( විනීතා එම් ගමගේ )
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන සීග්‍රයෙන් වැඩිවෙතැයි ජනතාව භීතියට පත්ව ඇතත් මෙරට එම රෝගයේ සමාජ පැතිරීමක් නැති අතර හමුවන සියලු රෝගීන්ට වයිරසය ආසාදනය වූ අන්දම සහිත දම්වැල හඳුනාගෙන ඇතැයි ද දැනට පවතින්නේ සක්‍රිය පොකුරු තුනක් පමණක් බවද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද ( 28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
දැනට පවතින්නේ බණ්ඩාරනායක මාවත, සුදුවැල්ල සහ නාවික හමුදා යන පොකුරු තුන පමණක් වන අතර අනෙක් පොකුරු සියල්ල මේ වනවිට නිවී ගොස් ඇති බවත් ගම්මමන්පිල මහතා කීවේය.
මෙකී පොකුරු තුනම කුඩා ප්‍රදේශයක විශාල පිරිසක් ජීවත්වන ඒවා වන බැවින් පැතිරීම වේගයෙන් සිදුවන්නේ නමුත් ඇසුරු කරන ලද අය වළලු තුනක් දක්වා නිරෝධායනයට ලක්කර ඇති බවත් සමාජ පැතිරීමකට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කොවිඩ් 19 වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු හදිසියක් නැතැයි පැවැසීය. මැතිවරණය පැවැත්වූවත් නැතත් ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද බලය තමන්ට බැවින් මැතිවරණයක පැවැත්වු විට නියත වශයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බවත් ඔහු සඳහන් කළේය.
ජයග්රහණයෙන් පසු ඕනැම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන නමුත් වත්මන් ජනාධිපතිවරයාට ඒ සදහා මාර්තු දෙවැනිදා වනතුරු බලාසිටින්නනට වූයේ එජාප ආණ්ඩුන විසින් 19වන සංශෝධනයෙන් ඇති කළ බාධා නිසා බවත් කී ගම්මන්පිල මහතා ඒ අනුව කොරෝනා මැදට මැතිවරණය ගෙන ඒමේ වගකීම භාරගත යුත්තේ එජාපය බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනාකර මේ වෙලාවේ කට වහගෙන ඉන්න... එය තමා ලොකුම උදව්ව..
ඇති යාන්තං.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
මෙක විහිලු කරන වෙලාවක් නොවෙ...
ඔබ දොස්තර කෙනෙක්ද? නීතීඥයෙක්ද? මම නම් හිතන්නේ ඔබ කොන්දොස්තර කෙනෙක් කියලා...
අනේ මේ නොදන්න කෙහෙම්මලකුත් නැහැ... දන්න මගුලකුත් නැහැ කට වහගෙන ඉන්න ඒවා ඩොක්ටර්ලා බලාගනිවි...
ඇද යටින් එලියට ඇවිල්ලා. දැන් අපට බය වෙන්න දෙයක් නැහැ .
පාර්ලිමේන්තු පැතිරීමක් සිදුවන්නේ කවදාද කියලා අපි දැනගන්න කැමතියි.
වගකීමෙන්ද කියන්නේ? ඔබට මෙවැනි ප්‍රකාශයක් කිරීමට දැනුමක්, සුදුසුකමක් තිබෙද?
"මැතිවරණය පැවැත්වූවත් නැතත් ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද බලය තමන්ට බැවින් මැතිවරණයක පැවැත්වු විට නියත වශයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බවත් ඔහු සඳහන් කළේය." අපි නොදන්නා අමුතු දෙයක් නෙවේ, ආණ්ඩු වෙනසක් වෙන්න රැල්ලක් හැදිලාත් නැහැ, එත් තමුන්නාන්සේලාට 2/3 නම් ලැබෙන්නේ නැහැ, තනතුරු , සල්ලි දීල මන්ත්‍රීලා බාගෙන, ව්‍යවස්තාව ආපහු පරණ තක්කඩි සිස්ටම් එකට හදාගනීවී, එත් මතක තියාගන්න හැමදේටම අපුල්ලන හෙන්චයියෝ දෙතුන් දෙනෙක් හුරේ දැම්මට තමුන්නාන්සේලා පිරිහිලා ඉවරයි. අපට අතිශයින් පිළිකුල් ඔය වැදීබන ...
අපේ භය නැති කරාට පින් සිද්ද වෙනවා... මං ඇඟේ ලේ නැතුව හිටියේ...
දේශපාලුවන් හැමවිටම තමන්ගේ ගොන් තර්ක ඉතාම නිවැරදියි යන්න කියමින් සමාජගත කිරීමට සැමවිටම උත්සහ ගන්න බවට මෙයත් එක හොද උදාහරණයකි. පාට පක්ෂ වෙනස්වුවත් දේශපාලුවන් යනු එකම ගති පැවතුම් ඇති තිරිසනුන් යන්න මෙමගින්ද මනාව පිළිබිඹු වේ.
