යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු
රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද (28) කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්තුවකට අයත් නිළ මුද්‍රාවක් සහ තාවකාලික නිවාඩු බලපත්‍ර දෙකක්ද රාජකාරි හැදුනුම්පත ද තිබූ බව පොලිසිය සදහන් කරයි .