IMG-LOGO

සිරවී සිටින සංචාරකයින්ට ලියාපදිංචි වෙන්න කියයි

( තිළිණි ද සිල්වා )

කොරෝනා ව්‍යාප්තිය නිසා  ශ්‍රී ලංකාවේ සංචාරකයින් 11,389 ක් පමණ සිරවි සිටින අතර,  ඔවුන්   "සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන" වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.
 
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, ඉකුත් 4  වැනිදා වනවිට සංචාරකයින් 11,389 ක් සිටින බවට තහවුරු වූ බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනාම  www.register.sltda.gov.lk  නැමැති සංචාරකයින්  සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන වෙබ් අඩවියේ  ලියාපදිංචි වන්නැයි සංචාරක සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය සියලු ජාත්‍යන්තර සංචාරකයින්ට සහ ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයින් ගෙන් ඉල්ලා සිටින්නීය.
 
මෙම වෙබ් අඩවිය මගින් COVID-19 වසංගතය, අත්‍යවශ්‍ය සංචාරක තොරතුරු යනාදී දේවල් පිලිබද තොරතුරු සැපයෙන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය පැවසුවාය .
 
කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැනට සිටින සියලුම සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය .

ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්  පිළිබඳ සොයා බෑලීමට, මූලික තොරතුරු සපයන ආගමන විගමන දෙපාර්තමේන්තු ක්‍රමයට අමතරව වෙන ක්‍රමවේදයක් නොමැති බවත්, මෙම ලියාපදිංචිය මඟින් COVID-19 වෑනි හදිසි අවස්ථා වලදී ඔවුන්ට සහය ලබා දීමට අවස්ථාව සැලසෙන අතර, දිගුකාලීනව මෙය ශ්‍රී ලංකාවේ සංචාරය කරන ජාත්‍යන්තර සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ  සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයින්ගේ දත්ත ගබඩාවක් ලෙස ද ක්‍රියා කරනු ඇති බව ඇය කියා සිටියාය.
 
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වෙත  කරන ලද ඉල්ලීමක් අනුව,  ශ්‍රී ලංකාවේ මෘදුකාංග සේවා සැපයුම්කරුවෙකු වන TekGeeks (Pvt) Ltd  සමාගම විසින් මෙම වෙබ් අඩවිය සංවර්ධනය කළ බවද එම අධිකාරිය කියා සිටී.
 

 



අදහස් (1)

සිරවී සිටින සංචාරකයින්ට ලියාපදිංචි වෙන්න කියයි

de silva Friday, 08 May 2020 12:58 PM

සංචාරකයෝ ගැන හොයන්න තිබුනේ දැනට මාස 1 1/2 කට විතර ඉස්සරවෙලා. දැන් සොයන්න ඕනේ සංචාරකයන් ගැන නොවේ. කොරෝනා ප්‍රශ්නේ නිසා රැකියා අහිමි වුන සංචාරක ක්ශේත්‍රයේ සේවය කරපු ශ්‍රී ලංකික සේවකයන් ගැන. ඔවුන් සසමෘද්ධිලාභීන් නොවන නිසා රුපියල් 5000 ලැබෙන්නෙත් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site