2017-02-17-ent-20

ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය පිටපත් රචකයෙකු, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, චිත‍්‍රපට රංගන ශිල්පියෙකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු, අංග රචනා ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් පැමිණ ඇති ඔහු දක්ෂතා බොහොමයකින් පිරි කලාකරුවෙක්.

මේ දවස්වලනම් ‘‘හාද’’ කිව්වම ඔහුව දන්නෙ නැති කෙනෙක් නැති තරම් ඒ පිළිබඳව සහ කලා ක්ෂේත‍්‍රයේ ඔහු ආ ගමන් මග පිළිබඳ කතා කරන්නත් සමගින්ම මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. ඔහු පෑ දස්කම් නිසාම විටෙක කලා ක්ෂේත‍්‍රයේ සම්මානවලට පවා පාත‍්‍ර වූ ඒ අද්විතීය කලාකරුවා තමයි සමන්ත කේ. ගමගේ

 

මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නෙ?

2017-02-17-ent-21මේ දවස්වල රූගත කිරීම්වලට තමයි වැඩිපුර සම්බන්ධ වෙන්නෙ. ඒ අතර අනුරුද්ධ ජයසිංහගෙ අලූත් චිත‍්‍රපටය ‘‘මා’’ හි රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේම සිඳු, ආරාරිරෝ සහ තවත් ටෙලිනාට්‍ය කීපයකම රූගත කිරීම් සිදුවෙනවා.

 

සිඳු ටෙලිනාට්‍යයේ රෙජීට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව් ඇත්තටම, මම මීට කලින් ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒවගෙන් ක්ෂේත‍්‍රයේ කීපදෙනෙක් පමණයි මාව දැනගෙන හිටියෙ. නමුත් මම රංගන ශිල්පියෙක් ලෙස සමාජගත වෙන්නෙ රෙජී චරිතය හරහා.

 

රෙජී කියන්නෙ කලූ චරිතයක් වුණත් පේ‍්‍රක්ෂකයො ආදරේ කරනවා?

ඒක මෙහෙමයි. මම හිතන්නෙ කලූ චරිතයක් වුණත් මේ චරිතය නාට්‍යයට බද්ධ වුණු චරිතයක්. ගොඩක් නාට්‍යවලට තියෙනවනෙ එල්ලපු චරිතයක්. නමුත් රෙජී එහෙම නෙමෙයි. නාට්‍යයේ පළමු කොටසෙ සිටම කතා බහට ලක්වුණා. පළමු කොටසෙදි සිඳු යන වාහනේ හුළං අරිනවා. ඒ කොටසින් තමයි මේ නාට්‍යයේ ගැටුම ආරම්භ වෙන්නෙ. ඒ මූලික ගැටුමත් එක්ක ගලාගෙන යන චරිතයක් තමයි රෙජී මට හමුවුණු බොහෝ පිරිසක් කියන්නෙ ඒ චරිතය ආයාසයකින් තොරව හොඳින් රඟපානවා කියලා. විශේෂයෙන්ම ‘‘හාද’’ කියන වචනය ගොඩක් ජනප‍්‍රිය වුණා. ගොඩක් අය මගෙ නමින් දන්නෙ නැති වුණත් මාව දකිද්දී ‘‘හාද’’ යනවා කියලා කියනවා. ඒ තරමට ඒ වචනය පේ‍්‍රක්ෂකයන්ට වැදුණා.

 

ඒ වගේ ජනප‍්‍රියත්වයට පාත‍්‍ර වූ චරිතයක් ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම හරි සතුටුයි. මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා. මම අනුරාධපුරේ ඉඳලා කොළඹ එන්නෙ නළුවෙක් වෙන්න. ඒ අතරතුර මම ක්ෂේත‍්‍රයේ රැුඳෙන්න ගොඩක් දේවල් කළා. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය රචනා කළා. අධ්‍යක්‍ෂණය කළා. අංගරචනා ශිල්පියෙක් විදියටත් වැඩ කළා. ඒත් මේ සියල්ල අභිබවා සිඳු හරහා තමයි පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ. ඒ ගැන සතුටුයි. අද ලැබෙන ප‍්‍රතිචාර සහ මේ ඉන්න තැන ගැන බලද්දී.

