(කේ බුද්ධික කුමාරසිරි සහ උපාලි රණවීර)

පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙහි නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) දින රාත්‍රී කිසිවෙකු ඇතුලු වී ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ බව පූගොඩ පොලිසිය පවසයි.

අදාල නඩු භාණ්ඩ කාමරයට ඇතුලු වූ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි බවත් සැකකරු 25 දින අධිකරණයට පැමිණ එහි සැඟව සිට රාත්‍රී කාලයේදී නඩු භාණ්ඩ කාමරයට ඇතුලු වී ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

එම නඩු භාණ්ඩ කාමරයට ඇතුලු වූ සැකකරු එහි තිබූ මුදල් සේප්පුව කඩා හෝ ගිනි අවි කිසිවක් සොරා ගෙන නොමැති බවත් මත්ද්‍රව්‍ය සොයන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.