(මොහොමඩ් ආසික්)
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලිසියෙන් ඉල්ලයි.
වැඩබලන පොලිස්පති වරයා වෙත අද (28) වනදා ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්රයෙි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මේ බව සඳහන් කරන්නේ මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්ථාවන්වලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර්ගවල ගමන් කරනු දක්නට ලැබෙන බවයි.
මේ අතරින් බහුතරයක් වාහනවල අත්‍යවශ්‍ය සේවා යන ලේබලය දක්නට ලැබෙන බවත්, ඇතැම් වාහන වල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල නාම පුවරු දක්නට ඇති බවත් ඇය කිවාය.
මෙම බොහෝ වාහන ඇඳිරි නීති අවසර පත් සහිතව ධාවනය වන බව පෙනී යන බවත් එහි නිගමනය වන්නේ මේ අතරින් ඇතැම් පිරිස් කෙසේ හෝ කුමන මාර්ගයකින් හෝ අත්‍යවශ්‍ය සේවා බව පෙන්වමින් ඇදිරි නීති අවසරපත් ලබාගෙන ඇති බව යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.
සමාජ දුරස්ථකරණය මෙම වසංගත තත්වය මැඩලීමට ඇති හොඳම පියවර වන අතර ඒ සඳහා හැකිතරම් අවකාශ සලසා දෙනු වෙනුවට මෙලෙස විශාල වශයෙන් ඇඳිරි නිතී බලපත් සහ අවසරපත් ලබාදීම ඉතා අවධානම්කාරී තත්වයක් බව ආරියවංශ මහත්මිය පැවසුවාය.
මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති වුවහොත් නුදුරේදීම කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා අත්‍යවශ්‍ය සේවා පවා අත්හිටුවීමට සිදුවනු ඇතැයි ඇය පෙන්වා දුන්නාය.
මේ නිසා එවැනි තත්වයකට රට පත්වීම වළක්වාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇති බව ඇය සඳහන් කළාය.
මේ නිසා මේ පිළිබඳ සොයා බලා ඇඳිරි නීති අවසරපත් නිකුත් කිරීම සඳහා මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සුදුසු බව යෝජනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩ බලන පොලිස්පති වරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසංගත තත්වය මැඩලීමට ඇති හොඳම පියවර පරීක්ෂණ කිරීම් වැඩි කිරීමයි... ශ්‍රී ලංකාවට දිනකට පරීක්ෂන 5000කට වඩා සිදුකළ යුතුය...
නිකන් තෙල් පුච්චන්නේ නෑ... අවශ්‍යම කාරණයක් නිසයි ගන්නේ...
ලොකුම ප්රශ්නය මේකද? මෙහෙමත් මානව කාක්කෝ...
මෙහි නොදුටු පැත්තක් තියෙනවා. මේ ඇඳිරි නීති කාලේදී බඩගින්නේ ඉන්න අසරණයන් ගැනත් හිතන්න ඕනා නේද? රජයෙන් ඊට නිසි ක්‍රමවේදයක් සිදුකොට ඇඳිරි නීති බලපත් සීමා කිරීමේ වරදක් නැහැ.
ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලීම් කරන්නේ කුමන අදහසකින්ද? අපට නම් නොතේරේ. ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේදී මොන ක්‍රමවේදය තිබුනත් " මිනිසුන් වංක නම්" ඒ කිසිදු ක්‍රමවේදයකින් ඵලයක් තිබේද යන්න මේ නෝනාට නොතෙරිමත් පුදුමයකි. මිනිසුන්ගේ වංක අවංක භාවය තීරණය වන්නේ ඒ ඒ අය හැදුනු වැඩුණු පරිසරය අනුව යන්න නොරහසකි. ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ නෝනාගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. පළමුව ඔබ ඔබගේ හිතට එකගව ඔබ ඉපදුනු රටට අවංකව සේවය කරන්නේද යන්න ඔබගේ සිතින්ම අසා ඒ පිලිබදව තීරණය කර අනිකුත් ගැටළු ගැන කතාකිරීම වැදගත් නොවන්නේද ? මොකක් හෝ කේන්ද්‍රයක් , ලක්ෂයක් හෝ වෘත්තයක පරිධිය ලක්ෂයක් අටවාගෙන " ඩොලර් වලින් යැපෙන NGO නිවටයන්ගේ පක්කලියන් ලෙස හැසිරෙමින් " හැම රෙද්දටම මානව හිමිකම් ලේබලය අලවා ගෙන ජිවිත ගැට ගහගන්න හිගන්නන් කොතරම් නම් පසුගිය දශක කීපය තුල අප රටේ බිහිවී ඇද්ද යන්න නොරහසකි.