 

මුලින්ම කලා ක්ෂේත‍්‍රයට ආවෙ කොහොමද?

මම අනුරාධපුර රාජාංගනයේ නාට්‍ය කරමින් හිටියෙ. ඒ ඉද්දි ජයලාල් රෝහණ සර් අනුරාධපුරේ යොවුන් නිකේතනයෙ වැඩමුළුවක් කරන්න ආවා. ඒ නාට්‍යය වැඩමුළුවට ගියාම තමයි මම දැනගන්නෙ නාට්‍ය හා රං කලාව කියලා විෂයක් තියෙනවා කියලා. ඒ විෂය අනුරාධපුර සෙන්ට‍්‍රල් එකේ විතරයි තිබුණෙ. ඉතින් මම ඒ පාසලට එන්න ඕනෑ නිසා ධරැුඛ වලට මාස 6 ක් එක දිගට පාඩම් කරලා විභාගය සමත්වෙලා නාට්‍යය හා රංග කලාව කරන්න අනුරාධපුරයට ආවා. එහිදී 1996 වර්ෂයේදී මම කරපු නාට්‍යයක් ප‍්‍රථම ස්ථානය ලබාගත්තා. ඉන්පසුව දිගටම නාට්‍යය කරන්න තමයි මගෙ ආසාව තිබුණෙ. පසුව 1997 නාට්‍යයක් කළා. ඒ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලෙ හොඳම නළුවා, හොඳම රචනය ඒ ආදී බොහෝ සම්මානවලට පාත‍්‍ර වුණා. ඒ ආපු ගමනෙදි තමයි ගොඩක් හොඳ නිර්මාණවලටත් දායක වෙන්න ලැබෙන්නෙ. එලෙසින් නිර්මාණවලට ටිකින් ටික සම්බන්ධ වෙමින් ඉද්දි මට ප‍්‍රසන්නජිත් අබේසූරිය මුණගැහෙනවා. ඔහු හරහා නාට්‍ය අධ්‍යක්‍ෂවරු හඳුනාගෙන ඒත් සමඟ මම රංගනය පැත්තට වැඩිදුර යොමුවුණේ.

 

මේ වෙද්දි ටෙලිනාට්‍ය කීයකට විතර සම්බන්ධවෙලා තියෙනවද?

රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය විසි පහක් වගේ තියෙනවා. ඒ අතරින් විලි මල්, හිම කඳු, තුම්මංතැන්න, චක‍්‍ර, මීදුම් අම්මා, සිඳු, තූර්යා වගේ ටෙලිනාට්‍යවලට හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

 

ඔබත් ටෙලිනාට්‍ය නිර්මාණය කරලා තියෙනවා නේද?

ඔව්, මම ලියපු ටෙලිනාට්‍ය තුනක් විකාශය වුණා. සත්කුළු පව්ව, තුම්මංතැන්න, ජීවිතේ හීනයක් කියන නිර්මාණයන්. ඒ වගේම තවත් ටෙලි නිර්මාණ ඉදිරියෙදිත් විකාශය වෙන්න නියමිතව තිබෙනවා.

 

ඔබ කරපු විවිධාකාර චරිත අතර පැවිදි චරිතෙකුත් තිබුණනෙ. ඒ චරිතෙ අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම මම වේදිකාවෙ රංගනය එක්ක ජීවත්වෙලා රංගනය හදාරලා වැඩමුළුවලට සම්බන්ධවෙලා මේ ක්ෂේත‍්‍රය තුළ ලොකු කට්ටක් කෑවා. ඒ තුළ මේ ක්ෂේත‍්‍රයේ රංගන ශිල්පියෙක් ලෙස ස්ථාවර වෙන්න ඕනෑනම් විවිධ චරිත කරන්න අවශ්‍යයයි. ඒකාකාරී ලෙස එක චරිතෙකට කොටුවුණාම ඒ චරිතයමයි ලැබෙන්නෙ. එහෙම වෙද්දි සීමිත කාලෙකින් මිනිසුන්ටත් ඒ දේ එපා වෙනවා. ඒ නිසාම ඒකාකාරී බවින් මිදිලා විවිධාකාර චරිත කරන්න මම ගොඩක් ආසයි. මෑත කාලෙදි මට හමුවුණ හැම චරිතයක්ම එකකට එකක් වෙනස්. ඒක ඇත්තටම මට ලොකු දෙයක් වුණා මගෙ විවිධකාර හැකියාවන් පෙන්වන්න.

