විනීතා එම් ගමගේ
කොවිඞ් 19 වයිරසයේ ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට රජයෙන් ගෙවූ රුපියල් 5000 සහනාධාරය මැයි මාසය සදහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
එම දීමනාව ගෙවීම අද (04) සිට ආරම්භ කළ බවත් වෙසක් පොහොය යෙදෙන 07වැනිදාට පෙර ගෙවා නිම කරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙම දීමනාව මාර්තු මාසය සදහා ගෙවනු ලැබු අතර ඒ සදහා වන නාමලේඛනයේ ස`දහන් නම් වලට මෙන්ම පොරොත්තු ලේඛනවල නම් සදහන් අයටද දීමනාව හිමි වන බව ද එම නිවේදනයේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ගිය මාසේවගේ ... පොහොට්ටුවේ අයට විතරයිද ලැබෙන්නේ ...?
සත්ක්‍රියාවට ස්තුති වේවා !!! අක්‍රමිකතා නොවන සේ චන්ද ලයිස්තුවේ නම් වලට බෙදන්න. රාජ්‍ය නිලධාරීන් හැර දේශපාලකයන් සම්බන්ධ කර නොගන්න.
අපේ ජනාධිපතිතුමාට බර වියදම්, Rs 5000 ගානෙ දෙනවා කියන්නේ එතුමා අතින්...
මට ගිය සැරෙත් ගන්න බැරි උනා. අපේ ගමේ සමහර අය කීව පුද්ගලික අංශයේ වැඩ කරන අයට දෙන්නේ නෑ කියලා. අපිට ආයතනවලින් පඩි ගෙවන්නෙත් නෑ. ග්රාමනිලධාරි තුමාගෙන් අද 4 වෙනිදා ඇහුවම එතුමා කියනවා කරන්ඩ දෙයක් නෑ ඇප්ලිකේෂන් භාර අරං ඉවරයි කියලා. මැයි මාසෙ එකත් මට ගන්න බෑලු. කවුරුහරි පුලුවන්නම් උපදෙසක් දෙන්න. මම හෝමාගම පිටිපන දකුණ දෙල්ගහකන්ද ගමේ ඉන්නෙ.