රටට වැදගත්, රටේ අනාගතේට හොද නීතී එපා කියන මේ වගේ දේශපාලුවෝ අවස්තාවාදීන් බව ජනතාව පිලිගත යුතුයි. සුවසැරිය ගැන මෙයා කියපු දේවල් මතකයි.
එහෙනං ඉක්මනට චන්දෙ තියමු නේ... අනේ මේවගෙ දේශපාලකයො...
මේ වගේ අමනයන් කොරනා වලට වඩා රටට, දැයට, සමාජයට අහිතකරයි භයානකයි. එබැවින් වහාම නිෂ්ක්‍රීය කල යුතුයි.
පශු වෛද්‍ය කෙනෙක්ද?
මේගැන කතා කරන්න ඔබට ඇති සුදුසුකම් මොනවාද...? ලෝකයේ සියලුම රටවල් වෛද්‍ය විශේෂඥයින්ට මේ කාර්යය පවරා තියෙද්දිත් ශ්‍රී ලංකාවේ දේශපාලුවන් දොස්තරගේ වැඩේ කරන්නයාම නිසා දැනටමත් ප්‍රශ්න ගොඩක් මතුවී ඇත. මිය යන හැම රටවැසියෙක්ගේම මරණ වලට මෝඩ දුෂිත දේශපාලුවන් වගකිව යුතුයි. කෙසේවෙතත් මේ චන්දය ඔබලාට මහත්වූ අවාසි ගෙනදෙන බව අමතක නොකරන්න.
වසංගත රෝග පිලිබඳ විශේෂ දැනුම් සම්බාරයකින් හෙබි ප්‍රවීණ මහාචාර්ය...!!!
ඔක්කොම පට්ටපල් බොරු, තිබෙන්නේ කොරෝන පොකුරු 3 පමණක් නම් කොරෝන සමාජයේ පැතිරීමක් නැතිනම් රට වටේට ඇදිරිනීතිය දමාගෙන වහගෙන ඉන්න ඕනෙද? පාර්ලිමේන්තුව අවුරුදු 5 කට වලංගුය. ඒක අවුරුදු 4 1/2 විසුරුවන්න තිරනය කලේ ජනාධිපති තුමා මිසක් එජාපෙ නොවේ. ඔය කියන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට, දැනට පොහොට්ටු පාර්ශවයේ සිටින සිරිසේන මන්ත්‍රී අපේක්ෂක තුමා ඇතුළු ඔබතුමාත් නියෝජනය කරන පොහොට්ටු කණ්ඩායමේ සිටින පරණ ශ්‍රී ලනිප මන්ත්‍රීවරු බොහෝදෙනෙකු අත්උස්සපු බව අමතකද ? තනි පක්ෂේකින් ඉල්ලුවොත් ඇපත් නැති වෙනවා , පොහොට්ටුවෙන් ඉල්ලා මනාප ලබාගන්න එක එක බොරු කියනවා.
මෙතරම් වැඩකරයෙකුට ඇමතිකමක් දුන්නේ නෑ... එකෙන්ම තේරෙනවා... මෙයාගේ තත්වේ..., මධ්‍යස්තව සිතන්න තරමට මොලයක් නැ...
මෙයාගේ මූණ දකිනකොට එපාවෙනවා..
විශේෂඥ වෛද්‍ය දොස්තර ගම්මන්පිල මහතාට ජය වේවා !
කාලයක් ඇබීත්ත කම් කළා. කාලයක් රුපියලක් කැටේට එකතු කරලා චන්දකලා. කාලයක් විදේශ රටක මුදල් ප්‍රශ්න වලට උසාවි ගියා. එහෙම කෙනෙක් මේවගේ අදහස් දැක්වීම පිළිබද ඇත්තේ අනුකම්පාවක් පමනි. චන්ද දායකයිනි මේවගේ අයට ඔබේ චන්දය පාවිච්චි කරන විට දෙපාරක් සිතන්නම වෙනවා.
මූ කියන විදියට දැන් කොරෝනා හැදෙන්නේ මිනිසුන්ට නෙවෙයි වගේ. යකෝ මිනිස්සු කියන්නේ සමාජය කියලා මේ ගොන් කිරි බොන අදබාලයට කියලා දීපල්ලා. හැමදාම කලේ මැද මුලනේ රෙදි අපුල්ලන එකනේ.
රුපියල් සීය ගණනේ එකතු කරලා පාර්ලිමේන්තු ගිය මේ ත්‍රී වීල් ලොක්ක රටේ තියෙන හැම කුණු ගොඩකටම හොම්බ දමල බලන කසල එකතු කරන්නෙක්. තමන් පමණක් සියලු දේ දන්නා අනික් අය මෝඩයෝ කියල හිතන මේ වගේ රෝගීන් සඳහා වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක් අත්‍යවශ්‍යයි.
