(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද(28) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි
ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1172 දරන විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
සිසුන් 124 දෙනෙකු රැගෙන ඒම සදහා මෙම ගුවන් යානය ඉන්දියාවේ බැංගලෝර් වෙත ගිය ද , එහි සේවය කරන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීම සදහා සූදානම් කර තිබුණි .
සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවය තබා ගනිමින් ගුවන් යානය තුළ මෙම සිසුන් අසුන් ගන්වා තිබූ අතර , ඒ ආකාරයටම එම සිසුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද සිදු කෙරුණි .
ගුවන් තොටුපළ තුළ දී මෙම සිසුන් විශබීජ හරණය කිරීම මෙන්ම ,
ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි නිරීක්ෂණය කිරීම ද සිදු කෙරුණි .
පසුව මොවුන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ බස් රථ මගින් , නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd