කොවිඩ් -19 වසංගතය හේතුවෙන් හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කළ රටවල් අතරින් වාර්තා වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය කනස්සල්ල පළකර තිබේ.
එලෙස චෝදනා එල්ල වී ඇති රටවල් අතර ශ්‍රී ලංකාවේ නම ද සඳහන් වී ඇත.ඔවුන් පවසන්නේ එම රටවල පොලිසිය විසින් සිය දහස් ගනන් පිරිස් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති අතර තවත් සමහර රටවල ඝාතනය කිරීම් ද වාර්තා වන බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචෙලට් මහත්මිය පවසන්නේ, හදිසි නීති බලතල විරුද්ධ පාක්ෂිකයන් මැඩපැවැත්වීමට, ජනගහනය පාලනය කිරීමට හෝ බලයේ රැඳී සිටීමට පාවිච්චි කළ හැකි ආයුධයක් නොවිය යුතු බවයි.
නිශ්චිත හේතුවක් නොමැතිව සිදුකරන වෙඩි තැබීම් සහ රඳවා තබා ගැනීම් හෙලා දකින බවත් ඇය පවසයි.
අගුලු දැමීම් සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් බලය අධික සහ සමහර විට මාරාන්තික ලෙස යොදාගෙන ඇති බව ද මහකොමසාරිස්වරිය ඉස්මතු කරයි.
අප්‍රිකාවේ පොලිසිය විසින් සිදුකරන කප්පම් ගැනීම් සම්බන්දව ද ඇය සිය කනස්සල්ල පළ කළාය.
අල්ලස් ගෙවීමට නොහැකි දුප්පතුන් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන යන බවට වාර්තා ලැබී ඇති බවද ඔවුන් කොවිඩ් - 19 ආසාදිතයෙකු සමග සම්බන්දව ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඇය සඳහන් කරයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමග ලොව පුරා රටවල් 80ක පමණ හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර ඇති බවත් එයින් රටවල් 15ක පමණ ජනතාවට බොහෝ හිරිහැර සිදුවන බවට චෝදනා එල්ලවී ඇති බවත් ඔවුහු පවසති.
ඒවා නම්, නයිජීරියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, ශ්‍රී ලංකාව, එල් සැල්වදෝරය, ඩොමිනිකන් ජනරජය, පේරු, හොන්ඩ්‍යුරාස්, ජෝර්දානය, මොරොක්කෝව, කාම්බෝජය, උස්බැකිස්ථානය, ඉරානය සහ හංගේරියාවයි.
පසුගිය දින 30 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්දයෙන් 120 000 දෙනකු පමණ අත්අඩංගුවට ගත් පිලිපීනය මෙම ලැයිස්තුවේ ඉහලින්ම සිටියි.
කෙසේ වෙතත් එම සංවිධානයේ ක්ෂේත්‍ර මෙහෙයුම් අධ්යක්ෂ ජෝර්ජ් ගග්නොන් මහත්මිය ජිනීවා හි පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ මෙවැනි සිදුවීම් තවත් රටවල තිබිය හැකි බවයි.
ගග්නොන් මහත්මිය පවසන්නේ කෙන්යාවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ හැසිරීම හා සම්බන්ද මරණ 20 පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි
පොලිසිය විසින් සිදුකළ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්දයෙන් කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සමාව ඉල්ලා තිබිණි.
දකුණු අප්‍රිකාවේ, විශේෂයෙන් දුප්පත් අසල්වැසි ප්‍රදේශ වල සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීම සඳහා රබර් උණ්, කඳුළු ගෑස් ජල බෝම්බ සහ කස පහර භාවිතා කළ බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලයට වාර්තා ලැබී ඇති බව සඳහන් වේ.
මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ ඇතුළු පැමිණිල් 39ක් විභාග වෙමින් පවතින බවද ගග්නොන් මහත්මිය පවසයි.
කොවිඩ් - 19 නීති රීති බලාත්මක කිරීමේ දී නයිජීරියාවේ ආරක්ෂක අංශ විසින් සිදුකළ පුද්ගල ඝාතන 18ක් සම්බන්දව වාර්තා ලැබී ඇති බවද ඇය පවසයි. නයිජීරියාවේ බන්ධනාගාරවල සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා ආශ්‍රිතව මෙම මරණ බොහොමයක් වාර්තා වි තිබිණි.
අර්බුදය අතරතුර චීනයේ සිදුවූ දේ ගැන සඳහන් කළ ගග්නොන් මහත්මිය මෙසේ පැවසුවාය,
"වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ විරුද්ධ මතධාරීන් වාරණය කිරීම, බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ පැහැදිලිවම රඳවා තබා ගැනීම පිළිබඳ වාර්තා කාර්යාලයට ලැබී තිබේ. ඒවායින් කිහිපයක් සම්බන්දව අප කාර්යාලය චීනය සමග සම්බන්ද වී කටයුතු කරනවා."
