පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක් වාර්තා වි ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 46 433ක් දක්වා ඉහල ගොස් තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සඳුදා දිනයේ කොරෝනා පරීක්සණ 80 000කට වඩා සිදුකර ඇති හෙයින් ආසාදිතයින් වැඩි පිරිසක් හඳුනා ගැනීමට හැකිවූ බවයි.
ලෝකයේ අඩුම දෛනික පරීක්ෂණ අනුපාතිකයක් පවතින ඉන්දියාව සිය පරීක්ෂණ ධාරිතාවය ඉහල නැංවීමට උත්සාහ දැරීම කොරෝනා ව්‍යාප්තිය මර්දනයේ සාර්ථක පියවරක් බව වෛච්‍ය විශේෂඥයෝ පවසති.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දිනකට සාම්පල 100 000ක් පමණ පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්දියාව මේ වනවිට වයිරස ව්‍යාප්තිය අඩු කළාප වල අගුලු දැමීම් ලිහිල් කිරීම සිදුකරගෙන යයි.
කෙසේ වුවද විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ සීමාවන් ඉක්මනින් ලිහිල් කිරීම හේතුවෙන් අවාසිදායක තත්ත්වයක් උදාවියහැකි බවයි.
ඉදිරි සති හතරේ සිට හය දක්වා කාලය ඉතා වැදගත් බවත් ආසාදන අනුපාතය ඉහල යාමට ඉඩ ඇති බැවින් පොලිසියට විශාල වගකීමක් පැවරෙන බවත් ඔවුහු සඳහන් කරති.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 1 571ක් සිදුවී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක්
Chadnana-Australia Wednesday, 06 May 2020 05:21 AM
හැම රටකම ඒවා දානවා. එත් ලංකාවේ කීදෙනෙක්ද කියලා හොයා ගන්න විදිහක් නැහැ.