(මොහොමඩ් ආසික්)
දිවයිනේ පුරා පනවා තිබූ ඇඳිරි නිතිය දිස්ත්‍රික් 21 ක අද (28) වනදා ඉවත් කරනු ලැබූ නමුත් මේ වන විට හුදකලා කර ඇති මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශය තව දුරටත් හුදකලා ප්‍රදේශයක් වශයෙන් පවත්වාගෙන යාම හේතුවෙන් අකුරණ ප්‍රදේශය ඇතුලත් අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශය තුල තව දුරටත් ඇඳිරි නිතිය ක්‍රියාත්මක බැවින් සියලු වෙළඳ සැල් වසා දැමීමට පියවර ගෙන තිබිණ.
අද 28 වනදා උදේ වන විටත් ඇතැම් වෙළඳසැල් විවෘත කර තිබුණද පසුව පෙරවරු 8.00 පමණ වන විට පොලීසිය කළ දැනුම් දීම මත එම වෙළඳ සැල් සියල්ලද වසා දැමීමට පියවර ගනු ලැබීය.
පොලීසිය ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් දැනුවත් කළේ අකුරණ ප්‍රදේශයේ තව දුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් ජනතාවට ඒ අනුව කටයුතු කරන ලෙසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්රදේශයට සීල් තියලා දාන්න හැමදාටම.
පිටිගල මිලානෝ, පොඩ්ඩක් පොළවේ පය ගහලා ජීවත්වෙන්න උත්සාහ කරන්න. මේ ප්‍රදේශය සදහටම සීල් තිබ්බොත් ඒවායේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ ? ඒ මිනිස්සු කන්නේ මොනවද ? ඔයා කැමතිද ඔයා ඉන්න පළාතම හැමදාටම සීල් තියනවාට ? නිකම් අකුරු දැනගත්තු පලියටම මේකේ ලියන්න එපා. ලියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ලියන්නේ මොනවද කියලා.