"මොකක් හරි ටකරන් මඩුවක් අටෝගෙන පාරක් අයිනේ " අර හිමිකම් ,මේ හිමිකම් කියන බර වචන ලියපු බෝඩ් ගහගෙන කෑ මොර දෙන ගමන් ඩොලර් ටිකකුත් කපාගෙන ( NGO නිවටයන්ගෙන්) අපේ අසුන්දර පින්තුරෙත් පාට පෙට්ටිවල උදේ සවස ප්‍රචාරය කරගන්න. අනේ මේ මොන ක්‍රමවේදය තිබුනත් මිනිසුන් අවංක නැත්නම් ඒ මොන ක්රමයකින්වත් පලක් නැති බව තේරුම් ගැනුමට මේ මොලයක් නැද්ද හැබැටම ? හොදයි කියන්නකෝ උපන් මේ රටට හිතට එකගව අවංකව වැඩ කරාද නැද්ද කියලා ? බොරුවට නම් ඔව් කියන්න එපා. තමන් අවංකව තමන් උපන් රටට වැඩ කරනවා නම් පළමුව තමන් ඔයවගේ ටකරන් මඩු අටෝගෙන තමන් උපන් රට ජාත්යන්තරණය ඉදිරියේ හැල්ලු නොකරන බව නම් ස්ථිරය. ජය වේවා !!!
එදා වෙලා හොයාගෙන කාපු ලලක්ෂ 50 ක පමණ ජනතාවක් කුසගින්නේ කුමක් හෝ වැඩක් ,ආහාර ටිකක් හොයාගන්නයි ඇදිරි නීතිය නොතකා එළියට බහින්නේ. බස්නාහිර පළාත සහ අනිත් දිස්ත්‍රික්ක වල වැඩ කරපු ජනතාවට ගෙවල් වලට යන්න පොලිසියෙන් බලපත්‍ර දෙන්නෙත් නෑ. දිස්ත්‍රික්ක දෙකක් අතර යෑම වරුවක් තහනම ඉවත් කරන්නේ නෑ. චන්ද තියන්න එපා මිලියනක් පමණ පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නේ.
මානව හිමිකම් වචනය අද විහිළුවකට පත් වෙලා තියෙන්නේ සුරංගි ආරියවංශ වැනි ඩොලර් කාක්කන්ගේ ක්‍රියා කලාපය නිසයි. මොකක් හරි NGO එකක් අටවාගෙන ලංකාවට විරුද්ධ රටවලින් ඩොලර් ටිකක් ගෙන්නාගෙන, ඔවුන්ගේ උපදෙස් මත ලංකාවේ සුළු වැරැද්දක් හොයා, එය මහා පරිමාණයේ මානව හිමිකම් කඩ කිරීමක් ලෙස ලොවට පෙන්වාදීම මොවුන්ගේ රැකියාවයි. මොවුන් ප්‍රසිද්ධ ඩොලර් හිගන්නන් කියායි. බොහෝ මානව හිමිකම් ලේබලය පිටුපසින් සිටින්නේ ත්‍රස්තවාදී සංවිධානයි. ත්‍රස්තවාදී සංවිධාන නොයෙකුත් ඒජන්සි මගින් වක්‍රව මෙම මානව හිමිකම් සංවිධාන වලට මුදල් පොම්ප කර රාජ්‍ය වැඩපිළිවෙලවල් කඩාකප්පල් කර ඔවුන්ගේ යටි අරමුණු කෙසේ හෝ ඉෂ්ට කරගැනීමට උත්සාහ කරයි. සිංහල නමක් තිබුනට කිසිම වංශයක් නැති රටට ද්‍රෝහී වැඩ කරන මෙවැනි පාපතරයින් රටින් පන්නා දැමිය යුතුයි.
සුරංගිට දුක හිතිලා වගේ....
අපේ මිනිස්සුන්ගේ මැන්ටලිටි එකේ ලක්ෂණයක් තමා මානව හිමිකම් කියන වචන දෙක අහපු ගමන් ඔන්න විදේශ ඒජන්තය, සල්ලි වලට රට පාවා දුන් ද්‍රෝහියා එන්ජීඔ කාරයා කියාගෙන පරිභව කරන එක, අඩුම ගානේ කියන්නේ මොකක්ද මොකක් ගැනද කියල අදහසක් නැහැ, සල්ලි ගරන තක්කඩි දෙතුන්දෙනෙක් ඇති, ඒත් හැමෝටම එහෙම පරිභව කිරීමේ තේරුමක් නැහැ. ඇඳිරිනීති බලපත් දීමේ අවුලක් අසාධාරණයක් තියෙනවා නම් ඒ ගැන කතා කිරීමේ වැරැද්ද මොකක්ද? මෙතන මට පෙනෙන කිසිම යටි අදහසක්, වැරදි තොරතුරක් නැහැ.
මෙයාල බොහොම අමාරුවෙන් හිටියේ පත්තරේ නම දාගන්න නැතුව. ඔය රටට කල හරිය හොදටම ඇති. කොහෙන් හරි ඩොලර් කුට්ටියක් එන්න ඇති සද්දේ දාන්න කියල. අනේ ඇත්තට මෙහෙමත් කාලකන්නි අපේ රටේ ඉන්නවනේ.