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ! ඔවු !! කොවිඩ් විසින් මානව හිමිකම් අධික ලෙස උල්ලංඝනය කර ඇත. ඉස්සෙල්ලාම කොවිඩ්ට විරුද්ධව හැකි ඉහළම මට්ටමින් ක්‍රියා මාර්ග / පිළිවෙත් අරගෙන ඊට පස්සේ අනිකාට ඇඟිල්ල දික්කරන්නකෝ. අලුත්ම කොරෝනා වසංගත තත්වයක් ඇමරිකානු වසංගත පාලනාධිකාරිය විසින් සොයාගෙනලු. ඒ තත්වයනම් මොලේ කොරෝනා. බෙහෙත් නැහැ. එම වසංගතය හැදිච්ච කට්ටියගේ උදාහරණ ලොව බලවත් යයි කියාගන්න රාජ්‍යයේ ඉහළම පුරවැසියා...
එක එක රටවල් නීතිය ක්‍රියාත්මක කරන විදිහ වෙනස්. මොකද ඒ ඒ රටවල් වල මිනිසුන් හැසිරෙන විදිහා වෙනස් නිසා. දියුණු රටවල්වල විනයක් ඇති මිනිස්සු හසුරවන විදිහට අනික් හැම රටකම මිනිසුන් හැසිරිවිය හැකි කියල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හිතනවානම් එක මහා විහිළුවක්. කොහොමත් මේ ගොල්ල හරි ආසයි ලංකාව ඔය වගේ ලිස්ට් වලට දාන්න.
හලෝ ලංකාවේ ජනතාවට කොරෝන වසංගතය මැඩපැවැත්වීමයි ප්‍රදාන දේ එමනිසා කොරෝනා වාහකයින්ගේ අඬු කඩා හෝ පැත්තකට කිරීම ජනතාවගේ අභිප්‍රායයි. පොලිසිය කරන්නේ ඒ අභිප්‍රාය ඉෂ්ට කිරීමයි. කරුණාකර රටේ ගෙවලට ඇඟිලි නොගසා ඒ ඇඟිල්ල කටෙ ගසාගෙන මානව හිමිකම බුදිය ගත්තොත් හොඳයිනේද? මානව හිමිකම් රකින්න ගිහිල්ලා ඇමරිකාවට වෙලා තිබෙන දේ අපිට පෙනෙනවා. ඔහෙලගෙ මානව හිමිකම රැක්කා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ නේද?
එතකොට මේ කොරෝනා නිසා දස දහස් ගණන් මිනිසුන් මැරෙන රටවල රක්ෂණාවරණ නැතිව රෝගීන්ට ප්‍රතිකාර ලබන්න බැරි රටවල මිනිසුන්ට ඔය කියන මානව අයිතිවාසිකම් නැද්ද?
එතකොට මේ කොරෝනා නිසා දස දහස් ගණන් මිනිසුන් මැරෙන රටවල රක්ෂණාවරණ නැතිව රෝගීන්ට ප්‍රතිකාර ලබන්න බැරි රටවල මිනිසුන්ට ඔය කියන මානව අයිතිවාසිකම් නැද්ද?
පොලිසියෙන් 18ක් මරපු නයිජීරියාවයි, කිසිම සිදුවීමක් වාර්තා නොවන ලංකාවයි එක ලිස්ට් එකට වැටුනෙ කොහොමද? ඒකට හේතු ඉදිරිපත් කරන්න ඕන. නැතුව කට තියන පලියට ලංකාවත් එහෙමයි කියන්න බෑ. නීත්‍යානුකූලව අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් යටතට ගැනෙන්නෙ නෑ.
මාර වැඩේ කියන්නේ මේ ලිස්ට් එකේ ඉන්දියාව නෑනේ.
නිති කඩමින් ලංකාවේ නමත් ඇතුල් කරන්න උර දුන් අපගෙ ජාතික විරයන් 40,000 කට අධික පිරිසට අපගේ උත්තමාචාරය...
මෙහෙට ඕවා අදාළ නැහැ.
එක්කෝ මේ මිනිස්සුන්ට පිස්සු. නැත්නම් මොළේ කළඳක් නෑ. ඒකයි විකාර කියවන්නේ.
