(සුජිත් හේවාජුලිගේ)

මෙරට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය  කළේය

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීය.

මේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකර බොරු සංඛ්‍යා ලේඛනවලින් ජනතාව රවටන අන්දවන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් රටේ ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

සෑම විටම සත්‍ය කතා නොකර බොරුව වපුරා ගැටලු නැති බව පෙන්වමින් කිරිපිටි, ඉන්ධන මිල ආදිය වැඩි කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය.

ඉන්ධන හා කිරිපිටි මිල ඉහළ යනු ලබන්නේ රටේ ඇති ආර්ථික අවදානම හේතුවෙන් බවත් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.