ඔබලා වැනි හොර රැලක් නැවත පාර්ලිමේන්තුවට පත්කරගන්නට තරම් මොලේ අමාරුකාර රට වැසියන් දැන් නැහැ. පාර්ලිමේන්තුව විවෘත්ත කරලා වහාම මුලින්ම කරන්නේ කොරෝනා ආධාර වලින් කොපමණ " හොරාකා" ඇතිදැයි සොයා බැලීමයි. සුනාමියෙන් ගසා කාපු උන් කොරෝනාවෙන් කොහොම හොයන්න ඇත්ද...? ....දැන් සනීපද..?
ඔයා කවදා ඉඳලද සෞඛ්‍ය විශේෂඥයෙක් උනේ ?
මේ අයට ආයෙත් චන්දෙ දෙන මෝඩයින් ඉන්නවාද...? මෙ අයට අවශ්‍ය මිනි කඳන් උඩින් ගොස් චන්දය තියා රට කොල්ල කෑමට බව අපි දැන් හොඳටම දන්නවා. කොරෝනා ගැන කතාකරන්න ඔබට ඇති සුදුසුකම් මොනවාද...?
ගලි බවුසරයක කට ඇරලා.
මෙ පුද්ගලයා දොස්තර කෙනෙක් නොවෙ...
ඔය අදුනගත්ත එක කිව්වෙ මොකක්ද?
අසව්, අසව් මහා වෙදහුරාට යමක් කියන්න තියනවලු ! හූ හූ---
ඔබ වැනි වීරයන් රටට ආඩම්බරයකි. බිය නැතුව අදහස් ප්‍රකාශ කරන්න. රටේ මීලග ජනපති ඔබයි...
අනේ ඔව් මෙ වගේ අය හින්දා තමයි අපේ මෙ රට විනාශ වෙන්නේ...
කොරෝනා සමාජගත වෙලා නෑ... උඩ අහසේ වලාකුළුවල තැන්පත් වෙලා...
වාසියට කියයි වසුරුත් කෑවෙ හොදයි කියලා...
දැන්ම ගිහිල්ලා මොලේ තියන තැන බලාගත්තොත් හොදයි නේද?
මගේ ප්‍රාර්ථනාව 225ටම කොරෝනා වෙලා යන්නයි..
අනේ, ගන්මන්පිල ඔබගේ කතාවලින් අහිංසක සත්තුන්ට නිකන් ඉන්ඩ දෙන්ඩ... එයාලට අපහාස කරන්ඩ එපා...
දේසපාලුවෝ හිතාගෙන ඉන්නෙ උන් තරම් කරුණු කාරනා දන්න උදවිය රටේත් නෙතුව ඇති කියලා.
ගියපාර පාර්ලිමෙන්තුව හොරට විසිරෙව්වෙත් මෙයා කියපු බොරු කතා අහලා...
අප මෙවැනි අදහස් පල නොකළ යුතුයි.
දැන් කළයුත්තේ ජනපතිකමයි, අගමැතිකමයි මෙයාටයි, විමලෙටයි දෙන එක...
අනේ නිකන් හිටහන්... අපි මේ ජීවිතේ බේරගන්න දඟලනවා දේශපාලන කතා වගේද මේකත්...?
එහෙම නම් ඔය කියන කොරෝනා රෝගියෝ 596 දෙනා හමුවෙලා ඇත්තේ මාලදිවයිනෙන් වෙන්න ඇති, ඔබතුමා දැනට ඉන්නේ ලංකාවේද ?
මෙයා මගෙන් එක වෙන්නද කොහෙද මටත් වඩා හොදට වැසිකිලි හෝදනවා...
නාවික හමුදා පොකුරේ වගකීම ආණ්ඩුවට ගන්න වෙනවා.
තව සැරයක් රුපියල් 100 ක් එකතු කරන්න වගේ...
දන්න බම්බුවක් ගැන වාචාල කතා කරනවා නම් "විනෝද සමය" බලනවා වගේ හිනාවෙන්නවත් තිබ්බ. ඒකත් නැහැ. මෙයාගේ අනිත් ජෝකර්, තුන්මුල්ලේ විමලේ නම් නිස්සබ්ද වෙලා ඉන්නේ නොදන්නා දේවලට කට දමල පශ්තාත් භාගය බිම ඇන ගැනීමට බැරි නිසයි. මෙයාට නම් එහෙම ලජ්ජාවක්වත් නැති බව මේ මී හරක් කතාවලින් පැහැදිලිවම පේනවා....! මේවගේ බහුබූත කතා නිසා මෙයා කළු ලෝගු කාරයෙක්ද කියාවත් හිතා ගන්න අමාරුයි.. GMOA එක මේ ගැන මොකද කියන්නේ?
මහත්මයා ඔයා කියන පොකුර ලංකාව වටේ ගිහිල්ල ඉවරයි... බයේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ දේශපාලන නිවටයන් කියන දේවල් පෙන්වා ලේ කෝප නොකරන ලෙස ඉල්ලා සිටිමි...
බල්ලගෙ වැඩෙ බූරුවා කිරීම...
ගම්මන්පිල, දොස්තර විභාගය පාස් වුනේ කවදද? උඹ කියන දේවල් කවුද විශ්වාස කරන්නේ?
මෙ වගේ වසංගතයක් තව කොහින්ද?