මේ ලිස්ට් එකේ කෝ චීනය ? චීනය දැන දැනම තමන්ගේ රටේ පුරවැසියන් ලෝකේ වටේ රටවලට සංචාරයට ඇරලා. ඉතාලියේදී හග් දීලා කොපමණ ගණනක් මරුමුවට පත්කළාද ? මේ මානව හිමිකම් වල ඉන්නේ අපේ රටවල් වලින් ගිය දේශපාලන රැකවරණ පතා ආපු හෙන්චයියලා. නැත්නම් ඒ අය පිටුපස ඉන්නේ මේ අය. තිත්ත ඇත්ත ඕකයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් කියන අය කියන ඒවා තඹ සතේකට මායිම් කරන්න ඕනා නෑ. ඒ අය ඇවිල්ලා ඔළුව හොඳ නැති විකාර කාරයෝ සෙට් එකක්. ලෙඩේ බෝවෙන එක නවත්වන්න ගෙදරට වෙලා හිටපියව් කිව්වම ඒක අහන්නැතුව ඇවිදින්න යන ගොන්නුන්ව අල්ලන් නැතුව වෙන මොන කෙංගෙඩියක් කරන්නද? ඒ අයට අනේ තව ඇවිදලා රටම බෝ කරපල්ලා කියලා දිරි දීමනාවක් දෙන්නද? ඇමරිකාවෙ හරක් මානව හිමිකම් රැකගන්න ගිහින් කොරන් තියන හරිය පේනවනේ.. ඒ අයට ඒ වගේ මරණ තොගයක් බොහොම සිම්පල් දෙයක් වුනාට අපිට එහෙම නෑ.. අනික මේ හරක් ඇවිදින්න ඇවිදින්න රට ආයෙ අරින එක දවසින් දවස් කල් යනවා. එතකොට රට නිකම්ම පැදුරෙනුත් බිමට වැටෙනවා.. මානව හිමිකම් කාරයන්ට ඕනා ඒක.....
එකක් කියනවා කොරෝනා මර්ධනය කරන්න දැඩි උපරිම ක්‍රියාමාර්ග පාවිච්චි කරන්න කියලා.තව එකක් කියනවා නීතිය දූවිල්ලක් තරමටවත් ගණනකට නොගෙන වගකිම් විරහිතව හැසිරෙන මිනිස්සුන්ව අත්අඩංගුවට ගැනීම මහා ලොකු මානව හිමිකමක් කඩකරන වැඩක් කියලා. හැබැයි එකක් කියන්න කැමතියි. ඒ තමයි සීත කාමර වලට වෙලා උපදෙස් දෙන්නනම් හරිම ලේසියි කියන එක.හැබැයි මේ එක එක දේවල් රකින්න ගිහිල්ලා මියයන දහස් ගණන් අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත වෙනුවෙන් කව්ද වග කියන්නේ කියන එකයි අපැහැදිලි...
මිනිස්සුන්ට එළව එළවා ගහන ඉන්දියාව ලිස්ට් එකේ නැත. පුදුම මානව හිමිකම්.
දියුණු රටවල් වැඩ කරන්නේ මොලෙන්.. නොදියුණු රටවල් වැඩ කරන්නේ පපුවෙන් හා තුවක්කුවෙන්. ඒකයි මෙතන තියෙන වෙනස. කොහොමත් ලංකාව හිරිහැරවලට උපන් හපන් අයනේ. බලන්න ලිස්ට් එක .
ඔවු ලංකාවේ අපිට හරිම හිරිහැර. පොලීසියෙන් ඇවිත් මාස්ක් දාගන්න කියනවා. පොලීමේ මීටරයක් ඇතින් ඉන්න කියනවා. බස් එකක සීට් ගානටවත් මිනිස්සු දාන්නේ නැ.
ඉන්දියාව මේ ලිස්ට් එකේ නැත්තේ ඇයිද දන්නේ නැහැනේ...?
ජනගහනයට අනුව පිලිෆීනයට සාපේක්ෂව අප රටේ ඒක පුද්ගල අත්අඩංගුවට ගැනීම අධිකයි... ඒත් මිනිස්සු නීතිය නොසලකා වැඩ කරනවා...
මානව හිමිකම් ගැන මෙයාලට කතාකරන්න පුලුවන්ද? මේ අයම තමයි අනෙක් අයගේ මානව හිමිකම් විනාශ කරන්නේ.
ඇත්තටම මේ මානව හිමිකම් කාර්යාලයේ ඉන්නේ පෙර පාසල්වත් නොගිය අයද?
රජයේ හා පෞද්ගලික ආයතන වල, අගනුවර ප්‍රධාන කාර්යාල විවෘත කරන්නෙ කවදාද?
ඉන්දියාව ලිස්ට් එකේ නෑ කියන්නේ එයාලගේ ක්‍රමය මානව හිමිකම් වලට ගැටළුවක් නෑ කියන එකද නැත්නම් තියන යම් සබඳතා නිසාද?