
(යොහාන් භාසුර)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එකම අඩුපාඩු අසැබි වෙබ් අඩවිය ඇතුළත්කර තිබීම නොවන අතර එහි අඩුපාඩු 160 කට වැඩි සංඛ්‍යාවක් පැවැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ලෙසින්ම වහාම ක්‍රියාත්මක කරන ලෙස රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මේ දිනවල දිනපතා දැකිය හැකි මෙන්ම ඒ අතරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑ ඇයි කියලා ආණ්ඩුවෙන් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වන බවත් මහ පාරේත් සම්මන්ත්‍රණවලත් ඇහෙන දේවල්වලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන අයට ඒ ගැන මෙලෝ හසරක අවබෝධයක් නොමැති යැයි පැහැදිළි වන
බවත් ගම්මන්පිල මහතා කීය.
එක විෂයක එක මොඩියුලයක තිබුණු එකම එක වැරැද්දක් නිසා ප්‍රතිසංස්කරණ වසරකට කල්දැමීම වැරදි යැයි උද්ඝෝෂකයන් පවසන අතර එය ඇත්තෙන්ම වැරදි මතයක් බව කී ගම්මන්පිල මහතා පැවසුවේ ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අඩුපාඩු 147ක් හඳුනා ගෙන තිබෙන බවත්ය.
ඒ අතරේ විද්වතුන්, දේශපාලකයින් සහ සමාජ ක්‍රියාකාරින් දිනපතා මේවායේ ඇති අඩුපාඩු පෙන්වනවා දෙන බවත් ඒ පෙන්වන අඩුපාඩු වෘත්තීය සමිති කියන අඩුපාඩු 147 තුළ තිබෙනවා ද කියා නොදන්නා අතර ඒවා ගුරු වෘත්තීය සමිති කියන අඩුපාඩු 147 තුළ නැතිනම් අඩුපාඩු ගණන 160 ඉක්මවන බවත් ඔහු කීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හයේ ඉංග්‍රිසි මොඩියුලයේ තිබුණු අසැබි වෙබ් සබැඳිය විතරයි කියන මතය සමාජ ගත කරන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයත් දායක වුණා කියන එක කණගාටුවෙන් වුණත් කියන්න වන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී මුළු විපක්ෂයම කතා කලේ ඇසැබි වෙබ් අඩවිය ගැන පමණක් බවත් ගම්මන්පිල මහතා සඳහන් කලේය.
මාසයක් පුරා අසැබි වෙබ් අඩවිය ගැන සමාජගත වී අවසන් අතර අසැබිකරණය ගැන නැවත නැවත කියන්න දෙයක් නොමැති යැයි කී ඒ මහතා ගුරු වෘත්තීය සමිතිවලින් අඩුපාඩු 147න් 50ක් ඉල්ලා ගෙන විවාදයේ කථිකයින් අතර බෙදාගෙන කතා කළා නම් උද්ඝෝෂකයෝ තමන්ගේ දරුවන්ට දෙන්න කියලා තමන් ඉල්ලන්නේ මෙතරම් අඩුපාඩු තිබෙන එකක් ද යැයි ලැජ්ජාවටත් බියටත් පත්වන බව ද සඳහන් කළේය.
නමුත් ඒ විවාදය පැවැත්වුණේ උද්ඝෝෂකයින්ගේ මතය සාධාරණ වන විදියට වන අතර විවාදය අවසානයේ ජනතාවට හිතුනේ අසැබි වෙබ් අඩවිය තිබෙන කොලය ගැලෙව්ව නිසා දැන් ප්‍රශ්නය විසඳිලා යැයි කී ඒ මහතා ජනාධිපතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්දමන විට පාඩම් ඒකක අඩුපාඩු, අසම්පූර්ණ ගුරු පුහුණුව සහ තාක්ෂණික දෝෂ කියන කාරණා නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත්තා යැයි සඳහන් කළ බව ද කීය. ආණ්ඩුවෙන් කරගෙන යන සම්මන්ත්‍රණවලදී තිබුණු අඩුපාඩුව සකසා දැන් ප්‍රශ්නයක් නෑ කියන එකෙන් පහර දෙන්නේ ජනාධිපතිතුමාට නේද යන ගැටලුව මතුවන බවත් හයේ පන්තියේ අළුත් විෂයමාලා අකුලා ගත්තත් එකේ පන්තියේ විෂයමාලා දරුවන්ට දී තිබුණ ද එහි අඩුපාඩුවලින්ම පිරී තිබෙන බවත් පහේ පන්තියේ දරුවෙකුට වුණත් කෝවිලයි මුස්ලිම් පල්ලියයි වෙන් කරලා හඳුනා ගන්න හැකි නමුත් එකේ පන්තියේ ඉංග්‍රිසි මොඩියුලයක කෝවිලක් මුස්ලිම් පල්ලියක් ලෙසත් මුස්ලිම් පල්ලිය කෝවිලක් ලෙසත් නම් කර ඇති බවත් උදය ගම්මන්පිල මහතා කීය.
එකේ පන්තියට පාඩම් ඒකක හදන්නේ පහේ පන්තියවත් සමත් අය නොවෙයි ද? යන ගැටලුවත් ඒ වගේම මොන්ටිසෝරි දරුවෙකුට වුණත් ආච්චිගේ ඡායාරූපය ආච්චි ලෙසත් සීයාගේ ඡායාරූපය සීයා කියලත් හඳුනා ගන්න හැකියාව ඇති බත් ඒ දෙක මාරු වෙනවා කියන්නේ නව පාඩම් ඒකක හදන්න දාලා තියෙන්නේ මොන්ටිසෝරිවත් ගිය නැති පිරිසක් කියන බවත් ගම්මන්පිල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමුන් කරන වැඩ 100% හරිද? පොඩි පොඩි වැරදි හරි නැතිද? Window OS එකෙත් බග්ස් නැතිද තමුන් ආණ්ඩුවේ ඉද්දී කරපු CPC හෙජ් ගනුදෙනුව මතකද? 100% හරි තැනක් බලලා කියනවාද? කාලකන්නියෙක් වෙන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නවා...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වළක්වන්න මෙයාලා මරාගෙන මැරෙන්න වුනත් සූදානම්, මොකද මෙයාලා දන්නවා ඒක තමයි අනාගතේ බයියන් වදකරණ බෙහෙත කියලා...