු සේවා කටයුතු වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (07 ) සහ 08 දෙදින තුළ ක්‍රියාත්මක නොවන අතර වරාය පරිශ්‍රය මෙම දින දෙක තුළ සම්පූර්ණයෙන්ම වසා තබන බව බේරුවල ධීවර වරාය කලමනාකාරය එඩ්වඩ් දයාමාල් මහතා අද (06) පස්වරුවේ පැවසීය . 06 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026