IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එක්සත් රාජධානියේ කොරෝනා වලින් මිය ගිය ගණන 30,000 ඉක්මවා යයි

නව කොරෝනා වයිරසයහෙවත් කොවිඩ්-19’ වසංගතයෙන් එක්සත් රාජධානියේ මියගිය ගණන 30,000 ඉක්මවා ගොස් ඇත.

යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම කොරෝනා මරණ ගණන එයයි.
 
අප්‍රේල් 24 වැනිදා වනවිට එංගලන්තයෙන් සහ වේල්සයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29,648ක් යැයි ජාතික සංඛ්‍යාදත්ත පිළිබඳ කාර්යාලය නිවේදනය කළේය.
 
ස්කොට්ලන්තයෙන් සහ උතුරු අයර්ලන්තයෙන් වාර්තා වන මරණ ද සමඟ එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇතැයි නිල සංඛ්‍යා දත්ත වාර්තා කරයි.
 
කෙසේ නමුත් මරණ වාර්තා වීමේ දෝෂ හේතුවෙන් වාර්තා වී ඇති මරණවල වෙනස්කම් ඇත.
 
අද (5) පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 29,079ක් ලෙස සටහන්ව තිබිණි. ස්පාඤ්ඤයෙන් මරණ 25,428ක් ද ප්‍රංශයෙන් මරණ 25,201ක් ද වාර්තා විය.
 
ජර්මනියෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත මරණ ගණන 6,993ක් විය.
 
අල්ජසීරා

 

(055)
 



අදහස් (2)

එක්සත් රාජධානියේ කොරෝනා වලින් මිය ගිය ගණන 30,000 ඉක්මවා යයි

mihira Tuesday, 05 May 2020 04:41 PM

මොනාද මේ කියන්නේ.

:       0       0

Dharshana Wednesday, 06 May 2020 09:39 AM

කරුණාකරලා ලොව වෙනත් ස්වාධීන මාධ්‍යවල වාර්තා වුන සත්‍ය සිද්ධීන් වාර්තා කරන්න. මේ කියන තරම් මිනිස්සු කොවිඩ් හැදිලා මැරිලා නැහැ. රෝහල් බලධාරීන් වාර්තා කරන සෑම නියුමොනියා කොවිඩ් මරණයක් සදහාම ඩොලර් 13000ක් ලැබෙනවා , එම රෝගියා ස්වසන යන්ත්‍රයක සහය ලැබුවොත් ඩොලර් 39000 ක් රෝහලට ලැබෙනවා.... නමුත් සාමාන්‍ය නියුමොනියා මරණයක් සදහා ලැබෙන්නේ ඩොලර් 4600ක් පමණයි. අවමංගල අධ්‍යක්ෂකවරු පැහැදිලිව CNN එකේ කිව ඔවුන්ට ලැබුන සියලුම මරණ වල හේතුව ලෙස සටහන් වුනේ කොවිඩ් කියල , මේ අනුව කලින් වසරේ සාමාන්‍ය උණරෝග වලින් මිය ගිය 30000 අධික දෙනා මෙවර කොවිඩ් වලින් මිය ගිහින් , සාමාන්‍ය උණ මරණ 0 යි. මමත් ඉන්නේ රට, මෙහෙ අපි දන්නා කෙනෙක් මියගියා දිර්ඝකාලින වකුගඩු අබාධයකින්, අවසන් රෝහල් විද්‍යා වාර්තාවෙත් ඒ බව සදහන් , නමුත් ඊයේ එක කොවිඩ් මරණයක් කියල මරණ වාර්තාවේ දාල. විස්තර අවශ්‍ය නම් විද්‍යුත් තැපෑලෙන් මට සම්බන්ධ වන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14067 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 179 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site