IMG-LOGO

අන්තර්ජාලයෙන් වෙසක් සැරසිලි තරඟයක්

(විනීතා එම් ගමගේ)

මෙත් සවිය සංවිධානය මගින් සංවිධානය කරන බුද්ධ වර්ෂ 2564 සයිබර් වෙසක් කලාපය සඳහා මේ මස 12 වැනිදා දක්වා නිර්මාණ භාර ගැනේ.

මේ සඳහා චිත්‍ර නිර්මාණ හා භාවනාවට අදාල ධර්ම කරුණු සහිත රූපසටහන්වල ඡායාරූප, පරිඝනක තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ ඇනිමේටඩ් වෙසක් තොරණ, වෙසක් කූඩු වෙසක් සැරසිලි හා පාසල් මගින් සංවිධානය කරන සයිබර් වෙසක් කලාපවලට පිවිසෙන සබඳතා ද තම සංවිධානයේ වෙබ් අඩවිය වෙත එවන මෙන් මෙත් සවිය සංවිධානයේ සභාපති මහචාර්ය චන්දන ජයරත්න මහතා ඉල්ලා සිටියේය.

මේ මස අට වැනිදා තෙක් උඩුගත කරන නිර්මාණ සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සහභාගි වීමේ සහතික පතක් පිරිනමන බව ද හෙතෙම සඳහන් කළේය.

නිර්මාණ උඩුගත කිරීම සඳහා www.meethsaviya.lk වෙබ් අඩවිය භාවිතා කරන ලෙසත් වැඩි විස්තර සඳහා 0714014467 හෝ 0112505088 දුරකථන අංක අමතන ලෙසත් ජයරත්න මහතා ඉල්ලා සිටියේය. 

  



අදහස් (0)

අන්තර්ජාලයෙන් වෙසක් සැරසිලි තරඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site