මැතිවරණ කොමිසමේ ගැසට්ටුව බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සම් 8 ක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දමමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත 06 May 2020
සිරවී සිටින සංචාරකයින්ට ලියාපදිංචි වෙන්න කියයි කොරෝනා ව්‍යාප්තිය නිසා ශ්‍රී ලංකාවේ සංචාරකයින් 11,389 ක් පමණ සිරවි සිටින අතර, ඔවුන් ’’සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන’’ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී. 06 May 2020
කෝටි 36ක අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් ජපානයෙන් රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 36 1/2 වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිත්‍යාග කර තිබේ. 06 May 2020
ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය. 06 May 2020
කොරෝනා වයිරසයෙන් පසු බ්‍රිතාන්‍යය දේශගුණික අර්බුදයකට කොරෝනා වයිරසයෙන් පසු බ්‍රිතාන්‍යය දේශගුණ අර්බුදයකට ගොදුරුවීම වැළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව එරට රජයේ උපදේශකවරු අවධාරණය කරති. 06 May 2020
සිසුන් රැගෙන ඒමට සිංගප්පූරුවට යානයක් පිටත්ව යයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය . 06 May 2020
ලන්ඩන් නුවර සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් කටුනායකට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ග්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද(06 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 06 May 2020
පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක් පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක් වාර්තා වි ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 05 May 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ 05 May 2020
පැය 24 තුල දී ඇදිරිය කඩ කළ පුද්ගලයන් 558 ක් අත්අඩංගුවට ගෙවුනු පැය 24 තුළ (අද පස්වරු 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 558 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 139 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 05 May 2020
ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි ‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අද (5) පියවර ගත්තේය. 05 May 2020
දඹුල්ලේදී මියගිය සෙබළාට කොරෝනා ආසාදනය වී නෑ දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා අද (5) පැවසීය. 05 May 2020
හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියෝ 4 ක් අතුරුදන් වෙති හිඟුරක්ගොඩ,හතමුණ ප්‍රදේශයේ පිහිටා තිබෙන බාලිකා ළමා නිවාසයෙක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු ඊයේ (04)රාත්‍රී සිට අතුරුදන්ව ඇති බවට අද(05)පැමිණිලි ලැබී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි. 05 May 2020
එක්සත් රාජධානියේ කොරෝනා වලින් මිය ගිය ගණන 30,000 ඉක්මවා යයි ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් එක්සත් රාජධානියේ මියගිය ගණන 30,000 ඉක්මවා ගොස් ඇත. 05 May 2020
කොවිඩ්-19 රෝගීන් හදුනාගැනීමට රුධිර සාම්පල පරීක්ෂා කරයි කොවිඩ්-19 වයිරස් රෝගීන් හදුනාගැනීම සදහා රුධිර සාම්පල පරීක්ෂාවද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරම්බකර තිබේ. 05 May 2020
අන්තර්ජාලයෙන් වෙසක් සැරසිලි තරඟයක් මෙත් සවිය සංවිධානය මගින් සංවිධානය කරන බුද්ධ වර්ෂ 2564 සයිබර් වෙසක් කලාපය සඳහා මේ මස 12 වැනිදා දක්වා නිර්මාණ භාර ගැනේ. 05 May 2020
මුහුණු ආවරණ නිසා ඉදිරියේදී පරිසර දූෂණයක් ඇති විය හැකියි ඉවතලන මුහුණු ආවරණ ඉදිරියේ දී විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය. 05 May 2020
කොරෝනා නිසා දයාසිරිටත් මැතිවරණය එපාවෙයි මැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තමයි ජනතාවගේ සෞඛ්‍ය තත්වය .කොරෝනා වසන්ගතය නිසා ජනතාව බියකින් ඉන්නේ. ඒවගේ අවස්ථාවක මැතිවරණයක් තියලා කොහොමද ජනතාව දැනුවත් කරන්නේ ‘යැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 05 May 2020
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපොළ වැඩකටයුතු ඇරැඹිමට යයි සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය . 05 May 2020
විදේශයන්හි රැදී සිටින නීතී විරෝධි ලාංකිකයින්ට තාවකාලික ගුවන් ගමන් බලපත් දෙන්න යයි විදේශයන්හි නිසි ලියකියවිලි නොමැතිව සිටින නීතිවිරෝධී ලාංකික ශ්‍රමිකයන්ට යළි දිවයිනට පැමිණිම සදහා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කර සිටී. 05 May 2020
ඇඳිරිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියයි. 05 May 2020
කොරෝනා ආසාදිත 9 වැනි මරණයත් වාර්තාවෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 05 May 2020
ඉමදුව ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සිය අදහස් දැක්වීමේදී තමාට මෝඩයා යැයි ඇමතීම වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ (එජානිපෙ) මන්ත්‍රී ඒ.ජී අරුණ මහතා සභාවේ රැස්වීම් මේසය මත නැටී සිටිමින් විරෝධය පල කිරීම නිසා අද ( 05) දින පැවති ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම තුල උණුසුම් ස්වරූපයක් ඇතිවිය. 05 May 2020
රැකියාවලට යන අයට කොන්දේසි මාලාවක් පවතින තත්ත්වය යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයට කැඳවන අත්‍යාවශ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය. 05 May 2020
ඡන්ද විමසීමට විද්‍යුත් ක්‍රමවේදයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිතව තිබුණේය. එහෙත්, මාර්තු 11 දින පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වය හමුවේ, ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය. 05 May 2020
නාවික සෙබළාගේ පියාට සහ සොයුරාට පහරදුන් 5 ක් රිමාන්ඩ් වාරියපොල දී නාවික සෙබලෙකුගේ පියාට සහ සොහොයුරෙකුට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු හෙට (06) දිනයේ හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස වාරියපොල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දර්ශණ ද සිල්වා මහතා අද (05) නියෝග කළේය. 05 May 2020
කොරෝනා රෝගීන් ගණන 755 වෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 755 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 05 May 2020
ලොවපුරා මරණ 250,000 පසු කරයි ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව අද(05) අලුයම 2.00ට පමණ 250 000 සීමාව පසු කළේය. 05 May 2020
ලන්ඩන් නුවර සිටින සිසුන් ගෙන එන්න යානයක් පිටත් වෙයි එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(05) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. 05 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026