 

සමාජජාලා වෙබ් අඩවිවල ඔබ ‘‘හාද’’ වචනය තුළින් ගොඩක් ජනප‍්‍රිය වෙලා ඉන්නවනෙ. විශ්වාසයක් තිබුණ ද එතරම් ප‍්‍රතිචාර ලැබෙයි කියලා?

කිසිසේත්ම විශ්වාසයක් තිබුණෙ නෑ. මේ ටෙලිනාට්‍ය රූගත කරපු පළවෙනිම දවසෙ මෙහි ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ තිළිණ බොරළැස්ස සමඟ මම කතා වුණා මේ කතාවෙදි කුමක් හෝ ඉරියව්වක් නැත්නම් වචනයක් මේ වෙනුවෙන් දාගමු කියලා. මිනිස්සු අතර මතක හිටින දෙයක්. මොකද මීට පෙරත් තිළිණ අධ්‍යක්‍ෂණය කළ ‘‘අම්මා’’ නාට්‍යයෙත් මම හැමවෙලේම ඇහැක් නටවන රංගනයක් කළා. ඒ සිදුවීමත් සමඟම තමයි තිළිණ කිව්වෙ ඔහුගෙ යාළුවෙක් හැමවෙලේම හාද? හාද? කියනවා කියලා. ඉතින් තිළිණ කිව්වා ඒ වචනවලට ගැළපෙන අවස්ථාවට හාද? කියන වචනය එකතු කරමු කියලා. ඒ අනුව තමයි ‘‘හාද’’ වචනය ආවෙ. ඒ වෙලාවෙනම් හිතුවෙ නෑ මේ තරම් ඒ වචනය ජනපි‍්‍රය වෙයි කියලා. අපි ඒ වචනය එක් කළේ මිනිස්සු අතර ජනප‍්‍රිය වෙන්න සහ අනන්‍යතාවයක් හදාගන්න ඒක හිතුවටත් වඩා ගොඩක් ජනප‍්‍රිය වුණා.

 

කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණාම සමන්තගෙ ජීවිතේට ලැබුණු වටිනාකම් ගැන කතා කළොත්?

මම නළුවෙක් වෙන්න කොළඹට එන්නෙ බෙඞ්ෂිට් එකයි. යාළුවෙක්ගෙ ෂර්ට් එකකුයි අරගෙන. ඒ ආපු මම අද වෙද්දි භෞතික අතිනුත් කලාව පැත්තෙනුත් යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. මම අධ්‍යාපන අමාත්‍යංශයේ රැුකියාව කරන්නෙ නමුත් ඒ හැමදේටත් පවුලත් වඩා මම මුල්තැන දුන්නෙ නාට්‍යකලාවට. ඒ නිසයි මේ තරම් දෙයක් කරගන්න පුළුවන් වුණේ. මම මහා ලොකු නළුවෙක් නෙමෙයි. ඒත් මේ ඇවිල්ලා තියෙන ගමන සහ මේ වෙද්දී මගෙ වටා එක්වෙලා ඉන්න පිරිසත්, ඔවුන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරත් මට ගොඩක් වටිනවා. මේ හැමදේම ලැබුණෙ කලාවට සම්බන්ධ වුණු නිසා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

අවසන් වශයෙන් පවුලෙ විස්තර ටිකකුත් කියමු?

මගෙ බිරිඳයි, පුතයි තමයි ගෙදර ඉන්නෙ. බිරිඳ ගුරුවරියක්. පුතා නාදිත්‍ය ගමගේ, ඔහු ලූම්බිණි විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙ. ඒ දෙදෙනාත් රංගනයට සම්බන්ධ වෙලා හිටියා.

 

ධනු විජේරත්න